Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, August 31, 2010

PostHeaderIcon ජිවිතෙ මග ඉතිරිවේ........








අතිතය සුන්දරයි....
ජිවත් වෙන්න මග සාදවයි.....
සිත පුරා පිරුනු සිතුවිලි....
ජිවිතේ මෙය යැයි කියයි......

අප ඉදිරියේ අපේ පැතුමන්
බිම වැටී විසිරී සැලෙද්දී
මතක මංදිර හිතේ ඇදුනම....
සවිය එය වෙයි ජිවිතෙ...

නොසිතු මොහොතක කරදර ආවත්..
හිත සැලෙන මුත් එවයින්...
මතකයේ පුජාසනය ලග
ජිවිතෙ මග ඉතිරිවේ........

 
Thursday, August 26, 2010

PostHeaderIcon හිත පුරා හුරුවෙච්ච...




හිත පුරා හුරුවෙච්ච නුබේ ආදරේ
මොහොතක් පාසා මට දැනෙනා රගේ
හැකිනම් එන්න හිරු කිරණ සේ මාගේ
එලිය කරනු මැන ජිවිතයම අදුර නිවා ලොකේ

ඔබ වෙනුවෙන් බැදි අපමන සිතුවිලි
හිත තුල නලියනවා
නේත් දෙක පියවන මොහොතක ඇවිදින්
නෙතු දෑලේ රජ වෙනවා
සුසුම් වැලක් පවනේ පාකර එවන්න
විහගුන් අතේ ඔයා
හෙට දවසේ ඔබ හමුවන තෙක්
මගෙ හිත ඉවසනවා




Tuesday, August 24, 2010

PostHeaderIcon මේ අන්තිම හැන්දැවයි





මේ අන්තිම හැන්දැවයි ඔබ මා හමුවන්නේ
හෙට දවසේ නැත ආයේ ඔබ මා හමුවන්නේ
බොහෝ කලක් හිත වෙලිලා ඔබ හා
ආයේනම් නෑ ඔබ මා හමුවන්නේ

සුරතේ ‍රැදුනා මොහොතක් පාසා
කාලය දැවෙන ලෙසින්
දුක හා සතුටෙදි මගෙලග උන්නු
තවනම් බැ ඔබ හා යන්නට මේ දිවි ගමනේ

දැස්පියාගෙන කොතරම් හිටියත්
මේ ලොව අදුරු වෙලා
ආලෝකය මට පෙනුන නිසාවෙන්
ඔබ හැරයමි "දුම් වැටියේ " මා


Sunday, August 22, 2010

PostHeaderIcon දිවිමගට එලියක්

දිවිමගට එලියක්


වුවමනාවට වඩා හැම දෙයක් කෙරෙහිම විශ්වාශය තබගන්න එපා ....විශ්වාශය කඩවිම තුලින් ඔබට කලකිරීමක් ඇතිවේවි ...අහේතුක ලෙස කාවවත් අවිශ්වාස කරන්ත් එපා ඔබ කෙරෙහි අනයගේ පැහැදීම නැතිවේවි....

ගොඩක් සෙනෙහසින් යමක් ලංකරගන්න් එපා ....එය අහිමි විම ඔබට විදදරාගත නොහැහිවෙවී. හුගාක් ලගින් බැදිම්ක් ඇතිකර ගන්න එපා.... වෙන්විම ඔබට දුක්ක් ගෙනෙවී....

හැමොම ඔබට අවවාද කරන්න ඉදිරිපත් වෙවි ...මන්ද එය නොමිලයේ සැපයිය හැකිනිසා .... ඒ හැම එකක්ම ප්‍රතික්ශෙප කරන්නත් එපා . ඒවා ඒ අයුරින්ම පිලිපදින්නත් එපා එවා කොතෙක් දුරට ඔබට ගැල පේදැයි බ්ලන්න ඒ අනුව ඔබවිසින්ම ඔබට ලබෙන අවවාද පිළ්ගන්න

කාටවත් ඔබේ ජිවිතයට ගොඩනගාදිය නොහැකියි.ඊට අවශ්‍ය පසුබිම සලසාගත යුත්තේ ඔබමයි මන්ද එය කාගෙවත් නොව ඔබගේම වන බැවිනි........ආදරයෙන් එය ‍රැකගත යුතේ එබැවිනි .

සෑම මතයක්ම දැනගනිම යහපත් වන අතර ඒවා සියල්ල අනුගමනය කිරිම අයහපත් විය හැකිය.

ඔබ දුර්වලයෙකු යැයි නොසිතන්න,නමුත් ඔබේ බොහෝ දුර්වලකම් ඇතිබව සිතට ගන්න සියල්ලෙන් සම්පුර්ණ වන්නන් ලොව සිටිය නොහැක.......

කදුලු සැලිම බොහෝ ප්‍රශ්නවලට විසදුමක් යැයි නොසිතන්න.එසේම සිනහව සතුටේ ප්‍රතිමුර්තියක් යැයිද නොසොතන්න...

එක් පහනකින් තවත් පහන් සියයක් අලෝකමත් කලද ...මුල් පහනේ ආලොකය අඩුනොවන්නේ යම් සෙද .... ඔබ දන්නා දෙයක් අන් අය සමග බේදාගන්න...


* උත්සහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි.ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි...

* යම් නිර්මානයක් ප්‍රයොජන වන්නේ එය පාලනය කල හැකි තරමටය...

* බදුන් දහසක් බිදුනත් කම්නැත දොතින් දිය බොනු හැකිය

* ඔබට ප්‍රසංශාකරන අයට නොව අවවාදකරනායට ආදරය කරන්න

Saturday, August 21, 2010

PostHeaderIcon ඉවසන්න හිත .....




දෛවයෙන් සරදම් ලැබුනිනම්....
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැ‍ටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං

මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා

වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...








Friday, August 20, 2010

PostHeaderIcon එනවද තනියට පවසන්න.....






කිරි පෙන මුතු මත ඇවිදින්න
ලුනු රස සුලගේ සිපගන්න
හිරිගඩු පිපෙනා සීතල මොහොතක
හෙමිහිට රහසේ සැගවෙන්න

ඉර බහිනා තුරු මුමුනන්න
ඔට්‍ටුවට දුවලා යන්න
සිප්පි ඇහිදලා ගනන්කරන්ට
ඉස්සර වගේ දුවලා එන්න

දෑගිලි හෙමිහිට එකිනෙක බැදගෙන
අනන්තයට දුවලා යන්න
මේ සැන්දැවේ මගේ හිත තනිවී
එනවද තනියට පවසන්න


Tuesday, August 17, 2010

PostHeaderIcon අන්තිම වීදුරුව


මගේ පඩියෙන් ගත මුල්ම තැග්ග...
උබේ අතට ලස්සන මුද්දක්...

හම්බකරපු හැමදේම වියදම් කලේ
උබව සතු‍ටු කරන්න....

අද වේරලේ අපි තනි උන්හම....
උබ් කියනවා මට අදරේ කලේ විහිලුවටලු

අතේ දාගෙන හිටිය මුද්ද ගලවලා ....
මගේ මුනට දමලා ගහලා ....
ප්‍රාඩෝ එකක නැගලා උබ ගියහම

උබ කියපු විදිහට මගේ ජිවිතේ ...
විනාස වෙයිද..?

මම නන්නත්තාර වෙලා ....
පිසු හැදිලා උබෙ අපස්සෙන් එයිලු..

එහෙම උනහම උබට සතු‍ටුද....?
මම පිස්සෙක් උනහම....

ගෙදර උන් මට කිවා
ඔය ටික මට වේයි කියලා...
උන් කොහොමද එක දන්නේ
දිවැස් තියනවාද කොහෙදෝ

අවන්හලේ අද තනියම
අදුරු මුල්ලේ මම ඉන්නේ

ටිකටික මට තේරෙනවා ...
මට ටික්ටික වැරදුනබව...

මේ අන්තිම වීදුරුවයි.....
මගේ අතින් අද හිස්වන...
සත්තයි මම බොන්නේනැ....
උබට හිනාවක් වෙන්නට....

මේ අන්තිම වීදුරුවයි...
ජිවිතයට ඉවර කරන...

Monday, August 16, 2010

PostHeaderIcon වලාකුලක නැගිලා ...




වලාකුලක නැගිලා
මට එන්න හිතයි පියබා
ඔබේ සුවද ‍රැගෙන ආපු
සුලං මාවතේ
ඇගිල්ල දිගුකරලා
දේදුනු මැකෙනාවා බලන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ


අයිස්ක්‍රිම් සොයායන්න
පාරේ ඉන්න මිනිස්සුන්ට
හිනාවෙවී ඒක කන්න
අන්තිම පි‍ටු හොරේන් ඉරා
බොට්‍ටු පාකර යවන්න
එදා වගේ තුරුලු වෙන්න
පිනි වැස්සක ආයේ


Sunday, August 15, 2010

PostHeaderIcon ජීවිත කුප්පිය....




මහමග යනකොට.....

හමුවන සියලු දෙනා...

මෙතක් මට හමු වු සියලු දෙනාත්..

බොහොදේ කතාකල අපි..

මට ඇසුන..

මම දු‍ටු...

සියලු දෙත්....

ජිවිතයට ...

කුප්පියක් විය ...

ජිවත් වන්න....


Thursday, August 12, 2010

PostHeaderIcon දුර...





මට පෙනෙන දුර....
මගේ ඇස් දෙකට ...
පෙනෙන දුර....
මම දකින දුර...
මගේ හිත කියවන
දුර...


PostHeaderIcon ඒ පාටලු දැන්....





පාට කන්නඩි ඇහේ දාගෙන...
ලෝකය පාටකර කර ..
බල බල...
මට කියනවා...
මමත් ....
ඒ පාටලු දැන්....


Tuesday, August 10, 2010

PostHeaderIcon සිරකාරයෙක් මං.......





මොකුත්ම ඇහෙන්නේ නැති.........
මගේ ලෝකේ....
බිත්ති හතරක් ඇතුලේ
සිරවෙලා මං.....
බිතිය කාඩාගෙන....
බැම්මෙන් එලියට පැන්නත්....
නිදහසක් කොහෙද බං......
ඕසොන් ස්තරය ඇත්ලේ ....
සිරකාරයෙක් .....
මං.......


Monday, August 9, 2010

PostHeaderIcon කදුලු වැස්සේ මම තෙමුනේ ...



වැහිලිහිනියනේ නුබ ආයෙත් ඇවිදින්..
මගේ ඇසට කදුලු අරන්.........
සන්තකේටම තනි‍රැක්ක හිනාවත්
කදුලුවලට දියවෙලා ගිහින්....


පාට පාට ‍රැදුන ලොවේ
සිතුවම් බොදවෙලා ගිහින්
කදුලු දියට සේදෙනවා
වැලිමාලිගා වීසිරෙනවා

හීන ගගෙන එකතු කරපු

හීන බින්දු විසිරිලා ...
ඔබෙ මතකය අද ඇවිදින් ..
කදුලු උල්පතක් විලා......

කදුලු වැස්සේ මම තෙමුනේ ...

හිත පොඩ්ඩක් නතර වෙලා..
හදවත ගල් ගැහුනා දෙන්...
මම වාතලයට මුසු උන දෙන්...

Friday, August 6, 2010

PostHeaderIcon ලේ රතුපාටයි.........



ජාති බේද කොයින්ද
වර්ග වාද කොයින්ද
බාශාවට වාදයක් තියෙවිද
අපේ හිත නිදහස්ද..
හදිසියේ අනතුරක් උනදාක..
වර්ගවාද,ජාතිබෙද,බාශාව ගැන හොයන්වද..?
Rh සාදකය බලලා ....
කාගේ උනත් ..කාට උනත්...
ලේ දෙනවද..?

ලේ රතුපාටයි.........


Wednesday, August 4, 2010

PostHeaderIcon අපේ වරදින් පැතිරෙන ඩෙන්ගු.

මේක ඉලන්දාරියාට ආව ඉ-මේල් එකක්......
පින්තුරය උඩ ඔබලා ලොකුකරගන්න..


කරුනාකර හැකිතරම් බෙදාහරින්න....


මේක පොස්ට් කලේ ඉලන්දාරියාගේ ඉල්ලිම පිට ඉලන්දාරියාගේ ආදරනීය මල්ලී....
Monday, August 2, 2010

PostHeaderIcon මහනුවර එන්න පෙරහැර බලන්න..........

මහනුවර එන්න පෙරහැර බලන්න
දළදා වදින්න හිත පින් පිරෙන්න
මේ පින් බිම රකින්න ඔබ හිතට ගන්න
ලොකයට උරුම උන පමනින් ‍රැකේදැයි සිතන්න

වාඩිකොලේ වාඩිකොලේ අරන් ඉදගන්න
මේ අපේ තැන මේ අපේ තැන පොරකකා අල්ලන්න
කිසිකෙනෙක් මෙහි එන්න එපා ඉසරලා අපිඅවේ ඔන්න
වෙනතැනක ඉඩ අල්ලන් පෙරහැර බලන්න

අරන් ආව පොලිතින් මලු කඩදාසි කැලී
වාඩිකොලේ වතුර බෝතල් අරගෙනම යන්න
කිසිවක් මේ බිමේ මග දාල යන්න
පින් බිම ‍රැකගන්න මොහොතක් සිතන්න

සිල්වත්ව ගුනවත්ව සුදුවතින් එන්න
අවට සිරි සොබනයි ඒවත් බලන්න
පරිසරයට ආදරේන් එය රසවිදින්න
ආයෙත් නුබ එනකම්ම ඒරස ‍රැකෙන්න
Sunday, August 1, 2010

PostHeaderIcon මට ආදරේ කරන්න........



මට ආදරේ කරන්න මගේ හිතට ලන්වෙලා
මට සිනහා නගන්න ඔබේ ගතට ලන්වෙලා
සිහින මට බලන්න ‍රැයෙහි නිදිවරා
කදුලින් වෙන්ව ඉන්න මට සිනහ සලා

ජිවිතයක් ගොඩනගන්න මුල්ගලක් තියා
මගුල් පොරුව මතතියාගෙන දැගිලිත් බැදලා
දෙගුරු නෑසිය වරන් අරගෙන පොරුවෙන් බැහැලා
අපේ ලෝකෙට පියනගන්නට එනවාද දුවලා

කටකාර පුතෙකුයි හැඩකාර දුවෙකුයි තොටිලි මත තියලා
අපේ දිවියට අලුත් අරුතක් අරගන්න කියලා
අපි එදා මැවු සිහින අරගෙන එන්න නුබ දුවලා
මග බලාගෙන තරු ගනින්නේ නුබ එතැයි කියලා


මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This