Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, September 28, 2010

PostHeaderIcon අපටත් හිරු නැගෙනවා.



ජිවිතයේ විදවන්නට උනා සිහින මැකිලා
කදුලින් රේකා ඇදුනේ නෙතේ කදුලු පිරිලා
වසන්තයට අත වැනුවත් වසන්තයම මැකිලා
ගිම්හානය ඇවිදින් හිත පුරා පවුරු බැදලා

ඉරි තැලුනත් හිත පුරාම දුක් රේකා ඇදලා
ඉවසාගෙන මම ඉන්නේ වසන්තයට අතවනලා
මගේ ලොවපුරාම තියන අදුර මකා හැරලා
වසන්තයේ හිරු කිරනක් අරන් එන්න ඉක්මන් කරලා

පමා උනත් ක‍ටු අකුලෙ, සුන්දර මල් පිපෙනවා,
අදුරු උනත් අකාසෙ, තරුකෙට මල් දිලෙනව,
කළු
උනත්  වලකුලෙ, රිදී ඉරක් ඇදෙනවා,
පමා උනත්, කවදා හරි අපටත් හිරු නැගෙනවා.

8 comments:

Anonymous said...

පමා වෙලා වහින වැස්ස ගංගා උතුරවනවා
පමා වෙලා හෙලන සුසුම දුක පලවා හරිනවා
පමා වෙලා නැගෙනා හිරු දවසක් දිගු තරනවා
පමා වෙලා නුඹ ආවත් දිවිය පුරා සිටිනවා...

අහල ඇත නේද ගීතයක්..
"පමා වී පිපුන මල සුවඳයි"''''

ලස්සන පද .. ගීතයකට තමයි හොද...

විභාගේ මොනා වුනත් මේව දැක්කම කොමෙන්ටුවක් නොකර කොහොමද අප්පා..

ගීත් (සහෘදයා) said...

වාහ්......එන්න එන්නම හොද හොද නිර්මාණ එළියට දානවනේ. මාරයි......ලස්සනයි....

දිල් said...

හරිම ලස්සනයි නිර්මාණය

RanDil said...

ඉලං........... ඇත්තටම හිතට දැනෙන විදිහේ ලියමනක්.

කවියක්ම තමා...........

Unknown said...

ඉලංදාරි සහෝ ඇත්තටම ලස්සණ නිර්මාණයක්.මම නම් ආස අන්තිම පද පේලි 4 ට

Jay said...

අපූරුයි..!

ස්වප්නා said...

වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන් වැසී හුන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

කියල නන්දා මාලිනියත් කියල තියනවනෙ :)

වසන්තයේ මල් නොපිපුණු ගොඩක් අය තව ඉන්නවා :D

රත්නේ said...

පට්ටම පට්ට

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This