Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, July 29, 2010

PostHeaderIcon ස්තුති කථාව.........




සම්බුදු පියාගේ අපමන ගුනකදට
දොහොත් මුදුන්දී වදිනවා පලමුකොට
සද්ධර්මයේ අපමන ගුනකදට
නැවතත් වදිමි බුදු හිමිගේ නමට

කතරගම,විෂ්ණු,පත්තිනි දැඩිමුණ්ඩ
දෙවියනි හෙටත් මගේ පිහිටට ඉන්ඩ
බුදු හිමි නැමැද මම දෙන පින් ගන්ඩ
ද්ව්‍යලෝක සැප තව තව වැඩිවෙන්ඩ

රොගාතුරව අසරන උන මොහොතේ පටන්
නැසිය පිරිවර පැමිනුනා හතර වටින්
මිතුරු කමේ සවිය නිතර අරන්
මිතුරන් පැමිනුනේ කලකිදේ මතක් කරන්

රෝහල් ගත උනේ කාටත් නොකියාම
සැත්කම් පැමිනුනේ මටත් රහසේම
කලයුතු උනා එය ලහිලහියෙම
එය සිදුවෙලා අහවර විය නොසිතු සේම

සෙනෙහස සමග නැදැකම දෝරේ ගලා
හදවත සැනසුවේ සෙනෙහසින් තෙමා
මිළ මුදලින් පවා මට දුන් දිරිය මනා
හැම සිහිපත් කරමි මගේ දැතත් එකතු උනා

සැත්කම් කාමරය වේත මම අරගෙනයන්න
දහසක් වැඩ තිබුන මිතුරන් ගොන්න
උන්ගේ දිරිය හදවත උනුසුම් වෙන්න
මිතුරන් නිසා බය දැනුනේ නැහැ ඔන්න

වෙදැදුරු දෙපලකගේ සහයෝගය ලැබුනා
සැත්කම් කාමරේ සිටි අය සිහියට නැගුනා
කලයුතු හැම දේම නිව‍රැදිවම කෙරුනා
යුහුසුලු උනනිසා මගේ පණනල ‍රැකුනා

අපමන දුක් ගැහැට හිතතුල ඇවිලුන දා
මාතනිකලේ නැත නුබනම් ඉවතබලා
හැමවිට ආදරේන් මාවට්කොට පවුරු තනා
ඔබ කල කිසි දෙයක් මට අමතක නැත නන්ගා

හදවත පිරුන උනුසුම් සුසුමන් සමග
ලබැදිව දැනෙන මගේ සෙනෙහස සමග
බුදුන් වදින මේ දැතත් එකතු කොට
තුති මල පුදමි මගේ කවිහිත පෙර‍ටුකොට


සින්හල බ්ලොග් අවකාශය වෙනුවෙන් මා බැලිමට පැමිනි පසන්(මගේ සද) දැනගත් මොහොතේම සුවදුක් සොය බැලු වැප් සහද්‍රායාට..සහ ලන්කවේන් බොහොම ඇතසිට නිතැතින්ම මාව දිරිමත් කරන ගිත් (සහෘදයට) සැමමොහොතකම සිත දිරිමත් කල දිල් අක්කාටත් මෙත්ක් කල් මව දිරිමත් කල සියලුම දෙනාටත් මගේ .... අවන්ක ස්තුතිය......!!!!!!
Tuesday, July 20, 2010

PostHeaderIcon යන්න හිතයි මට .........



බාදුරා මල් ගො‍ටුවට
යන්න හිතයි මට
දැන දැනම...
පැහැදිලිව ඇත්ත දැන..

අවසරයි මට ගිහින් එන්නට.........
Monday, July 19, 2010

PostHeaderIcon මදුරුවන්ට බුට් එක.........

ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.
Sunday, July 18, 2010

PostHeaderIcon වැසි නැති මොහොතක දේදුනු පායයි...



අපිට උරුම උනු අපේ ලෝකයක
හෙට හමුවෙමු නන්ගා
වැසි නැති මොහොතක දේදුනු පායයි
නුබේ හිත සොලවන්න එපා
හිරු අහසේ ගිලී ගියත්
දේදුනු පායනවා
නුබේ හිතලග රජවෙන මොහොතේ
මගේ ඇස් බොදවෙනවා

ඉවසා ඉන්නට නුබමේ තරමට
පුරුදු කලේ කොහොම
නින්දා ගැරහුම් අතරින් ඉදගෙන
සිනා සුනේ කොහොම
සිහින මාලිගා විදුරු විලසින්
බිදී යද්දී ‍රැ තුන් යමම
කිසිවක් නොකියා මගේ ලගට විත්
තුරුලු උනේ කොහොම


Friday, July 16, 2010

PostHeaderIcon නුබ සදට වඩා දිලුනේ කොහොමද........




සද මෝදු වෙලා වලකුල් මැද
නුබ සදට වඩා දිලුනේ කොහොමද
සුලන් ‍රැලක් සේ නුබ ඇවිදින් අද
මට ශක්තියක් උනේ කොහොමද

මේගවලාවන් පාවී ඇවිත් යාමෙක
සිතලට උණුසුමක් උනා නුබ
දුක් කදුලැලි පිසලන්නට මගේ ඇස්ලග
නුබ ඇවිදින් නතරකලේ කුමන දෙවියොද

බාදක බිද ජයගන්නට අපේ ජිවිතේ
හිතේ තියන හැමහිනේම හෙට එලිය වෙතේ
ඉවසාගෙන නුබ හිටියොත් මගේ හදවතේ
සත්තයි මම හදනවා රජමදුර ප්‍රිය ලදේ



Monday, July 12, 2010

PostHeaderIcon මදුරුවෝ ඇවිත්.......




රූන්..............රූන්..........

මදුරුවෝ ඇවිත්.......

ආයෙත් බයවෙලා රටම

තමන් කල වැරදි...

මතක් වෙන්නේ එතකොට

පොල් කොම්බ ටින් කැලී

වැලලෙන්නේ එතකොට...

උන් මරන්නේ කොහොමද ...

මතක් වෙන්නේ එතකොට...

පොඩි එකාව බෙරගන්න ...

පැගිරි තෙල් පිහිටයි එතකොට..



වගකිමෙන් යුතුව යුතුකම ඉ‍ටු කරන්න.....
මදුරුවන් බොවනතැන්.... විනාස කරන්න...

ඔබේ ද‍රැවා ගැන පමනක් නොව තවත් දරුවන් ගැන සිතන්න....



Sunday, July 11, 2010

PostHeaderIcon ලග උන්නත් ඔබ.......




හීන දකින්නට අවැසිමුත් මට
සැබැකරගන්නට වරම් නැහැ
හීන බොදවෙන වානම්
හීන වියැකෙන වානම්

ලග උන්නත් ඔබ බොහොම ඈතයි
නුබට දැනුනේනෑ හදවත රිදෙන තරම්
කදුලැල් වැ‍ටුනා නුබට පෙනෙන්නෑ
ලග උන්නත් ඔබ බොහොම ඇතයි

සිහින මාළිගා තැනුවෙමි ‍රැ දිවා
සැඩ සුලගින් සිහින බිදිලා ගියා
පැතුමන් පොකුරු විසිරී ගොසින්
තනිවුනා මා නිම්නයේ ආදරයේ
Friday, July 9, 2010

PostHeaderIcon මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්‍ටුව......




දුර ඇත යාවුන මිතුරුකම....ස්තුතියි මචන්.....

Anonymous said...

උබ අද ලියලා තියන පද අතර සැරිසරන්කොට ඇග හිරි වැටිලා යනවා........

උබට මතකද අපි ඉස්කොලේ ක්‍රිකට් පැට්ට්‍රිස් ගිහින් එනකොට අපි බඩගිනියි කියපුවහම උබ කොලබ විදිය ලග තියන මිඩ්ලන්ඩ් බේකරියෙන් අපිට පාන් අරගෙන දෙනවා .... නිකම් පාන් කන්න බැහැ කියපුවහම ... උබ අදුරන කාඩේකින් උබ අපිට අමුමිරිසුයි රතුලුනුයි අරගෙන දෙනවා ඒවෙලාවේ තියන බඩගින්නට අපිත් කනවා උබත් අපිත් එක්ක රේල් පාරේ ඒවා කකා ගුඩ් ශෙඩ් එකටම එනවා පාරේ මිනිස්සු යනවා බන් ලැජ්ජයි කියපුවහම අපේ සවුක්කිය අපිට උඟේ එවා උන්ට....එහෙම කියල උබ හිනාවෙනවා.

ඉන්ටවල් එක වෙනකම් ඉන්නේ අපි මග බලාගෙන උබේ බතෙක කන්න ....උබලගේ අම්මා අතින් රසට හදපු සමහර දාට උබ කැම ගෙනාවේ නැතිඋනහම අපි අහනකොට කෝ උබේ කැම එක කියලා උබ හිනාවෙවි කියන්වා මගදි හිගන්නෙක් හම්බ උනා ඒයාට දිලා ආවා කියලා.එතකොට ඉතින් අපිට කෙන්තියනවා.අපි උබට බනිනකොට උබ හිනාවෙවී කැන්ටිමට යනවා.අතේ සල්ලි තිබුනොත් සල්ලිවලට කනවා නැතිනම් ණයට කනවා.

උබ යලුවොත් එක්ක සමාධි කියලා යොවුන් සමාජයක් අටව ගත්තා.එක පාරක් වෙසක් එකට උබලා එකතුවෙලා ලොකුවට පාරුවක් හදලා ඒක උඩ බක්තිගිත තරගයක් තිබ්බා.උබ මේ හැමදෙම කරේ හිනාවෙවී හරිම සතුටින්.පොසොන් එකට පන්තියේ කොල්ලො සෙට්වෙලා ආතල් එකේ අනුරාදපුරේ යන්න හදනකොට උබ කියවුවේ .... ඔය ට්‍රිප් එකටනම් එන්න වෙන්නේ නැහැ මචන් කියලා ඒත් උබ මාට්‍ටු උනා සමාදියේ සෙටෙකත් එක්ක ගිහින් පොලිතින් අහුල අහුල ඉන්නකොට.දන්න කියන කුනුහරප වලින් අපේඋන් උබට බැන්න හැටි උබට තාම මතක ඇති. එහෙම බනිනකොට ත් උබ පිලිතුරු දුන්නේ හිනාවෙන්මයි.

උබලා ඉටපස්සේ දවසක මහනුවර ඔච්චර බත් දන්සල් ,බීම දන්සල්... නනාප්‍රකාර දන්සල් තියෙදිදී...මසගනන් මහන්සිවෙලා පැලකරලා උබලා දුන්නේ පැල දන්සලක්....
එකදවසක් අපි පන්ති ඇරිලා එනකොට උබ සරමකුත් ගහගෙන තව සෙට් එකක එක්ක ඉන්නවා මොකද බන් මේ කියලා අහපුවහම උබකියවුවේ මහනුවර වැවරවුම වටේ අලුතින් ගස් හිටවන්න වල්වල් කපනවා කියලා .... උබලා අලුතින් ගස් හිටවලාත් තිබ්බා...

උබ ගැන කියපු මේ හැමදෙයකටම පස්සේ උබ නැතිතන් අපි උබව විහිලුවකට ගත්තේ උබ පිස්සේක් කියලා.එත අදනම් මට හොදටම තේරෙනවා උබ ජිවිතය උපරිමයෙන්නම් වින්ද මිනිසෙක් කියලා.

මම නැවකට නගින්න ඉගෙනගන්න්කොට උබ කිවේ සල්ලි ගෙවලා උබ හිරකාරයෙක් වෙන්න එපා කියලා .අද කොච්චර ලොකු පඩියක් ගත්තත් උබ කිව කතවේ ඇත්ත තේරේනවා. වරායකට ගොඩ බැහැපු ගමන් මට හම්බවෙන නිවඩුවට ලන්කාවට එනවා ආපුගමන් මම හැරේන තැපැලෙන් උබව හොයාගෙන එනවා......


අපෙත් ආයුශාරන් උබ ගොඩක් කල් ජිවත් වෙන්න ඔනේ උබට බුදුසරණයි !

මෙ උබේ පන්තියේ යාලුවෙක් (A.N)

Wednesday, July 7, 2010

PostHeaderIcon නොකියා සිටියෙමී........






නොකියා සිටියෙමී බොහොසේ නිහඩ වෙලා
මම නම් හැඩුවේ නෑහැ ඒ දුක් කදුලු සලා
ආවත් ඉතින් මගේ ලගට ගමන නිමාවෙලා
කල් දමදමා සිටියත් මට හොදටම පමාවෙලා

ගෙවුනා බොහෝ කල් මේ මිහිතලය මත
කලයුතු වැඩ කොටස තවමත් ඉවර නැත
දිරිගෙන සිටියමුත් ඉවසාගෙන මගේ හිත
ලග ලග පැමිනෙනවා ඒ සිහිනයට තිත

මතකය තුලදි හැම මොහොතෙම රජවෙනවා
උනු හැමදේම එකිනෙක මට සිහිවෙනවා
යුතුකම් ඉතිරි මුත් මට කාලය එල බෙනවා
කල පින් සිහිකරමි අද මම නින්දට යනවා


අරගෙන අවේ පොදිබැදගෙන මෙච්චරලු
ගෙවිලා ඉතින් ආයුශ මගේ කෙරවලලු
අරගෙන යන්න ඇත්තෙත් කලකී දේ පමනමලු
මේකවි කියවලා හිත රිදුනානම් සමාවෙන්න මගේ යාලු



Monday, July 5, 2010

PostHeaderIcon මගෙ සිත පුරා නුබේ පියවර තබා.....



මගෙ සිත පුරා නුබේ පියවර තබා
නොසිතු මොහොතක ඇවිත් මා අතරමන් කලා
පිච්ච මල් සුවද මගේ හදවත පුරා
නුබ තවම මගේ ලගින් සිටින බව මට ඉගි කලා

කල්පනා සාගරේ මට කිමිදෙන්නවේ
මගේ පුන්චි හදවතේ නුබෙ මතකය ‍රැදේ
මොහොතකුදු නෙතුපියා ගන්න මට ඉඩක් නැහැ
නෙතු දැලේ නුබ ඇවිත් සිහසුන අරා රජකලා

සුලගේ මේලෙස සත්සර මා මුසුකලා
නුබ කොහේ සිටියමුත් ඇසේ යයි කියා
නුබ ලොව හැරගිහින් මෙලොව මා තනිකලා
මටත් එන්නට කියන් නුබ දැන් කොහේ කියා


Friday, July 2, 2010

PostHeaderIcon සමාවෙන්න දහස් වරේ....!




එක දවසක් මහා වැස්සට
මට නුබේ උනුසුම දුන්නා
මහ වැස්සට නුබ තෙමුනා
මට තෙමෙන්න දුන්නේ නැහැ

අයෙම මට තව දවසක්
ගිනි මද්දහන වෙලේ
නුබේ සිසිල මට දුන්නා
නුබ අවුවේ පිචි පිචි

කන්න දෙයක් නැති මොහොතක
පාසල ඇරිලා එනකොට
නුබේ අතින් අත පුරාම
දුන්නා මට රස පල වැල

දෙපා සත්තු වියරු වැටී
නුබහට හදි කරපු වෙලේ
නුබව රකින්න්ට බැරිවිය
සමාවෙන්න දහස් වරේ


මිහිමඩල සුරකිමු අනාගතය වෙනුවෙන්.....






Thursday, July 1, 2010

PostHeaderIcon නියත වේ මරණයත්....



හිරු නැග එනකම්
සොදුරු බව ‍රැකපන්....
මරනයේ නියත බව ....
නුබ ලොවට කියපන්....

ඇතිවුනොත් යම්දෙයක්....
සදා කල් ලොවෙනැත
කිසි දෙයක්....
අනියත බවින් මගහල දෙයක්....

ඉපදුනොත් යම් කෙනෙක්....
නියත වේ මරණයත්....
උපන් මොහොතෙම දින නියමවේ
මරණයේ දිනයමත්....


මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This