Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, July 29, 2010

PostHeaderIcon ස්තුති කථාව.........




සම්බුදු පියාගේ අපමන ගුනකදට
දොහොත් මුදුන්දී වදිනවා පලමුකොට
සද්ධර්මයේ අපමන ගුනකදට
නැවතත් වදිමි බුදු හිමිගේ නමට

කතරගම,විෂ්ණු,පත්තිනි දැඩිමුණ්ඩ
දෙවියනි හෙටත් මගේ පිහිටට ඉන්ඩ
බුදු හිමි නැමැද මම දෙන පින් ගන්ඩ
ද්ව්‍යලෝක සැප තව තව වැඩිවෙන්ඩ

රොගාතුරව අසරන උන මොහොතේ පටන්
නැසිය පිරිවර පැමිනුනා හතර වටින්
මිතුරු කමේ සවිය නිතර අරන්
මිතුරන් පැමිනුනේ කලකිදේ මතක් කරන්

රෝහල් ගත උනේ කාටත් නොකියාම
සැත්කම් පැමිනුනේ මටත් රහසේම
කලයුතු උනා එය ලහිලහියෙම
එය සිදුවෙලා අහවර විය නොසිතු සේම

සෙනෙහස සමග නැදැකම දෝරේ ගලා
හදවත සැනසුවේ සෙනෙහසින් තෙමා
මිළ මුදලින් පවා මට දුන් දිරිය මනා
හැම සිහිපත් කරමි මගේ දැතත් එකතු උනා

සැත්කම් කාමරය වේත මම අරගෙනයන්න
දහසක් වැඩ තිබුන මිතුරන් ගොන්න
උන්ගේ දිරිය හදවත උනුසුම් වෙන්න
මිතුරන් නිසා බය දැනුනේ නැහැ ඔන්න

වෙදැදුරු දෙපලකගේ සහයෝගය ලැබුනා
සැත්කම් කාමරේ සිටි අය සිහියට නැගුනා
කලයුතු හැම දේම නිව‍රැදිවම කෙරුනා
යුහුසුලු උනනිසා මගේ පණනල ‍රැකුනා

අපමන දුක් ගැහැට හිතතුල ඇවිලුන දා
මාතනිකලේ නැත නුබනම් ඉවතබලා
හැමවිට ආදරේන් මාවට්කොට පවුරු තනා
ඔබ කල කිසි දෙයක් මට අමතක නැත නන්ගා

හදවත පිරුන උනුසුම් සුසුමන් සමග
ලබැදිව දැනෙන මගේ සෙනෙහස සමග
බුදුන් වදින මේ දැතත් එකතු කොට
තුති මල පුදමි මගේ කවිහිත පෙර‍ටුකොට


සින්හල බ්ලොග් අවකාශය වෙනුවෙන් මා බැලිමට පැමිනි පසන්(මගේ සද) දැනගත් මොහොතේම සුවදුක් සොය බැලු වැප් සහද්‍රායාට..සහ ලන්කවේන් බොහොම ඇතසිට නිතැතින්ම මාව දිරිමත් කරන ගිත් (සහෘදයට) සැමමොහොතකම සිත දිරිමත් කල දිල් අක්කාටත් මෙත්ක් කල් මව දිරිමත් කල සියලුම දෙනාටත් මගේ .... අවන්ක ස්තුතිය......!!!!!!

14 comments:

Shadow/හේමලයා said...

අවංක පද පෙළක්...සියල්ලම හොඳින් සිදුවී යැයි සිතමි...තෙරුවන් සරණයි සරණයි...

Pasan said...

හී හී හී.... ජය මචෝ.... ඉතුරු ටිකත් හොදින් සිද්දවේවි....

හෙළයා said...

ඔබ සුවෙන්ද ?
තෙරැවන් සරණයි.

Anonymous said...

හොද හිත් ඇත්තන්ට වරදින්නේ නැහැ සහෝ..
෴ බුදු සරණයි ෴

චේජනා said...

ඔයා සනීප වෙලා නේද.. අහන්නත් සතු‍ටුයි

``` Outsider``` said...

ඉදිරියටත් නිරෝගි සුවයම අත්වෙන්න ඕනි සහෝ.. ඔබට සුබ පැතුම්.

දිල් said...

මට මොනතරම් සතුටුද කියලා දන්නවද........ ඇස්වලට කඳුළුත් ආවා. ඇවිත් බලලා යන්න දුරක නෙමේ මම ඉන්නේ. පහුගිය දවස්වල ඔයා ගැන හොයලා බලන්න බැරි උනාට සමාවෙන්න.....

තෙරුවන් සරණින් දැන් ඔයාට හොඳයි නෙ.....

වැප් said...

ආ මේ ඉන්නේ අපෙ යාලුවා සනීපෙන් ............


එල එල ....... දින් ඉතින් හිටු කියලා ලියාපන් කොල්ලෝ :D

Hasitha Gunasinghe said...

හිසේ සැත්කමක් කරනවා කියලා ඔයා දවසකුත් කිව්වානේ. සතුටුයි සියල්ල සාර්ථකව සිදු වුණු එක ගැන. දැන් ඉතින් සුපුරුදු ලෙංගතුකමින් සයිබර් අවකාශේ ඔයා කරක් ගහන්න එනකම් අපි බලන් ඉන්නවා :)

ගීත් (සහෘදයා) said...

හොද මිනිස්සුන්ට වරදින්නෑ මල්ලී......ඊළග එකටත් ඔය වගේම ධෛර්යමත්ව මුහුණ දෙමු. කවි ටිකත් නියමෙට ගැලපිලා තියෙනවා

පිස්සා පලාමල්ල said...

උබ සනීපෙන් නම් එච්චරයි කොල්ලො... අසනීප කතාවක් කලින් කීවට මතක් උනේ නැහ ඒ බවක්... ඒත් බ්ලොග් එකේ මොකුත් නොදැම්මෙ ඇයි කියල මම ඒත් හිතුවා...

පරිස්සම් වෙයන්... බුදු සරනයි කොල්ලො.

වන්නි said...

හප්පේ නොසෑහෙන්න සතුටුයි. හැමදේම හරියයි.

ඉලංදාරියා said...

මට සුවය පැතු සියලුම දේනාට ස්තුතියි......

Anonymous said...

අනේ.... ඔයා ආයේ මේ බ්ලොග් පිටුව සිත්තම් කරන්න එන්නේ නෑ කියලා කොහොම විස්වාස කරන්නද අයියේ? :'(

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This