මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, July 18, 2010
වැසි නැති මොහොතක දේදුනු පායයි...
10:32 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

අපිට උරුම උනු අපේ ලෝකයක
හෙට හමුවෙමු නන්ගා
වැසි නැති මොහොතක දේදුනු පායයි
නුබේ හිත සොලවන්න එපා
හිරු අහසේ ගිලී ගියත්
දේදුනු පායනවා
නුබේ හිතලග රජවෙන මොහොතේ
මගේ ඇස් බොදවෙනවා
ඉවසා ඉන්නට නුබමේ තරමට
පුරුදු කලේ කොහොම
නින්දා ගැරහුම් අතරින් ඉදගෙන
සිනා සුනේ කොහොම
සිහින මාලිගා විදුරු විලසින්
බිදී යද්දී රැ තුන් යමම
කිසිවක් නොකියා මගේ ලගට විත්
තුරුලු උනේ කොහොම
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
July
(12)
- ස්තුති කථාව.........
- යන්න හිතයි මට .........
- මදුරුවන්ට බුට් එක.........
- වැසි නැති මොහොතක දේදුනු පායයි...
- නුබ සදට වඩා දිලුනේ කොහොමද........
- මදුරුවෝ ඇවිත්.......
- ලග උන්නත් ඔබ.......
- මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්ටුව......
- නොකියා සිටියෙමී........
- මගෙ සිත පුරා නුබේ පියවර තබා.....
- සමාවෙන්න දහස් වරේ....!
- නියත වේ මරණයත්....
-
▼
July
(12)
මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
කියවගන්න අමාරුනම් +++
11 comments:
බලාපොරොත්තුව....
අගෙයි.
"සිහින මාලිගා විදුරු විලසින්"
වාහ් මාරයි......මල් 7යි තව එකකුයි.
Beat eka 6/8
දේදුනු පායන මොහොතක පමණයි
අහසේ ඒ සිරියා
නුඹත් ඒ වගෙයි මොහොතක් පමණයි
සිත් අහසේ රැදෙනා
දේදුනු සිහිනයෙ දැවටී නැලවී
ගෙන දුන්නත් සංකා
නුඹ මගෙ ලෝකෙට සඳ සේ පායනු
දේදුනු නැත අගනා
ඉලංදාරියා... මට හිතෙනව ඉලංදාරියාගේ බ්ලොත් එකට ඉලංදාරිය ලියන කවි නිසදැස් වලටත් වඩා ලස්සනට අනිත් අයගේ පෝස්ට් වලට ඉලංදාරියා ලියන කොමෙන්ට් කවි ගොඩක් ලස්සනයි...කියල....
මේවත් ලස්සනයි. කොමෙන්ටු විදිහට ඔයා ලියන දේවල් ඊටත් හොදයි.
හරිම ලස්සනයි මචං. ඇත්තමයි
තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.
අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?
දේදුන්නක ලස්සන අරගෙන නුඹ
මගේ ලොවට එන දිනක අනාගතේ
සුදු සඳ පායයි
නව හිරු නැග එයි
සතුටු කඳුළු රඳවා දෙනෙතේ..!!
හිරු අහසේ සැඟවුනාට
වළාකුළක් නොපෙනුනාට
දේදුන්නක් දකින්න මම
පෙරුම් පුරන්නම්
හීන අහුරු ගුලි කරාන
නුඹෙ හිත ගාල් වෙන්න
නෙතු දල්වා හැමදාමත්
බලාහිඳින්නම්
පට්ටා මචං...
කියන්න වචන නෑ උපරිමයි....
Post a Comment