මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, October 28, 2010
ආදරේ මට දිනා ගන්න
10:27 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිතිවිල්ලක නුඹ ඈවිදින්
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට
රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න
අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට
රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න
අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න
පාසල් විය නිමානොවි
තව මොහොතක් රෑදෙන්න
සිතුම් පෑතුම් කල එලිවී
ආදරේ මට දිනා ගන්න
Labels:
කවි
|
5
comments
Wednesday, October 20, 2010
job එකක් හොයාගන්න
9:26 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අද උදේම අරගෙන ආවේ job හොයන අපේ අයට පොඩි ඔතුවක් ඔන්න උඩ තියන පින්තුරේ උඩ කොටලා බලන්නකෝ ... ඔයලට ගෑලපෙන job එකක් තියන වද කියල ....එහෙනම් හෑමොටම ජයවෙවා..!
කෑමති අය අපේ ෆෝරම් එකටත් සෙට්වෙලා බලන්නකෝ....
Labels:
සමාජ
|
9
comments
Tuesday, October 19, 2010
හෙළ වෙදකම් 1
10:03 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
1 හිසේ කැකුමට
සුදුළුනු,කරපිංචා නැටි රතුළුණු,සුදුරු පොල්තෙලට දමා රත්කර හිස ගැල්විමෙන් සුවවෙ.
2 දත් කැකුමට
අමු ඉගුරු,සුදුළුණු,ගම්මිරිස් සමව ගෙන එකට අබරා දත මුල තබන්න.
3 අකලට දත් සෙල විමට
පොල් මුල්,පුවක් මුල් අරළු ,මුනමල්පොතු සමව ගෙන කොටා තම්බා පකුරු මිශ්‍ර කර කර සෝදන්න
4 දත් මුල් දියවිමට
අරළු තම්බාගත් වතුරට සින්නක්කාරං කුඩු මදටිය ඇට බරදමා කටසොදන්න.
5 දත් පනුවන් කැමට
ඉගුරු ගම්මිරිස් තිප්පිලි දෙහි සමව ගෙන උණුදියෙන් අබරා පණු කෑ කුහර වල තබන්න.
6 කට ගද ගහනවාට
පුවක්,සාදික්කා තල සමවගෙන උදය හිස්බඩ කා ඇල් දිය බොන්න.
7 අළුහම් වලට
ඇත්තොර කොළ යුෂගෙන අව් රශ්මියෙන් කකාරා ඇගෙහි ගා අව්වේ ස්වල්ප වෙලාවක් සිට ස්නානය කර මසකට වරක් අරළු කලං තුනක් ඇස්ස ගැසු තැබිලි ගෙඩිටකට දමා වසා රත්‍රී පින්නේ තබා උදෙට පෙරා පානය කරන්න.
8 විශපෙවු අයුධ වලින් කැපුන විට
වියලි කහ ,වැල්මී සහිද ලුණු එළගිතෙලෙන් අබරා මී පැණියෙන් ගාන්න.
9 කකුලේ කොරල වලට
ඕලිවු තෙල් අලෙප කිරිමෙන් සුවවේ,නිතර නිතර පලතුරු කැම හොදයි.
10 සමේ බිබිලි සදහා
කහ කුඩු තල තෙලෙන් අනා ආලෙප කරන්න
11 පණු කැවිලි දද වලට
ඇත්තොර කොල තම්බා ඒ වතුරෙන් සහ කොලවලින් සොදන්න ඉන් පසු දෙහි ඇබුල් මිශ්‍රකර ඇල්දියෙන් සොදන්න ෆැනල රෙද්දකින් තෙත් මාතු කරන්න..
12 ගෙඩි මොදුවිමට
කුප්ප මෙනිය කොල කොට ලුණු දියර සමග ගාන්න ලේ ඉහිරේ..
13 උණුදිය වැටි පිළිස්සුනාට
ලුනුවරන පොතු ඇල් දියෙන් අබරා ගාන්න
14 තැල්මට
දෙහිකොළ පොතු කහ ලුනු බෙලි කොළ කොටා බදින්න.
15 ගල් තැලුම් වලට
රත් හදුන් කොතමල්ලි කුඩු මි පැනියෙන් අබරා ගන්න.
16 විළුබ පැලෙනවාට
ලුනුවතුරෙන් කකුල හොදින් සොදා විලුබ පුරා රෙදිකඩක් අලවා තිරුවානා ගලක් රත්කර එයින් තවන්න.
17 ඉන්නන් ඉවත් කිරිමට.
පාස්ලි කොළ ඇල්දියෙන් සිනිදුවට අබරා ඉන්නන් මත ගාන්න...
18 කුෂ්ඨ රොග සහා රත්තවාතයෙදි
අමු කහ ,කොහොබ කොල තැම්බු වතුරෙන් සෙදිම හා අමුකහ සමග කොහොබ කොල අබරා කුෂ්ඨයෙහි ආලෙප කරන්න.
19 මුහුනේ කුරුලැවලට
කලාදුරු අල දෙහි ඇබුලෙන් අබරා ගාන්න
මුහුදු හක් බෙලි කටු දෙහි ඇබුලෙන් අබරා ගන්න.
20 ප්‍රමෙහ තුවාලවලට
බිත්තර සුදුමදය ගෙන තොර කොල්යක ගා තුවාලවලට එලන්න.
මෙතනත් තියනවා
Labels:
හෙළ වෙදකම්
|
12
comments
Monday, October 18, 2010
Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10.2010)
9:37 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මෙන්න මම අද ඔයාලට අරගෙන ආවා Photo Shop Plugins කිහිකිපයක් මේවා බාවිතා කරලා ඔයලා කරන නිර්මාණ ලසන කරගන්න පුලුවන් වගේම එවා ඉක්මනින්ම කරගන්නත් පුලුවන් ...මේ වා බවිතාකරලා කරන නිර්මාණ ලස්සන කරගන්න.... මෙතනින් ගිහින් බාගන්න.. නෑත්නම් රුපය උඩ කොටන්න
Labels:
තාක්ෂණික
|
1 comments
නොහඩන් සමණලියේ....
7:44 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සමනලියේ ඔබ හඩන්නෙපා
පිනිපොද වැස්සට තෙමෙන්නෙපා
දුරු කතරේ මා හෙට තනිවෙනවා
සමනලියේ ඔබ මෙහි තනි වෙනවා
පෙම්පුරනා දා සමණල් වයසේ
ඔබට කියාපැ සිහින මලිගා
හෙට ඉදිවියයුතුවෙ මේ පොලවේ.
සිගිති බිළින්දන් මතු උපදිනදා
දහඩිය හෙලලා ඒ වැලි කතරේ
රන්මසු අරගෙන ජයගෙන එනකම්
හිතින් පිරුන ඔය මගේ ආදරයත්
තුරුලු කරන් නොහඩන් සමණලියේ
පිනිපොද වැස්සට තෙමෙන්නෙපා
දුරු කතරේ මා හෙට තනිවෙනවා
සමනලියේ ඔබ මෙහි තනි වෙනවා
පෙම්පුරනා දා සමණල් වයසේ
ඔබට කියාපැ සිහින මලිගා
හෙට ඉදිවියයුතුවෙ මේ පොලවේ.
සිගිති බිළින්දන් මතු උපදිනදා
දහඩිය හෙලලා ඒ වැලි කතරේ
රන්මසු අරගෙන ජයගෙන එනකම්
හිතින් පිරුන ඔය මගේ ආදරයත්
තුරුලු කරන් නොහඩන් සමණලියේ
Labels:
කවි
|
2
comments
Sunday, October 17, 2010
Photoshop Top Secret Tutorials - Full Collection 2010
8:20 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මෙන්න තියනවා Photoshop කරන හෑමොටම් කියාපු බාන්ඩයක් ඔයලා හෑමොටම වෑදගත් වෙවි කියලා හිතුනා බාගන්න පින්තුරය උඩ කොටන්න...
Labels:
තාක්ෂණික
|
2
comments
Friday, October 15, 2010
ඉලංදාරියා ජන සතුකෙරේ....
10:29 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉලංදාරියා ජන සතුකෙරේ....
ඉලංදාරියා මේ මොහොතේ පටන් ජනතාව සතුකරන බව ප්‍රකාශයට පත් කරමි.
Labels:
තාක්ෂණික
|
12
comments
තනිකම දැනේද,,?
9:56 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
නුබ තැනක .....
මා තැනක ...
දෙදෙනාට දෙදෙනාම අහිමිවිය...
මා අතින් වරදක් සිදු නොවුනු බව
නුබට ..
මම දනිමි..
නමුත් නුබ..
කිසිවක්ම නොකියාම..
මගෙන් ඈතට ...
ඇදුනි නුබ..
ගෙවුනු හැම මොහොතකම ....
සිනහව ම රැදුනු මුව...
ඒත් අද...
සොරෙන් ගෙන් පලාගෝස් මගෙන්...
මගේ සිනහව...
මා තනිඋන මුත් ..
ඔබට ........ඒ
තනිකම දැනේද,,?
මා තැනක ...
දෙදෙනාට දෙදෙනාම අහිමිවිය...
මා අතින් වරදක් සිදු නොවුනු බව
නුබට ..
මම දනිමි..
නමුත් නුබ..
කිසිවක්ම නොකියාම..
මගෙන් ඈතට ...
ඇදුනි නුබ..
ගෙවුනු හැම මොහොතකම ....
සිනහව ම රැදුනු මුව...
ඒත් අද...
සොරෙන් ගෙන් පලාගෝස් මගෙන්...
මගේ සිනහව...
මා තනිඋන මුත් ..
ඔබට ........ඒ
තනිකම දැනේද,,?
Labels:
කවි
|
2
comments
රෝසමල් මිට අත තියන්...
1:05 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ආදරේ මග කියා දුන් ඔබ
ගිහින් ඈතට සමුඅරන්..
වෙදනාවෙන් පිරි ලොවක්විතරක්
මගේ තනියට ලග තියන්..
බලා ඉන්නෙ නැවත එනකම්
බලා ඉන්නෙ නැවත එනකම්
රෝසමල් මිට අත තියන්..
පියනගන්නට හැදු මගදිග
පියනගන්නට හැදු මගදිග
අපේ ලෝකෙට ආදරෙන්..
Labels:
කවි
|
6
comments
Thursday, October 14, 2010
වසන්තයෙන් එහා (13)
10:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
වසන්තයෙන් එහා (12)
මේ මම උබලා ඔකෝටම කියන්නේ එන විදිහට වැඩේ දෙමු උබලා "කිරිල්ලිව" කවර් කරපල්ලා මම අම්මා ගැන බලගන්නම්. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ බබා නන්ගිට කියපන් .කිරිල්ලි ලගින් කැපිලා ඇවිත් අපේ අම්මට සෙට් වෙන කියලා .නැත්නම් වැඩේ දෙල් වෙනවා ...තාම කස්ටියම ඇත ඉදන් අපි දිහා බලගෙන ඉන්නවා.
අපෙඋන් ටික ඔක්කෝටම සහ සුද්දෙන් කියලදිලා කරන්න ඕනේ වැඩේ .අපි අම්මලා ඉන්නතැනට ගියා ....
මොකද ලොකු මෙච්චරවෙලා පරක්කු ... ?
මොනවා කරන්නඳ අම්මා අර ලොරිකරයා වැඩේ කැවනේ .....ඉබ්බෙක් වගේ ගාටන්න පටන් ගත්තා ඒකයි පරක්කු උනේ..
අපි අරලොසු කනුව ලගින් පිටත් වෙලා ගුඩ්ශෙඩ් එකට එන්න පටන් ගත්තා මමයි බබානංගියි.දිනෙෂ් මල්ලියි අම්මත් එක්ක ඉස්සර උනා අනිත් කස්ටියට පස්සෙන් එන කියල ඔලුවෙන් කියන ගමන්.
කස්ටිය කථාවක් දාගෙන ගුඩ්ශෙඩ් එකට ඇවිත් සෙනග නැති බස් එකකට නැග්ගා..හැමොටම ඉදගන්න හම්බ උනා.... කොහෙද අපෙ අම්මත් කෙල්ලේක් වගේ ගිහින් අන්තිම සිට් එකෙ ඉදගතනේ ..කරුමේ ..."කිරිල්ලි" ලා ගිහින් ඉස්සරහා සිට් වල ඉදගත්තා
මොනවා කරන්නද ඉතින් මමත් ගිහින් අම්මා ලග වාඩි උනා....කාටවත් හොරෙන් ඇහැක්වත් ගහන්න විදිහක් නැහැනේ .... කිරිල්ලි ලගින්ම එයාගෙ මල්ලි (මස්සිනා කරයා වාඩිවෙලා ඉන්නවා)
අදනම් තිස්තුන්කොටියෙන් එක දෙවිකෙනෙකුටවත් මගෙ මුන බලන්න අමතක වෙලා වගේ .....
අද දවසනම් චාටර් බම්පෙනෙවා වගෙයි.... මොනවා කරන්නද ..? ඉවසා වදාරනවා.....
ඔන්න කොන්දොස්තර ආවා මගේ ලගට ටිකට ...කොහාටද ..?
උඩ සාක්කුවේ දාගෙන හිටිය මොණර පටිය ඈද්දා එලියට ..දිනෙශ් මගෙ ලග ඉදන් මට වැලමිටෙන් අනිනවා.... කීයක්ද ? මාරු නැහැ...
ගම්පොලට ටිකට් 15 ක් දෙන්න .. අපේ මුලුසෙට් එකටම එකපාර මම ටිකට් ගත්තා..(අම්මා දන්නවානම් මේ පංතිවලට දෙන්න දුන්න සල්ලි කියල කොහොමට හිටිවිද )
මම විරයා වගේ ඔකොටම ටිකට් කැඩුවා ..
කොන්දොස්තරයා ටිකට එක පිටිපස්සෙ ඉතුරු ගාන ලියලා මගේ අතට දුන්නා බහිනකොට ඉල්ලගන්න කියලා.
කොහොමින් කොහහරි අපි ගම්පලටත් ඇවිත් .....අසංක අයියා බලන්න රොහලටත් ගියා ... වට්‍ටුවට ගිහින්
අපෙඋන් ටික දැක්කහම අසංක අයියගේ අමාරුව හොහෙන් ගියදදන්නේනැහැ....
කස්ටිය විතරේ අහනවා මම පැත්තකට වෙලා හිටියා ...
අසංක අයියා විටින් විට මගෙදිහා බලනවා මම දැක්කා. මිනිහට පුදුම් ඇති අම්මයි කිරිල්ලි දෙන්නම ...එකට ඇවිත් ඉන්නකොට ...
එක තමා පුදුමයෙන් වගේ මගෙ දිහා බලන්නේ ..
ටික වෙලාවකින් ...
මාතර ඇන්ටියි නුවන් මල්ලියි ත් ආවා...එකියන්නේ අසංක අයියාගේ අම්මයි මල්ලීයි...
අපිත් එක්ක ආවසෙට් එක එක තැන්වල එක එක කතා ..
මම මගෙ ලොකේ අතරමන්වෙලා ...
ඇයිදෙයියනෙ ලගටම ගෙනත්දීලත් කතාකරන්න විදික් නැහැනේ .....
අපි ඇස්වලින් කථා කර තරම්............... කාටවත් නොතේරෙන නිසාම හොදයි..?
අසංක අයියා බලලා එලියට එනකොට මාතර ඇන්ටි අපිට එයාලගෙ ගෙදර යන්න කථාකලා ....
අසංක අයියලගේ ගෙදර තියෙන්නේ ...වැලිගල්ලේ ....
ගම්පොල ඉදන් බස් එක්ක යන්න ඕනේ..
අපි ගම්පලින් පිටත් වෙලා ...වැලිගල්ලට ආවා
එයලගෙ ගෙදට යන්න තියෙනේ පොඩි පටු පරක් දිගේ ....මාතර ඇන්ටියි අපේ මමයි කදේකට සෙට් වෙලා එයලා එයලගෙ කථාවල....අපෙඋන් ගිහින් අම්මලාව කවර්කරනවා මස්සිනා කාරයවත් ඇදගෙන ගිහින්
මමයි "කිරිල්ලි"යි තව දෙතුන් දෙනෙකුයි ..විතරක් පිටිපස්සෙ ඉතුරු උනා..
දැන්නම් දෙවියෝ මට බෙද බෙද හිටිය හැන්ද මාරුකරලද කොහෙදෝ......
ටික ටික අද දවස රහ වේගෙන එනවා..?

වසන්තයෙන් එහා...
|
5
comments
Wednesday, October 13, 2010
වසන්තයෙන් එහා (12)
8:58 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
වසන්තයෙන් එහා (11)
ගොහාගොඩ ට ගිහින් බඩුටික බාලා ගෙදරටම ඇදලා දිලා ප්‍රභාත්ලගේ ලොකු අම්මා හදල තිබුන දවල් කැම හැමොම ඩයිනමෝවට දාන්න පටන් ගත්තා....
ඒ අස්සේ එකෙක් මගෙ කකුල මෙසේ අස්සෙන් පාගවා එක එකා මුනේන් මුන බලාගෙන හිනාවෙනවා . මටමල පනින්නෙ ඔය වෙලාවට තමා මුන් මොකුත් නොකියා මටම හිනාවෙනකොට ....
මොකද ඔයි වෙලාතියෙනේ ....
නැ......මේ උබෙ මුනේ තියන පෙම්පාට ....මේ එක දැකලා හිනාවෙන්නේ... දැන් පෙම්පාට නෙවෙයි තව ටිකකින්... "කිරිල්ලි " අක්කයි උබලගෙ අම්මයි සෙට් උනහම ..ඉටපස්සේ ලෝක යුද්දෙට අපි එපැයැ මුහුන්න දෙන්න.... දැන් ඉතින් වැඩේ අල කරගතනම් විදවපන් ..මෙචරවෙලා කටවහගෙන හිටිය දිනෙෂ් මල්ලි ඔය ටික කියන්නම කට ඇරියනේ...
මගෙ මුනෙ පෙම් පාට තිබුනද කියන්න මම දන්නෙ නැහැ එත් තිබුනනම් මුන්ගේ කතාව ඇහුවාම.මහාවැලි ගගට දාපු පාස් පිඩැල්ලක් වගේ හෙදිලා යන්න ඇති
අච්චර රහට හදල තිබුන දවල් කැම එකත් කන්න බැහැ බැහැවගේ ..මම හෙමිට ඒකත් අරගෙන කුස්සිය පැත්තට මාරු උනා ....
අත හෝදගෙන එලියට ඇවිත් මගෙ උබතෝකෝටිකයට ..මොකද කරන්නෙ කියලා කල්පනාකරන්න පටන් ගත්තා..කරුමේ කියන්නෙ මගෙ ඔලුවට මොකුත්ම එන්නේ නැහැනේ ..හිත අල්ලන්න මළු දැල් දාන්න ඕනේ .හිත සිසිකඩ ගිහින්.
මම කල්පනා කරකර ඉන්නකොට දිනේෂ් ඇවිත් මගෙ පිටට තට්ටුකරා ..ඕයි මොකද ඕයි මුනේ හැටිබලපන්කෝ ලසනට තිබුන මුන ලොරියකට හැපිච්ච දොඩම් ගෙඩියක්වගේ වෙලා ...බයනැතුව හිටපන් අපි මොනවහරි කරමු බං මොන්වහරි කරන්නනම් ඔනේ තමයි ඒත් මොනවද බං මෙවෙලාවේ කරන්නේ..
සමහරවිට "කිරිල්ලි අක්කා" එන්නේ නැතිවෙයි බකන්බුස්සා (කිරිල්ලිගෙ තත්තාට අපේ උන් කියන නම)එන්න දුන්නේ නැද්ද දන්නේ නැහැනේ... එහෙම උනොත් ගොඩනෙ යුද්දෙන් බේරෙන්න පුලුවන් නේ බං වැලයන අතට මැස්ස ගහමු අයියේ .... පිස්සු පිකුදුවෙලා ඉන්නවෙලාවෙ ඇවිත් මුන් මට බණ කියනවනේ .
මේයනවිදිහට ගියොත් මගෙ පපුව උඩට අරවා මෙවා දාල කොත්තුවක් ගහන්න පුලුවන් ගානට රත්වෙනවා.
අපි ප්‍රභාත්ලගෙ නැයො ඔක්කොටම යන්නම් කියල ආපහු එන්න ලොරියට නැගලා මගක් එනකොට අපේ හර්ෂ මල්ලි කියනවා සින්දුවක් කියමුද..?
මම් අහුම්ම්ම්ම් කියල නිකන් හිටියා මට සින්දුකියන්න තමා වෙලා තියෙන්නේ ...
ලාවට ලාවට කස්ටිය ලොරියට් පොඩියට තට්ටු දාගෙන සිංදුකියන්න පටන් ගත්තා ... ..
කස්ටියම දැන් එකසිය ගානට ෆොම් වෙලා සිංදුකයනවා මම දොලොවක් නැතුව කල්පනාකරනවා
"සුදු අසුපිට නැගලා මංගල රතේ තියා ......"
මුන්නන් කියයි මංගල රතෙ තමා දැන් ලවු එක අපේ අම්මට මාට්ටු වෙලා ගෙදර ගිහින් තාත්තා ටත් කීවහාම ....බඩුම තමා අපහු ලෑගපන්කො හිරගේ.... ..
කොල්ලෝ ටික සිං දුකියාගෙනම නුවරටම ආවා ...මට නිකන් පිස්සු පිස්සු වගේ ...ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිත හදාගත්තා.
අපි ඔරලොසු කනුව ලගට සෙට් වෙනකොටම කස්ටියම එතනට සෙට් වෙලා තිබුනා
එකෙක් මචං අම්මා ඇවිත්...
මම හුම් ම්ම්ම්ම්ම්ම්ම්ම්
තව එකෙක්
මචං..."කිරිල්ලි" ඇවිත් කියාගෙන අපි දෑක්ක ගමන් අපිලගට දුවගෙන ආවා...

4
comments
Tuesday, October 12, 2010
වසන්තයෙන් එහා (11)
9:37 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
වසන්තයෙන් එහා (11)
කොහොමින් කොහොම හරි මට නින්ද ගිහින් පහුවදා එලි උනා ...උදේ පාන්දරම දඩිබිඩියේ ඇද පැලද ගෙන ගෙදරින් පිටවෙන්න හදනකෝටම අම්මා අහපි කොහෙද මේ උදේම යන්නේ... අද අසංක පුතා බලන්න යනව කීව නේද .? හපොයි මම හිතුවේ අම්මට සින් එක අමතක වෙලා කියලා....ඒකයි ආදා වගේ ලිස්සලා යන්න ගියේ..
හුම්ම්ම් අද තමයි යනවා කිවේ අද දවල් වෙලා යන්නේ ...යන අය ඔක්කොටම එන්නකීවා 11.00 ඔරලොසු කනුව ලගට ....
එතකොට මේ දැන් යන්නේ කොහෙද..? අද ප්‍රභාත් මල්ලිලගෙ ගෙදර බඩු අදිනවා අම්මා ..එකට මෙ උදේම යන්නෙ .අම්මා අසංක අයියා බලන්න යන්වනම්..හරියටම 11.00 ට ඔරලෝසු කනුව ලගට එන්න.පරකු උනොත් ආපි ඔන්න දලා යනවා...(මටත් ඔනේ කොහොම හරි දල යන්නමනේ ) අපේ සමාධි එකේ සෙට් එකම එයි අම්මා එයාලව අදුරනවනේ අපි ගිහින් බඩු බාලා එනකම් ඉන්න.
මම හෙමිට පල්ලම් බැස්සා ...මම පාරට අවා විතරයි.බෝගම්බර පැත්තේ ඉදන් ආව ත්‍රි විලරයක් මගෙ ලග නතරකලා ... අහා ලොක්කා මනමාලයා වගේ කොහෙද යන්නේ ?...හෙ මම මේ කවුද කියලා බලුවා .මම අස්ගිරියට යනවා..එහෙනම් නැගපන් මමමේ උවමනාවකට මහියාවට යනගමන් ... දෙනදෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමා.. මම ත් ගොඩ උනා වාහනේට .නැත්නම් කවදා සල්ලිවියදම් කරලා ත්‍රිවිලරයක යනවද..හැමදාම කකුල්දෙකෙ සරනේ ..
අපි ඉලංදාරි පිලිසදරක යෙදිගෙනම යන්න ඕන තැනටම ආවා.. මාවබස්සලා මිනිහා කැපුනා...
මම යනකොටත් ලොරි ඇවිත බඩු බාගයක් පටවනවා ඇදගෙන හිටිය කමිසේ ගලවලා ගහක එල්ලලා මාත් වැඩෙට එන්ටර් උනා...කොහොමත් ලොරිය පැයදෙක තුනකින් අපිට පැක්කරගන්න පුලුවන් උනා ..
අපි අස්ගිරියෙන් පිටත් වෙලා බොක්කාවල යන්න පිටත් උනා .....බඩු පටවගත ලොරියට යන්න තියෙන්නේ "කිරිල්ලිලගෙ "ගෙවල් ඉස්සරහයින් මම එතන පාස්වෙද්දිම ඒපැත්ත නිකම්ට වගේ බැලුනා ...හප්පේ ඉන්නවා නෙද ? ..කිරිල්ලි ගෙදර ඉසරහා තියන බංකුවේ ඉදගෙන ..ඒතකොටම ..කවුදෝ මට වැලමිටෙන අනිනවා ..ඒ ප්‍රභාත්...
මම දැක්කා මේ ඔයි හෙමිට් අත වනනවකෝ...මටත් අතවන්න පුලුවන්..එතකොට.. කස්ටිය කැකිරි පලපල අතවන්න පටන් ගත්තා ..මත් හෙමිට අත වනලා ..කල්පනාවට වැටුනා..
දැන් තොවිලෙ හොදම හරිය පටන් ගන්නේ දවල්ටනේ "කිරිල්ලි" යි අම්මයි දෙන්නම සෙට වෙයිද ?දන්නේ නැහැ අම්මට වැඩේමාට්‍ටු උනොත් ඉවරටම ඉවරයි තුන්වෙලටම ලැබෙන ආහාර සලාකෙත් කැපෙන වැඩක් මේක. එකපාරක් ජාමෙ බෙරගත්තෙ බොහොම අමරුවෙන් මේවෙලාවේ මගේදිහාබලුවොත් උඩ ඉන්න දෙවියොම තමයි...අපෙ සෙට් එකේ විහිලු මැද්දේ කොහොම කොහොම හරි අපි ගොහාගොඩටම ආවා..

7
comments
Monday, October 11, 2010
වසන්තයෙන් එහා (10)
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
කිරිල්ලිලාගේ ගෙදරින් බෑහෑලා ඈවිත් අපි ටික විසිරිලා ගෙවල්වලට යන්න ගියා .....දවසපුරාම මත් එක්ක ඈවිදපු මගේ කකුල් දෙක ..මට ඈවිදින්න බෑ බෑ වගේ කියනවා...මම හෙමිට කකුල්ගෙකට අපේ ගෙදර යන වෑඩේ බාර දිලා හෙමිට මගේ කල්පනා ලෝකෙට ඈතුලු උනා .....
එකපාරටම ඔයි..කොහෙද යන්නේ මෑරෙන්නද උබ හදන්නේ ..... මම ගෑස්සිලා ගියා බලනකොට වෑවරවුම ලග කහ ඉරේ වහාන නතර කරලත් නෑතුව ඔහේ පර මරුවෙනවා...හප්පා 99 බෙරුනා මම මටකියාගෙන ඉක්මනට කහ ඉරෙන් මරු උනා... හෑප්පුනානම් අසංක අයියා ලගටම යන්න තිබුනා ...
කනාමෑදිරියන්ගේ පිටහිටෙන් කොහොමහරි ගෙදරට ගොඩ උනා ...ඊලගට එලබෙන්නේ ප්‍රශ්නවිචාරත්මක තරගය ....ඒ බව දෑන දෑනම හෙමින් ම ගෙදරට ගොඩ උනා..මොනව කරන්නද ..ඉතින්...තරගෙ දිනුවොත් රෑටකලා සෑපට නිදාගන පුලුවන්..නෑත්නම් ඉතින්.... බනින බෑනුම් නෑලවිලි ගියක් කියලා හිතගෙන නිදාගන්න වෙනවා...
ලොකු මොකද රෑවෙනකම් කලේ කොහෙද ගියේ. කියල තියනවානේද 5.30 කලින් ගෙදර එන්න කියල ...කොහෙද රස්තියදුවෙ ගියේ...
නෑ අම්මා මාර වෑඩක් වෙලානෙ බලන්නකෝ අපෙ අසංක අයියා බයිසිකලෙකින් වෑටිලා ගම්පොල ස්පිරිතාලේ .... අපි එයව බලන ගියා ..පවු අම්මා මෑහුම් විසිගානක් මම විස්තරේ කියන් පටන් ගත්තා.ගෙදර වාතාවරනයේ එච්චරම අවුලක් පෙන්න නෑහෑවගේ .
අනේ පවු හොද කොල්ලා මොන වින්නෑහියක් කරගත්තද..?
මම කාමරේ ඈදුම් මරු කරන ගමන් හෙමිසිරුවේ විස්තරෙ කියන්න පටන් ගත්තා ...ඒ එක්කම තත්තාගෙ කටහඩත් ඈහේනවා. A/L දෙවනිපාරටත් අද රෑම ලියන වෙයිද දන්නේ නෑහෑ මම හිතුවේ තාත්තා රෑ වෑඩට ගිහින් කියලානේ...
බ්ඩගින්න දරගන්නම බෑරිහින්දා මම හෙමිට සාලෙට සෙන්දූනා . ලොකු මෙහෙ එනවා ....මම හෙමින් සිරුවෙ සෑටියෙ වඩිවෙලා හිටියා තත්තා දිහබෑලුවා .අම්මා කියනෙ ඈත්තද ?අසංක පුතාට මොක්ද කරගෙන තියෙනේ .... (අදනම් අවුලක් නෑහෑ වගේ ) මම ගිහින් හෙමිහිට පුටුවක වාඩිඋනා .....
අම්මා මට බඩගිනි....
දෑන් අසංක අයියගෙ කතාව දවසේ හතර වෙනිපාරටත් ..රිපිට් කරන්න් එපෑයි.....
මම අම්මා බෑදල ගෙනත් දුන්න බත් එක කන ගමන් මල්ලි තමුසෙත් ඈවිල්ල මෙක අහගන්නවා නෑත්නම් තමුසෙටත් කියන්න එපෙයි ...
මිනිහත් ආපේ කතාවට එක්වුනා මම ඉතින් සියල්ල සහසුදෙන් විස්තරකරන ගමන් ඩියිනමෝව පුරවගතා ...
හෙට අසංක අයියා බලන්න මත් එන්න ඕනේ පුතේ. හෙට යනවද..? කකාහිය බත් කට උගුරේ හිර උනා .......
අප්පේ හෙට අම්මත් එයිද ...යන්න ..
අම්මා අපි මෙහෙම කරමු අම්මා අනිද්දා යන්......
එහෙම හොදයිනෙද..?
නෑනෑ හෙට ඔයාලත් එක්ක අම්මා එයි බලන්න යන්න... ඒ තත්තා ..ඉතින් අය කොහොමද වචනේ වෙනස් කරන්නේ. මටනම් දෑන් දාඩිය දන්න වගේ.. හෙට අපිත් එක්ක යන්න "කිරිල්ලි" ආවොත් එහෙම ..සුනෙ සුන්...මම එගෑන හිත හිත නින්දට ගියා මාරම ගෙමක් දිලා මදෑ කිරිල්ලිත් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරා .....

Sunday, October 10, 2010
වසන්තයෙන් එහා (9)
10:14 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සමාවෙන්න ඕනේ මෙ කථාව ලියන්න පරක්කු උනාට
නොසිතු මොහොතක අසංක අයියට අනතුරක් වෙලා ...රෝහල් ගතකලා, මතක අැතිනේ ...ං
නොසිතු මොහොතක අසංක අයියා ට අනතුරක් උනත් අපි හෑමොම කථාවෙලා හිටියේ ....ප්‍රබාත් මල්ලිලාගේ ගමේ ගෙදර යන දවසේ එයාලගේ ගෙදර බඩු අදින්න යන්න.ඒත් අසංක අයියට එකට එන්න බෑරි උනා ....
අසංක අයියා බලන්න ගිහින් අපි කෙලින්ම ගියේ ප්‍රබාත් මල්ලිව හම්බ වෙන්න...අපි එහෙ ගිහින් ප්‍රබාත් මල්ලිට කිවා අසංක අයියා ගෑන.....
ප්‍රබාත දන්න් කියන වදුරු කුනුහරප ඔකොගෙන්ම අපිට බනින්න පටන්ගත්තා....මොනවා කරන්නඳ ..ඉතින් ..මිනිහාව දාලා ගිය පාප කර්මෙට ඔක්කොම අහගෙන ඉන්න උනා.
ඒ ඔක්කොම ආහගෙන ඉදල අපි කතවට බෑස්සා ....
හෙට වෑඩේ කරන්න නෙ කොහොමද අපි උදේම එහෙනම් බඩු අරගෙන යන් මොකද අපිට අසංක අයියා බලන්නත් තියනවනේ ...මොකද කරන්නේ එහෙම කරමුනෙද..?
"මේ ඔයාගෙ කිරිල්ලිට පනිවිඩේ දෙන්නේ නෑද්ද.." ඒ ප්‍රබාත් මල්ලි ..... හුම්ම්ම්ම්ම් දෙන්නත් ඔනේ ..එත් මේ රෑවෙලා ...කොහොමද දෙන්නේ ...
මේ ඕන මගුලක් වෙන්න අපේ සමිතිය පිටින් දාලා ගිහින් කියල එමු..සමහර විට එයයි මල්ලිත් ..හෙට අසංක අයියා බලන්න එවි ..එහෙම කරමු ..මොකද කියන්නේ....
ඔව් එහෙම කරමු හෙට යන්න අවොත් කාටද ආඩම්බර.... ඒ ප්‍රබාත්
මේ එහෙනම් අපි හෑමොටම පනිවිඩේ දෙමු එක හොදයිනේ නේද ? සමිතියේ අය යන එක හොදයි අසංක අයියට පොඩි ගටක් එනවනෙ ආ..එහෙම කරමු ...
අපි කොහොම කොහොම හරි කිරිල්ලිගෙ ගෙදර ගියා ඔන මගුලක් වෙන්න කියලා ....හෙමිට පඩිපෙල නෑගල ගිහින් දොරට තට්ටුකරා ....මම හෙමිට "බකන් බුස්සා" ඉදි ද ... හුම්...අපේ එකෙක් ඈගිල්ලෙන් කට වහගෙන මට කියනවා.... ..
දොර ඈරුනා කිරිලිගේ අම්මා දොර ඈරියේ.. හනෙ මෙයාලනෙ අපි මෙ බලුවා කවුද කියලා...එන්න ඈතුලට
හෙමින් සිරුවේ ප්‍රබාත් පිටිපසෙන්ම අපි ඈතුලට ගියා.....
අදනම් කිරිලිගෙ මුහුනෙන් ගින්දර පිටවෙනවා බලන්න පුලුව්න් අද මම හම්බවෙන ගියෙත් නෑහෑනේ....බඩුම තමා ...
ප්‍රබාත් මල්ලි හෙමින් සිරුවේ කථාවට මුල පිරුවා "කිරිල්ලි"අක්කා දන්නවා නෙද අපේ සමිතියෙ ඉන්න අසංක අයියා ...... කිරිල්ලිය කෑම මෙසයලග පුටුවක වාඩිවිසිට ඔව් ඔව් අපේ උපසභාපති නෙද .. ඉතිං එයට මොකද වෙලා තියෙනේ ... ..හෙමින් මම කටහඩ අවදිකරලා මුල ඉදල ද දවසෙ කතාව කිවා....අපි හෙට යන්න හිතාගෙන ඉන්නෙ සමිතියෙ අය ඔක්කොම ටික ...ඔයාලත් එනවද ,,?
එකනම් කියන්න අමාරුයි මෙකද තාත්තා ගෙන අහන්න ඔනේ.........
ඔව් අහලා හෙට 11.00 ඔරලෝසු කනුව ලගට එන්න එහෙනම්....(ඕනමගුලක් අවොත් ආවදෙන් නාවොත් නාව දෙන් කියල කියල දෑම්මා.).
හරි එහෙනම් එනවනම් ඔයාල 11.00 එන්න මම කියන ගමන් හෙමේට කිරිලියගෙ මුන දිහා බලුවා..මුනෙ ගිනිපුපුරු තිබුනේ නෑහෑ ....තව ටික්ක් වෙලා එහෙ ඉදලා ..හෙමිහිට අපි ටික මාරු උනා ..

කාසිය......
8:32 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
දුප්පත් අය හිගාකන..
පොසත් අය විසිකරන
මණුස්සකම විකිනෙන
ලොව බොහෝදේ වෙනස් කරන
උබ තමයි හේතුව..
දෙපැත්ත පෙරලෙන ...
කාසිය......
පොසත් අය විසිකරන
මණුස්සකම විකිනෙන
ලොව බොහෝදේ වෙනස් කරන
උබ තමයි හේතුව..
දෙපැත්ත පෙරලෙන ...
කාසිය......
හිගන්නා සහ මම අතර එකම වෙනස ..ඔහු..කාසි ඉලා හිගාකන ආතර ...මම ජිවිතයෙන් ජිවිතය ගිගාකයි..
Labels:
කවි
|
2
comments
Thursday, October 7, 2010
පෙම්බරියගේ වියෝව
10:16 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ගැටුන නෙතූයුග ගැටෙනවිට හද
නිවයි දුක් සෝසුසුම් ගන්ගා
ජිවිතේ අරුතක් අරන් නුබ
ජිවිතයම් එලියක් කලා
කදුළු මකුනේ එවන් මොහොතක
සිනහවන් දොරෙගලා
එළිය වැටුනේ මගේ මග දිග
දිනන තෙක් ජිවිතයම ලියා
දැල්වුනත් මෘදු ඉටිපහන් අද
ඔබේ සුවදත් හැන්ගිලා
ජිවිතේ ඔබ අරන් ආ එලි
තවම දැල්වේ හදපුරා..
පෙම්බරියගේ වියෝවෙන් පසු දරුවන් පමනක් ඉතිරිව තනිවුන සැමියෙකුගේ....කදුළු බිදුවක්..

Subscribe to:
Posts (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
October
(17)
- ආදරේ මට දිනා ගන්න
- ධනාත්මක චින්තනය
- job එකක් හොයාගන්න
- හෙළ වෙදකම් 1
- Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10...
- නොහඩන් සමණලියේ....
- Photoshop Top Secret Tutorials - Full Collection 2010
- ඉලංදාරියා ජන සතුකෙරේ....
- තනිකම දැනේද,,?
- රෝසමල් මිට අත තියන්...
- වසන්තයෙන් එහා (13)
- වසන්තයෙන් එහා (12)
- වසන්තයෙන් එහා (11)
- වසන්තයෙන් එහා (10)
- වසන්තයෙන් එහා (9)
- කාසිය......
- පෙම්බරියගේ වියෝව
-
▼
October
(17)
මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
කියවගන්න අමාරුනම් +++