Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, July 11, 2010

PostHeaderIcon ලග උන්නත් ඔබ.......




හීන දකින්නට අවැසිමුත් මට
සැබැකරගන්නට වරම් නැහැ
හීන බොදවෙන වානම්
හීන වියැකෙන වානම්

ලග උන්නත් ඔබ බොහොම ඈතයි
නුබට දැනුනේනෑ හදවත රිදෙන තරම්
කදුලැල් වැ‍ටුනා නුබට පෙනෙන්නෑ
ලග උන්නත් ඔබ බොහොම ඇතයි

සිහින මාළිගා තැනුවෙමි ‍රැ දිවා
සැඩ සුලගින් සිහින බිදිලා ගියා
පැතුමන් පොකුරු විසිරී ගොසින්
තනිවුනා මා නිම්නයේ ආදරයේ

22 comments:

Shadow/හේමලයා said...

හීන කොහොමටත්
ඔහොමම තමයි.......
හැමදාම දුටුවත්
මතකය හොරයි......
ලඟින්ම උන්නත්
හැබැහින් දුරයි.......

ගීත් (සහෘදයා) said...

ඉලංදාරියා අපි හැමෝම තැන් තැන් වල තනි වෙලා, අමතක කරන් හැදුවට අමතක වෙන්නෙත් නෑ

"සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
සායම් නැති සල රූ වේ දෙනෙතට එවිට "

පිස්සා පලාමල්ල said...

හීන වල හැටි බන් ඒ....

"ලඟ උන්නත් ඔබ බොහොම ඈතයි... "

හිතට දැනෙනවා...

දිල් said...

හීන සැබෑ උනත් නැතත් අපි හීන වලට ආසයි..ඒක තමා ඇත්ත, සැබෑ ලෝකයේදී නොදකින සුන්දරත්වයක් අපිට හීන ලෝකයෙදී දකින්න පුළුවන්...

හිතට දැනෙන පද ටිකක් ඉලන්දාරියා....

සද මඩල said...

සිහින සමඟින් ජීවත් වනු බෑ
සිහින නෙමැතිව ජීවත් වනු බෑ
නමුත් අප ජීවත් විය යුතුයි ඒ
යතාර්ථය සමඟ

හෙළයා said...

මචං. මේක ලස්සන ගීතයක් වගේ. මං කිව්වේ ලස්සන තනුවකට ගැලපෙනවා. වේදනාබර වුනත් දැනෙනවා.

වැප් said...

"හීන බොඳවෙන වානම්
හීන වියැකෙන වානම්"

නොබලා ඉන්නද මා එය
නොකියා ඉන්නද මා එය

සෝරෝ said...

හීනයි බලාපොරොත්තුයි තමයි බං අපිව ජීවත් කරවන්නේ..

මටත් ඔය අත්දැකීම තියෙනව සහෝ..

කොහොම උනත් ලස්සනයි මචං කවි පද පේලිය..

Anonymous said...

සුන්දර හීනයක් බිදිල යන්න කියල නෙවෙයි සැබෑ වෙන්න කියල මම පතන්නම් ඉලන්දාරිය වෙනුවෙන්.

මැණික්(සුළඟ) said...

සිහින අතර පාව යන්න
නමුත් එයින් මුලා නොවී
සිහින වලින් පිබිද එන්න
සිහි එලවා සිනා වන්න

Dil said...

හීන බිදිලා ගියත් සැබෑ වෙන දිනයකුත් ඒවි..ඔයාගේ හීනය ඉක්මනටම සැබෑ වේවා!

ඉලංදාරියා said...

හේමලයා ට

මොනව කරන්නද ...?
ඒහේ හැටිනේ ඉතින්..

ඉලංදාරියා said...

ගීත් ට

ගීත් අයියා..මොනව කියලා වෙන කරන්නද..?

ඉතින්..අපි ආයෙත් පටන්ගමු....වැ‍ටුන තැනින්...

ඉලංදාරියා said...

පිස්සා පලාමල්ල... ට

මොනවා කරන්නද හී න වල හැටිනම්......

ස්තුතියි...

ඉලංදාරියා said...

දිල් ට..

ස්තුතියි අක්කේ .... හරිම සැරයි නේද ඔයා....

ඉලංදාරියා said...

සද මඩල ට

ඔව් ඒක ඇත්ත..මොනවා කරන්නන්ද..ඉතින්..

ඉලංදාරියා said...

හෙළය ට...

ස්තුතියි මචන් තනුවක් දාන්න ඔඋලුවන්නම් දාන්න....මගෙන් බාදාවක් නැහැ..

ඉලංදාරියා said...

වැප් ට

මොනවා කරන්නද ඉතින් ඔක්කොම පිලිවෙලකට වෙනවානේ..

ඉලංදාරියා said...

සෝරෝ ට...

මම දන්නවා මචන් ...
වෙන මොනවා කරන්නද ....හීන බලනවා ඇරෙන්න..

ඉලංදාරියා said...

ඉසිබුව..ට

ස්තුතියි හැමදාම වගේම මගේ හිතට ශක්තියක් වෙනවට.....

ඉලංදාරියා said...

@ මැණික්(සුළඟ)

ඒක ඇත්ත...මොනවා උනත් සිහියෙන් ඉන්න ඕනේ

ඉලංදාරියා said...

@ Dil

ස්තුතියි ඔයාගේ ප්‍රාර්තනයට

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This