Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, July 7, 2010

PostHeaderIcon නොකියා සිටියෙමී........

නොකියා සිටියෙමී බොහොසේ නිහඩ වෙලා
මම නම් හැඩුවේ නෑහැ ඒ දුක් කදුලු සලා
ආවත් ඉතින් මගේ ලගට ගමන නිමාවෙලා
කල් දමදමා සිටියත් මට හොදටම පමාවෙලා

ගෙවුනා බොහෝ කල් මේ මිහිතලය මත
කලයුතු වැඩ කොටස තවමත් ඉවර නැත
දිරිගෙන සිටියමුත් ඉවසාගෙන මගේ හිත
ලග ලග පැමිනෙනවා ඒ සිහිනයට තිත

මතකය තුලදි හැම මොහොතෙම රජවෙනවා
උනු හැමදේම එකිනෙක මට සිහිවෙනවා
යුතුකම් ඉතිරි මුත් මට කාලය එල බෙනවා
කල පින් සිහිකරමි අද මම නින්දට යනවා

අරගෙන අවේ පොදිබැදගෙන මෙච්චරලු
ගෙවිලා ඉතින් ආයුශ මගේ කෙරවලලු
අරගෙන යන්න ඇත්තෙත් කලකී දේ පමනමලු
මේකවි කියවලා හිත රිදුනානම් සමාවෙන්න මගේ යාලු

31 comments:

RanDil said...

මේ ඔයා වෙන කෙනෙක්ගේ ඇහෙන් බලා ලියපු ලියැවිල්ලක් නේද යාළු?

පිස්සා පලාමල්ල said...

ඇයි බන් උබ මේ වගේ ඒවම ලියන්නේ.... ???

Shadow/හේමලයා said...

මරණය
මිටින් ගෙන පැමිණ...
සිරකොට අගුලු ලා
සිත යට.....
පැමිණි දිනට
යලි සිහි කොට....
වැලපී ලැබේවිද
කිසි ඵල.......

තනිවම ඉපිද.......
හුදෙකලාව
මිතුරු කොටගෙන...
අප සිතම
රවටාගෙන.....
හිඳ මියෙමු...
සහස් දන මැද...
තනිවම.....

ගීත් (සහෘදයා) said...

අඩෝ ලියනවා කියලා මෙහෙමත් ඒවා ලියන්ට එපා බං. හෝස් ගාල යනවනේ.

වන්නි said...

ඔහොම තමයි හොඳ එළ බ්ලොගර්ස්ල ඉන්නට ඕන
මළ මොහොතෙත් බ්ලොග පැත්තට එන්නට ඕන
යන්න කලින් පෝස්ට් එකක් දාන්න ඕන
අපේ කොමන්ට්ස් එළෙව ඉඳන් බලන්න ඕන

(දිව්‍යලොකයේ මෙහේට වඩා හයිස්පීඩ් ජාල කනෙක්ෂන් ඇති නිසා ඉලංදාරියට වැඩේ කළ හැක)

මොනා වුනත් සිරා කවිය... කිව්වත් වගේ හොස් ගාලා යනවා... වගකීම් යුතුකම් මතක්වෙලා...

Jay said...

මොකෝ මේ?

ගල්මල්-Coral said...

ගැඹුරු විමසුමක්, පදපෙල කියවන අතර තුර කතිකාව තුල ජීවත් කරවන්න සමත් රචනය.
පබැදුමක් ලෙස බොහෝ සේ සාර්ථකයි.

දිල් said...

මේ............මළ විකාර හිතන්නෙ නැතුව හිත හිඳින් ඉන්න බැරිද ? කී පාරක් කිව්වද ඕක ?

ඉලන්දාරියට දිල් අක්කගෙන් හොඳවායින් අහගන්න ඕනෙ වෙලාවගේ .......... ;/

කට පරිස්සම් කරගෙන ඉස්සරහට කරන්න යන ඔපරේෂන් එකට මානසීකව ශක්තිමත් වෙන්න. තේරුනාද

වන්නි said...

අඩේ මචං සොරි වෙන්න ඕන ඉස්සෙල්ලා දාපු කමන්ට් එකට. මම හිතුවේ මේක නිකං පබැඳුමක් කියලා... ඒත් මේ "දිල්" ගේ කතාවට පස්සේ මට බයත් හිතෙනවා මේ පබැඳුම ඇත්තක්ද කියලා... එහෙනම් සමා වෙන්න. ඒක ඇත්ත නම් හිත හදා ගන්නට සියළු ශක්තිය ඔබට ලැබේවායි පතමි.

ඉලංදාරියා said...

රන්ඩිල් ට

මේ පදපෙල මට හුගක්ම සමිපයි

ඉලංදාරියා said...

පිස්සා පලාමල්ල

එකට උත්තර මගේ ලග අද නැහැ යාලු..... ස්තුතියි

ඉලංදාරියා said...

හෙමලයා ... ට

උබ හරි මචන් ඒමොහොත එනතුරු මොනවා කරන්නද ....ඒවන් මොහොතක් තිබෙන බව සිහිනොකර....

ඉලංදාරියා said...

ගිත්(සහෘදයා)

සමවෙන්න ඔනේ අපහසු තවයකට මුහුන දෙන්න උනානම්....

ඔබේ ඉ මෙල් ලිපිනය ලැබුනා ..... පසුව හමුවෙමු......

C0de BlUe said...

අයියේ පුලුවන් නම් ඔයාගේ ලව් ස්ටොරි එක ලේබල් කරනදවද , මම අලුතෙන්ම සින්ඩියක්ම යොදාගත්තා feed අරගෙන ස්වයංක්‍රියවම අප්ඩේට් වෙන්න , ඉතින් ඔයාගේ ආදර කතාවට විතරක් අයිති ඒවා feed එකෙන් අදින්න අදාල පොස්ට් ටික එක ලේබල් එකක් යටතේ තියන්න ඕනේ , එකයි !!!

C0de BlUe said...

අනේ ඇයි මේ , පපුව හොස්ගාලා යනවනේ !!!

Anonymous said...

උබ අද ලියලා තියන පද අතර සැරිසරන්කොට ඇග හිරි වැටිලා යනවා........

උබට මතකද අපි ඉස්කොලේ ක්‍රිකට් පැට්ට්‍රිස් ගිහින් එනකොට අපි බඩගිනියි කියපුවහම උබ කොලබ විදිය ලග තියන මිඩ්ලන්ඩ් බේකරියෙන් අපිට පාන් අරගෙන දෙනවා .... නිකම් පාන් කන්න බැහැ කියපුවහම ... උබ අදුරන කාඩේකින් උබ අපිට අමුමිරිසුයි රතුලුනුයි අරගෙන දෙනවා ඒවෙලාවේ තියන බඩගින්නට අපිත් කනවා උබත් අපිත් එක්ක රේල් පාරේ ඒවා කකා ගුඩ් ශෙඩ් එකටම එනවා පාරේ මිනිස්සු යනවා බන් ලැජ්ජයි කියපුවහම අපේ සවුක්කිය අපිට උඟේ එවා උන්ට....එහෙම කියල උබ හිනාවෙනවා.

ඉන්ටවල් එක වෙනකම් ඉන්නේ අපි මග බලාගෙන උබේ බතෙක කන්න ....උබලගේ අම්මා අතින් රසට හදපු සමහර දාට උබ කැම ගෙනාවේ නැතිඋනහම අපි අහනකොට කෝ උබේ කැම එක කියලා උබ හිනාවෙවි කියන්වා මගදි හිගන්නෙක් හම්බ උනා ඒයාට දිලා ආවා කියලා.එතකොට ඉතින් අපිට කෙන්තියනවා.අපි උබට බනිනකොට උබ හිනාවෙවී කැන්ටිමට යනවා.අතේ සල්ලි තිබුනොත් සල්ලිවලට කනවා නැතිනම් ණයට කනවා.

උබ යලුවොත් එක්ක සමාධි කියලා යොවුන් සමාජයක් අටව ගත්තා.එක පාරක් වෙසක් එකට උබලා එකතුවෙලා ලොකුවට පාරුවක් හදලා ඒක උඩ බක්තිගිත තරගයක් තිබ්බා.උබ මේ හැමදෙම කරේ හිනාවෙවී හරිම සතුටින්.පොසොන් එකට පන්තියේ කොල්ලො සෙට්වෙලා ආතල් එකේ අනුරාදපුරේ යන්න හදනකොට උබ කියවුවේ .... ඔය ට්‍රිප් එකටනම් එන්න වෙන්නේ නැහැ මචන් කියලා ඒත් උබ මාට්‍ටු උනා සමාදියේ සෙටෙකත් එක්ක ගිහින් පොලිතින් අහුල අහුල ඉන්නකොට.දන්න කියන කුනුහරප වලින් අපේඋන් උබට බැන්න හැටි උබට තාම මතක ඇති. එහෙම බනිනකොට ත් උබ පිලිතුරු දුන්නේ හිනාවෙන්මයි.

උබලා ඉටපස්සේ දවසක මහනුවර ඔච්චර බත් දන්සල් ,බීම දන්සල්... නනාප්‍රකාර දන්සල් තියෙදිදී...මසගනන් මහන්සිවෙලා පැලකරලා උබලා දුන්නේ පැල දන්සලක්....
එකදවසක් අපි පන්ති ඇරිලා එනකොට උබ සරමකුත් ගහගෙන තව සෙට් එකක එක්ක ඉන්නවා මොකද බන් මේ කියලා අහපුවහම උබකියවුවේ මහනුවර වැවරවුම වටේ අලුතින් ගස් හිටවන්න වල්වල් කපනවා කියලා .... උබලා අලුතින් ගස් හිටවලාත් තිබ්බා...

උබ ගැන කියපු මේ හැමදෙයකටම පස්සේ උබ නැතිතන් අපි උබව විහිලුවකට ගත්තේ උබ පිස්සේක් කියලා.එත අදනම් මට හොදටම තේරෙනවා උබ ජිවිතය උපරිමයෙන්නම් වින්ද මිනිසෙක් කියලා.

මම නැවකට නගින්න ඉගෙනගන්න්කොට උබ කිවේ සල්ලි ගෙවලා උබ හිරකාරයෙක් වෙන්න එපා කියලා .අද කොච්චර ලොකු පඩියක් ගත්තත් උබ කිව කතවේ ඇත්ත තේරේනවා. වරායකට ගොඩ බැහැපු ගමන් මට හම්බවෙන නිවඩුවට ලන්කාවට එනවා ආපුගමන් මම හැරේන තැපැලෙන් උබව හොයාගෙන එනවා......

අපෙත් ආයුශාරන් උබ ගොඩක් කල් ජිවත් වෙන්න ඔනේ උබට බුදුසරණයි !

මෙ උබේ පන්තියේ යාලුවෙක් (A.N)

කුශාන් ඇස් . වන්නිආරච්චි ට...

පිසුද මචො මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ ඔයා වැරද්දක් කරලා නැහනේ...ඔයාව සදරයෙන් පිලිගන්නවා.... මේ පැත්තට..

ඉලංදාරියා said...

@ Ansh Lucky Sri Jay

හිතුනා ලිවා..ඉතින්...

ඉලංදාරියා said...

ගල්මල් කොරල්..ට

ස්තුතියි සහෝ......ප්‍රතිචාරයට....

ඉලංදාරියා said...

දිල ට...

අක්කේ මට බන්නින්න එප හිතේ තියගෙන දුක් වොදිනවට වඩා හොද නැද්ද ඉතින් ලියල දාන එක....

නෙද ?....

ඔන්න මට දින නියම වෙලා අක්කි...මෙල් එකක් දන්නම්කො...

ඉලංදාරියා said...

හිගන්නා ට...

හරි මල්ලි ම්ම හදන්නම්...ස්තුතියි එල වැඩක්....

ඉලංදාරියා said...

@ Anonymous = (A.N)

ලගුකරලා ලියලා ගිහින්..නේ ඉක්මනට ලන්කාවට එන්න ..මම හිටියොත් හම්බවෙන්නම්...අනිවා..ඒ කාලෙනම් මාරම සුන්දර කාලයක්, ම්චෝ කියලා වැඩක් නැහැ...

ඉස්සර වගේ මගේ ජිවිතේ ලස්සන නැහැ මචන්...ඒ හිනහව මකිලා ගිහිල්ලා...

අයේ කව්ඩා හිනාවෙන්නද කියලා තෙරෙන්නෙ නැහැ...

බුදුසරනයි මචන් පරිසමින්...මහමුහුද මැද..

රවා said...

ඉලා මගෙත් හිනාව මැකිලා ගිහිල්ලා මොකක් හරි හෙතුවක් නිසා... හැබැයි දැන් නම් ජිවත් වෙනවා කියාලා තෙරෙනවා.. මචන් කට්ටිය එකතුවෙලා පොඩ්ඩක් හිනාවෙමුද වෙලාවක...?

ගල්මල්-Coral said...

මල්ලියේ නුඹේ පදපෙල පලමුව නිර්මාණයක් සේ කියවා සටහනක් තැබුවා. ඇනෝ ගේ සටහන කියවා අතර මං වුනා. නුඹ දිල් ට ප්‍රතිචාර දක්වලා තියෙන විදිහ කියවා මොනවද කියා සිතා ගන්න බැහැ.

ඒත් මල්ලියේ නුඹට යහපතක්ම පතන්නෙමි.

පිලේ පැදුර said...

හිත හයිය කරගනිං මල්ලි!!!

ඉලංදාරියා said...

රවා..ට

මත මෙහෙම ඉදලා ඇතිවෙලා ඉන්නේ අපි..කවදාක හරි ඉක්ක්මනින්ම හිනාවෙමු...

ඉලංදාරියා said...

ගල්මල් කොරල් ට
උන්නැහේ.. ට

ස්තුතියි දිරි ගන්විමට....හැමදෙකටම

Lonely_Star said...

මට මේ නිර්මාණය දැකල හුගාක් දුක හිතුන සහෝ,මම බැලුවේ නැහැ මේ සැබෑ සිදුවීමක්ද නැද්ද කියල,කවිසිතින් බැලුවා දුක්බරයි සාර්ථකයි හේතුව ඇහැට කදුලක් එන්න තරම් අහිංසක කවියක්.. මෙය ඇත්තක්නම් ධෛර්ය ඇතිකරගන්න, අපේ හැමකෙන්ක්ගේම පැතුම් ප්‍රර්ථනා ඔයා එක්කයි.ඔයාවෙනුවෙන් ප්‍රර්ථනා පිරි මගේ දැත් අද අහසට එසවෙයි.. ඔබට අල්ලාහ් දෙවියන්ගෙය් පිහිටයි..!!

ඉලංදාරියා said...

ස්තුතියි සහෝදරයා...

ඔබේ ප්‍රාර්තනයට ....

නෙරංජි සුලක්ඛනා said...

මේක ඔබ ලිව්වෙ වෙන කාටවත් නෙවෙයි .. ඔබට..අයියෙ ජීවිතේ මේ තරම් වේදනාත්මක නම් තවත් දුක් නොවිඳ ගිය එක ගැන අපි ඔබ එනුවෙන් සතුටු වෙන්නම්...

මේ කොමෙන්ටුවට යටින් ඔයා ස්තූතියි කියලා කවදාවත් දමන එකක් නැහැ.කියලා සිහි වෙද්දි ඇත්තටම මට දුකක් දැනෙනවා.ඒත් හැමෝම කාලයත් එක්ක ඒ දුකට හුරු වෙයි.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This