Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, August 31, 2010

PostHeaderIcon ජිවිතෙ මග ඉතිරිවේ........








අතිතය සුන්දරයි....
ජිවත් වෙන්න මග සාදවයි.....
සිත පුරා පිරුනු සිතුවිලි....
ජිවිතේ මෙය යැයි කියයි......

අප ඉදිරියේ අපේ පැතුමන්
බිම වැටී විසිරී සැලෙද්දී
මතක මංදිර හිතේ ඇදුනම....
සවිය එය වෙයි ජිවිතෙ...

නොසිතු මොහොතක කරදර ආවත්..
හිත සැලෙන මුත් එවයින්...
මතකයේ පුජාසනය ලග
ජිවිතෙ මග ඉතිරිවේ........

 

18 comments:

Teena said...

අතීතය සිහිනයක් පමණයි
සැබැ සුවඳක් නෑ

කව්දෝ කිව්වා.. ඒත් මට නම් අතීතය තරම් සුවඳවත් මතකයක් තවත් නෑ..

Shadow/හේමලයා said...

අතීතය...අපේ හිතේ ප්‍රියතම නවාතැන්පොළ.....

ස්වප්නා said...

ජීවිතේ හැම දවසක්ම සුන්දර කර ගන්න.. අතීතය සුන්දර නම් ඇයි අනාගතය අසුන්දර වෙන්නෙ? :)

ඉලංදාරියා said...

@ ෆා

හුම් එකනම ඇත්ත ..අතිතය සුවදයි....හුගක් අයට.....

මම හිතන්නේ ෆාගේ අයියා ලංකාවේ ඉන්නකොට ....

ඒ දවස් මතක් වෙනවද..?...

නංගි අම්මා ..ඔයා සුවයෙන් ඇතිකියලා හිතනවා..

ඉලංදාරියා said...

@ හෙමලයා


එක ඇත්ත නේ ද ..? මචෝ....

ඉලංදාරියා said...

@ ස්වප්නා.

ජිවිතයේ හැම දවසක්ම සුන්දර කරගන්න තමා උත්සහය..ඒත්...?

ආනාගතය අසුන්දර වෙන්නේ..... වර්තමානය අසුන්දර හින්දා...?...

පිස්සා පලාමල්ල said...

ෆා කියපු එක තමයි කියන්න ආවෙ මටත්.. අතීතය ඇත්තටම සුන්දරයි වගේම ඒක තමයි මාව ජීවත් කරවන්නෙ අදටත්....

හරී - පිණිපළස said...

හුඟාක් අයට කිට්ටු සිතිවිල්ලක්,, ඉලංදාරියාගෙ අලුත් ඇඳුම හැඩයි

Anonymous said...

නොසැලෙන සිත ළඟ
මතකය තබමින්
සෙමින් සිනාසෙමු
පිසලා කඳුළැල්

දිල් said...

අතීතය....... විටක අප හඬවන විටක අප සනහන අපූරු දෙයක් අප පසු පසම යන එන....

එහෙම නේද ඉලන්දාරියා

Abeetha Edirisinghe said...

ඊයෙ අතීතය
අද වර්තමානය
හෙට අනාගතය
මම නම් දන්නෙ එච්චරයි

Anonymous said...

ජීවිතේ කාලෙන් කාලයට වෙනස් වෙන එක නම් හරිම ‍හොදයි....

ayesha said...

අතීතයේ මතක තුළින් සතුට වගේම දුකකුත් දැනෙනවා.....ඒත් දුකම කොයි තරම් සතුටක් දෝ කියලා හිතුවාම නරකත් නෑ

කංචු said...

ගෙවා යන දිවි මගේ
දුකක් තිබුනානම් විටෙක
අතීතයටම තබා
සිතින් විඳ දරාගෙන
එයිනුත් ලබා දිරිය
අතීතයෙ සතුට පමණක්ම
අරන් යමු අපි අනාගතයට........

C0de BlUe said...

අයියේ අන්න මම ඔයාට mail එකක් දැම්මා බලන්නකෝ ...

ඉලංදාරියා said...

මල්ලි ස්තුතියි ..

මල්ලි ඔයලග් හොදට වඩකරන කිලොගර් එක්ක් තියනවද.....?මේල් විදිහට යවන්න පුලුවන් එකක්...තියවද,..?තියන්වනම් මට කියනවද..?

ජයවේවා..!

බුදුසරණයි..!

ඉලංදාරියා

මැණික්(සුළඟ) said...

මතක මංදිර හිතේ ඇදුනම
මතකයේ පුජාසනය ලග
නෙතට කඳුලක් උනන එක ගැන
අසන්නේ කිම කරුනු කාරන
මැණික්(සුළඟ)

sansarasidu said...

මේ ගෙවෙන හැම තත්පරයක්ම ඊළඟට අයිති වෙන්නේ අතීතයට...
මෑත අතීතය...
ඈත අතීතය...

අපි ගතකරන වර්තමානය සුන්දර නම් ඊට පස්සෙ අතීතයත් ඉබේම සුන්දර වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ....


(මචං මේ Word Verification අයින් කළොත් හොඳ නැත්ද ? කමෙන්ට් දාන අයට ගොඩක් පහසුවක් වෙයි එතකොට.)

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This