Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, July 18, 2010

PostHeaderIcon වැසි නැති මොහොතක දේදුනු පායයි...



අපිට උරුම උනු අපේ ලෝකයක
හෙට හමුවෙමු නන්ගා
වැසි නැති මොහොතක දේදුනු පායයි
නුබේ හිත සොලවන්න එපා
හිරු අහසේ ගිලී ගියත්
දේදුනු පායනවා
නුබේ හිතලග රජවෙන මොහොතේ
මගේ ඇස් බොදවෙනවා

ඉවසා ඉන්නට නුබමේ තරමට
පුරුදු කලේ කොහොම
නින්දා ගැරහුම් අතරින් ඉදගෙන
සිනා සුනේ කොහොම
සිහින මාලිගා විදුරු විලසින්
බිදී යද්දී ‍රැ තුන් යමම
කිසිවක් නොකියා මගේ ලගට විත්
තුරුලු උනේ කොහොම


11 comments:

Shadow/හේමලයා said...

බලාපොරොත්තුව....

Jay said...

අගෙයි.

වැප් said...

"සිහින මාලිගා විදුරු විලසින්"

ගීත් (සහෘදයා) said...

වාහ් මාරයි......මල් 7යි තව එකකුයි.
Beat eka 6/8

Anonymous said...

දේදුනු පායන මොහොතක පමණයි
අහසේ ඒ සිරියා
නුඹත් ඒ වගෙයි මොහොතක් පමණයි
සිත් අහසේ රැදෙනා
දේදුනු සිහිනයෙ දැවටී නැලවී
ගෙන දුන්නත් සංකා
නු‍ඹ මගෙ ලෝකෙට සඳ සේ පායනු
දේදුනු නැත අගනා

Anonymous said...

ඉලංදාරියා... මට හිතෙනව ඉලංදාරියාගේ බ්ලොත් එකට ඉලංදාරිය ලියන කවි නිසදැස් වලටත් වඩා ලස්සනට අනිත් අයගේ පෝස්ට් වලට ඉලංදාරියා ලියන කොමෙන්ට් කවි ගොඩක් ලස්සනයි...කියල....

මේවත් ලස්සනයි. කොමෙන්ටු විදිහට ඔයා ලියන දේවල් ඊටත් හොදයි.

හෙළයා said...

හරිම ලස්සනයි මචං. ඇත්තමයි

දුමී said...

තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

Anonymous said...

දේදුන්නක ලස්සන අරගෙන නුඹ
මගේ ලොවට එන දිනක අනාගතේ
සුදු සඳ පායයි
නව හිරු නැග එයි
සතුටු කඳුළු රඳවා දෙනෙතේ..!!

චේජනා said...

හිරු අහසේ සැඟවුනාට
වළාකුළක් නොපෙනුනාට
දේදුන්නක් දකින්න මම
පෙරුම් පුරන්නම්

හීන අහුරු ගුලි කරාන
නුඹෙ හිත ගාල් වෙන්න
නෙතු දල්වා හැමදාමත්
බලාහිඳින්නම්

සෝරෝ said...

ප‍ට්ටා මචං...
කියන්න වචන නෑ උපරිමයි....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This