Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Saturday, January 29, 2011

PostHeaderIcon දෙවි දේවතාවුන් වෑනි මිනිසුන් මෑද.....

ජිවිතේට ඔබ මා කිසිදිනක දෑක නෑතත්
ඔබ ඈවිත් දුන් දිරිය දෑනුනේ මහ මෙරක් ලෙස
මෙතෙක් කල් නොහඩාපු මගේ ඈස් බොද උනේ
 මිනිසත් කමේ සුවද පමනමයි ලංඋනේ
 
ලියන්නට ඔබේනමට වචන මගේලග හිස් උනේ
ස්තුතියි කියන්නට වෑඩියමක් හෙවුවනේ
මා වෙනුවෙන් දසත ඔබ ලියු වචන ගානේ
ඔබලාව දෑකගන්න මා පිං කලයි හෑගුන නෙතයි තෙත් උනේ


සංසාරේ පුරාවට ඔබ හෑමව හමුවෙන්න පතන්නම්
ස්තුතියි කියන වචනයට වඩා දෙයක් මම සොයන්නම්
මිනිසත් කමේ සුවදට ගී ගයන්නම්
බුදුන් වෑන්ද දෑතත් එක් කරන්නම්




නිහඩ ලොව බිදින්න්ට තෑත් දරන මගේ අදර නිය සියලු මිතුරන් වෙනුවන්

37 comments:

තිස්ස දොඩන්ගොඩ said...

කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්...
ඔබ අපේම වේ මගෙ මලයෝ...!

Hishan de Silva said...

අපි හැමෝම ලො ලොකු මිනිස්සු නොව්. අපි හැමෝම ඉපදෙනව මැරෙනව. ඉතින් කාට හරි උදව්වක් කලොත් ඒ ප්‍රංචි උදව්ව හරි හැමදාම මතෙක තියේවි. දැන් ඔබ දන්නවනෙ ඔබ තනිවෙලා නැති බව. අපි වගේ තව හුගක් ඉදිරියටත් ඉදීවි. වැදගත් වෙන්නෙ මොන බාදකය ආවත් හිත ශක්තිමත් කර ගැනීමයි. තමන්ගේ ආදරනීයයන් ලගින් තබා ගන්න. මිනිසුන් වන අපට ප්‍රශ්නද අඩු?

හරී - පිණිපළස said...

ඔය දේ මට උනා නම්, මමත් උඹ වාගේම අසරණයි මල්ලියේ.. අපි ගොඩක් අය කහවනු අතින් අරන් උපන්න අය නෙවෙ. ඒකයි උඹේ දුක මේ හැමෝටම, මේ තරම්ම දැනෙන්නෙ. අනිත් දේවල් ලැබෙයි, හිතේ දිරිය විතරක් පරිස්සම් කරගනින්...

``` Outsider``` said...

මේ රටේ සියයට අනුනවයක් මිනිස්සුන්ටම මෙවැනි අවස්ථාවක් ඇති වුණොත් සහෝදර මිනිස්සුන්ගෙ උපකාර අවශ්‍යයි. ඒක පොදු දෙයක්. ඉතින් ඒක මනුෂ්‍යත්වයේ යුතුකමක් විතරයි. ඔයාට ඉක්මණින්ම හැමදේම අහන්න ලැබෙන්න කියල අපි කවුරුත් ප්‍රාර්ථනා කරනව...

Abeetha Edirisinghe said...

ඉලංදාරියා කොල්ලෝ..... අපි උඹව ගොඩ දානවා කොහොම හරි.....

http://cyberfestival.blogspot.com/2011/01/blog-post_30.html

Anonymous said...

හැම දෙයක්ම ඉක්මනින් යතාතත්වයට පත් වෙන්න කියල මමත් ඔයා වෙනුවෙන් ප්‍රාර්තනා කරනව

රත්ගමයා said...

මොනව කියන්නද බන්....ඔය උඹ බ්ලොග් ලියල හම්බකරගත්තු දේ තමා.....
උඹට අපි ඉන්නවා...........

ස්වප්නා said...

වෙන කෙනෙකුට මෙහෙම දෙයක් උනානං ඔයත් උදව් කරයිනේ. මේකත් ඒ වගේ තමා :) වැදගත්ම දේ ඔයා දිරිමත් ව ඉන්න එක. හිත වට්ටගන්න එපා. ලක්ෂ 30 ක් කියන්නෙ ලොකු ගාණක් නෙවේ. මිනිස්සු ලක්ෂ 40, 50 වාහනත් ගන්නෙ.

Anonymous said...

Hi,
I would like to to know more about your hearing impairement & if possible the Full Audiogram & the recommondation from the ENT consultant & the Audiologist.I have the capacity to help you.
kind regards
rasike attanayake

MaRLaN said...

අපිත් ඉන්නව අයියේ ඕනා දේකට... ඔයාට ඉක්මනට හොද වෙයි

හිස් අහස said...

අපි උඹව අමතක කරලා දලා නෑ ..අපි උඹත් එක්ක ඉන්නවා ..ලංකාවේ කොයි කෙලවරේ හිටියත් මගේ උපරිම සහයෝගය දෙන්නම්..

අපේ කොල්ලට
තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ..

Anonymous said...

ඉලංදාලියෝ.......... අෆි හැමදාම උබත් එක්ක ඉන්නවෝzzzzzzz :D

චතුවා said...

දුක්වෙන්න සැලෙන්න එපා කොල්ලා.. අපි ඉන්නවා උඹත් එක්ක හැමදාටම...

නෙරංජි සුලක්ඛනා said...

අනේ අයියෙ... ඔයාගෙ කන් කොහොමහරි අස්සනවා අපි....ඒක දැන් අපෙත් සිහිනයක්....

෴ හසියා ෴ said...

උඹට තනි වෙන්න දෙන්නේ නෑ බං....දැකලා කතා බහ කරලා නැතත් උඹ මගේම සහෝදරයෙක්...නෑ නෑ අපි හැමෝගෙම සහෝදරයෙක්....

නිසල් said...

බය වෙන්නෙ එපා සහෝ කවදාවත් දැකල නැති වුනත් හිත ඇතුලෙ තියෙන කැක්කුමේ වෙනසක් නෑ.
අපි උබව ගොඩ දානවමයි.
උබ තනි වෙලා නෑ.මේ සයිබර් අවකාසේ ඇතුලෙ උබ වෙනුවෙන් දෙයක් කරන්න ගොඩක් මිනිස්සු ඉන්නවා..

priyantha said...

මෙතන මොනවත් කියනවාට වඩා හොඳයි වැඩේ ඉවර කරල ඇවිත් උඹත් එක්ක දොඩමළු වෙන එක මල්ලියේ. එදාට අපි කතා කරමු. හිනා වෙමු. ඒ දිනය ලඟම එනවා. පේනවනේ වටේ ඉන්න සෙනග කන්දරාව. අවුරුද්දු එකහමාරක් බවසා සිටි ඔබට මේ සුළු කාලය පමණක් ඉවසන්න.
ජයශ්‍රී!!

Anonymous said...

මචං අපි උඹත් එක්ක නෙමෙ ඉන්නෙ.
උඹයි අපිත් එක්ක ඉන්නෙ.
උඹ අපෙන් උදව්වක් ඉල්ලුවා.
අපි උඹට, අපිට පුළුවන් උදව්වක් කරනවා.
උඹත් ඔය ඉන්න ඉන්න ගමන් කාට හරි උදව්වක් කරපන්. එච්චරයි.

බුදුන්ට වඳින දැතෙන් මුන්ට වඳින්න සෙට් වෙන්න එපා. මුන් සෙට් එකම එක තැනකට සෙට් වුණ දවසක උඹට මුන්ව චී..චී.. කියලා හිතෙයි.

Anonymous said...

බයවෙන්න එපා මචෝ.අපි ඉන්නවා.......... නරක කාලය ඉක්මනින්ම ගෙවිලා යාවි..

බුදුසරණයි..

මැණික්(සුළඟ) said...

ඉක්මනින් සුවවේවී. ලෝක්ය තුල තවමත් උනුවන සිත් බොහෝය.
මැණික්(සුළඟ)

අකීකරු හිත said...

ඉක්මනින් සුව ාව්වි නුඹට...

Thameera said...

ඔව්, කලින් ප්‍රතිචාරවලත් තියෙන විදියට හිත වට්ටගන්නෙ නැතුව ඉන්න. දිරිමත් වෙන්න. මේකෙන් ගොඩ එන්න අපි කවුරුත් අත දෙනවා, ඒ ගැන බය වෙන්න එපා.

ගල්මල්-Coral said...

එක්වෙලා සයිබරේ අත්වැල් බැඳන්
අමුණලා මුතු මුතුවැලක් එක් කරන්
කුඩුක්කමක් බබලවන්න වෙර අරන්
මල්ලියේ පන්හිඳක අරුමය බලන්
හැම පැතුම් එකමයි ඉඳින් දිරි අරන්

* කුඩුක්කමක් = pendant

Ravi said...

බය වෙන්න දෙයක් නැහැ, ඉලංදාරියා, අපි ඉන්නව උඹ වෙනුවෙන්,

duliponline said...

මචෝ . . . .
උඹ අසරන වෙලත් නෑ . . . තනි වෙලත් නෑ . . . .
නිකං හිතපං. . . . මේ කොමෙන්ට් දාල තියෙන්නෙ උඹව මූනෙන් අඳුනන්නෙ නැති . . . ඒත් උඹව හදවතින් අඳුනන යාලුවෝ කොටසක්.
මං හිතන්නෑ . . . . මේ යාලුවො ටික උඹව තනිකරයි කියල. . . . . .

dedunu said...

ඇත්තටම තනිවෙලා කියලා හිතන්නම එපා අපි පුලුවන් උපරිමයෙන් උදව් කරනවා අයියේ

තාරා said...

ඔයාට ඉක්මනට සනීප වෙවි...

jhothishalanka said...

ඔයාට සනීප වෙනවාමයි.

Chamalka said...

thawa tikak ivasapan koluwo . umbata aniwaryen saneepa wei .

Anonymous said...

හිත හයියකරගනින් උඹත් එක්ක අපි ඉන්නව බං. මෙච්චර දුරක් ආපුඑකේ පරදින්නෙ මොන හිතකින්ද? තව ඩිංගදුරයි.

easanka said...

To: Rasike Attanayake

Hello Rasika, Thank you lot for your comment on this and it would be great to hear that you could help Dilum. So dear kind man how do we send you the all dicuments that you have requested herewith. if you can send me an email to easankad@gmail.com or else contact me through skype with my Id: "easankad" . I can give you all the documents you want. Im One of Dilum's brother and also the closest friend

thank you for your kindness and help.

Tharindu Chathuranga said...

මචන් උඹ කවදාවත් තනි වෙලා නෑ මේ ලෝකෙ තාමත් හිත හෙද අය ඉන්නවා ඒ අය හැමදාමත් උඹත් එක්කයි

වැඩකිඩ said...

අපි උඹත් එක්ක ඉන්නවා මචන්.. කවදාවත් හමුවෙලා නැතත් උඹ වෙනුවන් උඹේ පසුපසින් මේ තරම් යාලුවෝ පිරිසක් ඉඳීම ගැන සතුටු වෙයන් යාලුවා.. අද ලෝකේ මොන තරම් කුහක උනත් තවමත් මනුස්සකම දන්න මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හිත ශක්තිමත් කරගනින් යාලූ..

dinushka said...

We are always wit u...........

hareendra said...

http://www.facebook.com/home.php#!/pages/Together-help-our-Children-for-their-education/125854440784830
අපි එකතු කරපු මුදල් වලින් රු 9727.00 මුදලක් ඉතුරු වෙලා තිබුන. ඉතින් එකතු කරපු හැමෝගෙම කැමැත්තෙන් ඒ මුදල ඔබේ ශල්‍යකර්මයට දෙන්න අපි තීරණය කලා.ඒ මුදල 10000.00 කරල ඔබේ ගිණුමට බැර කලා.නොදුටු ඔබ වටා ඉන්න මිතුරන් ඔබව තනි නොකරන බව නම් සහතිකයි.
බුදු සරණයි, ඉක්මන් සුව

චතුර විජේකෝන් said...

මල්ලියා... ලියන්න ඕනි බොහෝ දේ අනික් අය ලියලා... සත්තකින්ම දෑසට කඳුලුත් මුවගට හසරැල්ලකුත් එක්වෙන අපූරු හැඟීමක් ඇතිවෙනවා.. ඒ මිනිසත්කමේ සුවඳ මිස අනෙකක් නොවේ... මේ සුවඳ අමතක කරන්න එපා මල්ලියේ... ඔයාට ඉක්මනින් සුව වෙනවා... ඒක ඒකාන්තයි...

අමාවක තරුව @FB said...

අයියා ඇත්තටම ඇස් 2කට කදුලු ඉනුවා...අපේ කොල්ලො ටිකත් සිහින බක්මහ උලෙළ දවසෙ වැඩට බහිනවා..බයවෙන්න එපා. කවදාවත් දැකල නැති වුනත් හිත ඇතුලෙ තියෙන කැක්කුමේ වෙනසක් නෑ.තෙරුවන් සරණයි...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This