Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, August 26, 2010

PostHeaderIcon හිත පුරා හුරුවෙච්ච...




හිත පුරා හුරුවෙච්ච නුබේ ආදරේ
මොහොතක් පාසා මට දැනෙනා රගේ
හැකිනම් එන්න හිරු කිරණ සේ මාගේ
එලිය කරනු මැන ජිවිතයම අදුර නිවා ලොකේ

ඔබ වෙනුවෙන් බැදි අපමන සිතුවිලි
හිත තුල නලියනවා
නේත් දෙක පියවන මොහොතක ඇවිදින්
නෙතු දෑලේ රජ වෙනවා
සුසුම් වැලක් පවනේ පාකර එවන්න
විහගුන් අතේ ඔයා
හෙට දවසේ ඔබ හමුවන තෙක්
මගෙ හිත ඉවසනවා




14 comments:

Shadow/හේමලයා said...

ඔබ එනතුරු.......nice set of wrdz......:)

Pasan said...

හිත පුරා හිනැහෙච්ච නුඹෙ ආදරේ
නෙතු පුරා විදගන්න නුඹෙ රූපයේ
ලොව පුරා පවසන්න අපෙ ආදරේ
කවදාද නුඹ එන්නෙ මගෙ මිහිරියේ

ලස්සනයි ඉලංදාරිය කවි ටික....

විහඟ ගීතය said...

හමුවෙන නොවෙන එක මේ අනියත ලොවක
දිලිහෙන කඳුළු බිදුවකි ,‍රැඳි පත් අගක
හිනැහෙනවා දුටින්, හිත දුකකිනි නොදැක
වැළපෙනවා විතරමද අරුමය පෙමක

ස්වප්නා said...

ලස්සන හැඟුමක් :)

Anonymous said...

බලාපොරොත්තුව
සිතවට රැඳෙමින්
පෙර මඟ බලනවා
හැමදාමත්

ayesha said...

very nice....

පිස්සා පලාමල්ල said...

ලස්සනයි මචන්.

සෝරෝ said...

"හෙට දවසේ ඔබ හමුවන තෙක් මගෙ හිත ඉවසනවා"

හිතට වදිනව බං මේ ටික...

[ලස්සනයි අලුත් ටෙම්ප්ලේට් එක]

෴ හසියා ෴ said...

හිතට වදින පද පෙලක් සහෝ.....හරිම ලස්සනයි...

දුමී said...

ඉලංදාරියා . . . ඒක පාර්ශවික ආලයක් වගේ . . . .

ගීත් (සහෘදයා) said...

කවිත් ලස්සනයි.....අළුත් ඇදුමත් ලස්සනයි.....මල් 7යි ආහ්.....

මැණික්(සුළඟ) said...

ඔබ වෙනුවෙන් බැදි අපමන සිතුවිලි
හිත තුල නලියනවා
සංසාරේ මතු කිසියම් දිනයක
අප යලි හමුවනවා
මැණික්(සුළඟ)

කංචු said...

මෙතරම්ම සෙනෙහසක්
ලබන්නට පිං කෙරුව
ඇගේ සිත් මල් යාය
සදා වාසනා...
හැගුම් බරව නෙත් අයදින
නුඹේ අහිංසක ප්‍රේමය
ඇගේ නෙත් ගැටෙන්නට හෙට
ලැබේ වාසනා.....

Anonymous said...

ඉවසන්න ඉවසන්න ඉලංදාරියා. කොහොමත් ඔය ඉලංදාරි වයසට ඉවසන එක බොහොම හොඳා.............

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This