මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, January 26, 2011
~~නිහඩ ලොව බිදින්න~~
8:23 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
Labels:
ජිවිතයට යමක්
Subscribe to:
Post Comments (Atom)








243 comments:
«Oldest ‹Older 201 – 243 of 243 Newer› Newest»-
Dev moorthi
said...
-
-
February 23, 2011 at 2:03 PM
-
Aki (අකි)
said...
-
-
February 24, 2011 at 8:47 AM
-
Aki (අකි)
said...
-
This comment has been removed by the author.
-
February 24, 2011 at 8:47 AM
-
Chinthaka
said...
-
-
February 26, 2011 at 12:29 AM
-
Anonymous
said...
-
-
February 26, 2011 at 1:33 AM
-
ධනික | Dhanika
said...
-
-
February 26, 2011 at 5:36 AM
-
Anonymous
said...
-
-
February 26, 2011 at 10:49 PM
-
Mark Chrishantha Fernando
said...
-
This comment has been removed by the author.
-
February 27, 2011 at 5:51 AM
-
Mark Chrishantha Fernando
said...
-
-
February 27, 2011 at 5:54 AM
-
Anonymous
said...
-
-
February 27, 2011 at 6:02 AM
-
K. S. B
said...
-
-
February 27, 2011 at 8:45 AM
-
Anonymous
said...
-
-
February 27, 2011 at 9:07 AM
-
sumith Rupasinghe
said...
-
-
March 3, 2011 at 3:39 PM
-
LFN
said...
-
-
March 9, 2011 at 2:51 AM
-
Jwsampath
said...
-
-
March 11, 2011 at 9:39 PM
-
අප්සට්
said...
-
-
March 13, 2011 at 11:59 PM
-
Mr.Lock
said...
-
-
March 16, 2011 at 9:26 PM
-
චමිත් ජයවීර
said...
-
-
March 19, 2011 at 8:55 PM
-
Anonymous
said...
-
-
March 19, 2011 at 10:47 PM
-
Anonymous
said...
-
-
March 19, 2011 at 10:49 PM
-
හිරු
said...
-
-
March 23, 2011 at 7:16 AM
-
චතුර....
said...
-
-
March 27, 2011 at 8:23 AM
-
Teshan
said...
-
-
March 28, 2011 at 7:58 AM
-
Nadun
said...
-
-
April 4, 2011 at 10:12 PM
-
Chandi
said...
-
-
April 5, 2011 at 6:06 AM
-
Damith Marathunga
said...
-
-
April 24, 2011 at 8:51 PM
-
Unknown
said...
-
This comment has been removed by the author.
-
May 1, 2011 at 8:15 PM
-
Buddhika kasun
said...
-
-
May 3, 2011 at 7:15 AM
-
Jabhayaratne
said...
-
-
May 19, 2011 at 4:10 AM
-
w.nishantha
said...
-
-
May 19, 2011 at 5:03 AM
-
කතන්දර Kathandara
said...
-
-
May 19, 2011 at 9:54 PM
-
aki
said...
-
-
May 20, 2011 at 7:54 AM
-
විශ්වනී
said...
-
-
May 20, 2011 at 8:08 AM
-
Unknown
said...
-
-
May 21, 2011 at 9:51 AM
-
Anonymous
said...
-
-
May 21, 2011 at 11:56 AM
-
Do not
said...
-
-
May 25, 2011 at 7:52 PM
-
Sandun Dissanayake
said...
-
-
June 12, 2011 at 4:19 AM
-
Hasitha Gunasinghe
said...
-
-
June 12, 2011 at 9:16 AM
-
Janitha
said...
-
-
August 2, 2011 at 7:33 AM
-
Anonymous
said...
-
-
September 8, 2011 at 10:00 PM
-
Manosh Sandaruwan
said...
-
-
February 28, 2014 at 10:13 AM
-
Manosh Sandaruwan
said...
-
-
February 28, 2014 at 10:16 AM
-
Manosh Sandaruwan
said...
-
-
February 28, 2014 at 10:16 AM
«Oldest ‹Older 201 – 243 of 243 Newer› Newest»බයිස්කෝප් එකෙන් දැකල ආවෙ...
පුලුවන් විදියට මමත් Support එකක් දෙන්නම්...
ඔබගෙ සියලු ලෙඩදුක් ඉක්මනින්ම සුව වේවා...!
always we with u machan .....
මනුස්සකම වෙනුවෙන් අන්තර්ජාල සත්කාරය...
macho, ada umbata heta apata...
jeewithe hati ohomai. api kohomahari me wade goda daa gamu machan. umba thaniwela naha...
අදයි දැනගත්තෙ මේ ගැන... හැකි උපරිමෙන් උදව්වක් කරන්නම් මචෝ...
අපේ ජීවිතේ හොඳ කාල, නරක කාල වටේට කැරකෙනවා... උඹ හොඳ කාලයක් ගත කරලා දැන් පොඩ්ඩක් නරක කාලෙකට ඇවිල්ලා තියෙන්නෙ... බය වෙන්නෙපා ආයෙමත් උඹේ හොඳ කාලෙ ලඟ ලඟම එනවා... එතකං පොඩ්ඩක් අල්ලං හිටපං... අපි ඔක්කොම උඹත් එක්ක!
කියන්න ඕනේ මොනවද කියලා හිතා ගන්න බැහැ.ඔයාව දෙවියෝ ආරක්ෂා කරයි මල්ලි.මමත් හැම තැනට මේ පණිවුඩය යැව්වා.මේ වගේ ප්‍රචරයකුත් දුන්නා.
http://www.elakiri.com/forum/showthread.php?p=9524281&posted=1#post9524281
මෙකෙ දාලා තියෙන කමෙන්ට්ස් ට්ක දැක්කන්ම ඇඩෙනවා බන්...
සයිබර් අවකශයෙ යාලුවො කියලා අපි හිතන් ඉන්නෙ අපෙ බ්ලොග් එකෙ හරි ත්‍රෙඩ් එකෙ හරි අදහසක් දාල යන අය කියලානෙ
එත් මෙක දැක්කම එ අදහස සම්පුර්නයෙන්ම වෙනස් උන සහො.
උබ වර්චුවල් උනත් මෙකෙන් රත්තරන් යලුවො ටිකක් හොය ගෙන තියනවා...
මෙ ගැන කියපු එලකිරියෙ Dream001 තැන්ක්ස්
අනිවා සහො අපෙ උපරිමයෙන්ම උදවු කරනවා
තෙරුවන් සරනයි
මචන් මමත් මේක දැක්කේ එලකිරි එකෙන්. බයවෙන්න එපා කොල්ලෝ, අපි හැමෝම මිනිස්සු අපි හැමෝටම කරදර වෙනවා ලෙඩ හැදෙනවා නොයෙකුත් කරදර වෙනවා.ඒක තමයි බන් මිනිස් ජීවිතය කියන්නේ. එහෙම කරදරයකදී උදව් කරන්නෙත් මිනිස්සුම තමයි.මමත් දෙනවා උබට උදව්වක්. මං වගේම අනිත් අයත් උදව් කරයි.
ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සහෝ
Machan... Mama dannawa oyata Wachana walin udaw karala hari yanne na.. mata puluwan wdidiyata oyata Heta Udawwak karannam...
බොරැ කනේ පාරක් ගහලා තෝ මැච් බලන්න සල්ලි එකතු කලා නේද පාහරයා සල්ලි නැති හිගන්නා හිටපිය තෝ ගැන මාතලේ පොලිසියට දන්වන්න.
මම කෝවිල ලග යකෝ ඉන්නේ හිතුවද මාව තම්බන්න උබ ඇත්ත මම බ්ලොග් හදලම හැමෝටම පෙන්වනවා හිගන වල් බල්ලා සල්ලි නැත්තම් යකෝ හිගා කන්න එපා.
oya inne kattiya math mata puluwan uparimayen karanawa eka sahatikai baya wenna epa okkoma hondata wei,,math adamai oyage blog ekata awe,,,
Machan den kohomada ube thathwe ? update ekak denna
අයියෙ දුක්වෙන්න ඒපා.....
අපි ඔයත් සමගයි....
අයියෙ ඔයාට ඉක්මනින්ම සණීප වෙන්න කියලා මම මගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මම බිලොග් වලට අළුත් මම අද තමයි ඔයාගෙ බිලොගය දැක්කෙ.මෙ යාළුවන් වගෙම මාත් ඔවුන් සමග ඒක්වී ඔයාට ඉක්මන් නිෙරා්ගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඔයාව ගොඩ දාන්න වෙර දරන සේනාව ඔයාට පේනවා නේද?දුක් වෙන්න එපා සහොදරයා.මෙතන ඉන්න එකිනෙකා හරියටම දන්නේ නෑති උනත් අපි හෑමෝම සහෝදරත්වයේ දම් වෑලින් බෑදි ඉන්නවා.ඔයා වෙනුවෙන් හෑදෙන මේ බෑදීම ඉදිරියෙදි තවත් ශක්තිමත් වේවි.මට කරන්න පුලුවන් උපරිම ශක්තියෙන් මම ඔයාට උදවු කරනවා අයියේ.
apith oyath ekka innawa
මේ මහපොළ එනකන් ඉන්නෙ මචං උඹගෙ බරෙන් ඇබිත්තං කොටසක් හරි මමත් ගන්න.....!!!
machan me ronass eke ubalage add ekak dala un karana weda ekka beluwahama me wede chater wenawa puluwan nam e add eka ayin karahan ban aparade nikan me watina deta ketha namak enne
ඔන්න අපිත් හැකි අයුරින් උදව් කරනවා
ඉලන්නදියව බේරගන්න අපි අපේ උපරිමයෙන් දෙමු හෙල්ප් එක
අන්තර්ජාලෙන් මේ වගේ දෙයක් කරන එක ගැන මගේ සන්තෝසය ඔබට ඉලන්දරිය වෙනුවෙන් අපි
පුතේ ..!!
තාම අපි හදනවා පිටු
* සත්‍යය.com *
ලියනවා ටික ටික
ඒත් නුඹේ මේ දුක
අපේම වන කල
හිතන්නේ නෑ තවත්
පිටුවටද මොන
වෙන් කලා අපි
මුල්පිට මුල
කියනවා දන්න
හැමෝටම
අපි වගේ හිතන
ඒ නිසා දැන්
බය වෙන්න එපා
පුතේ නුඹ
සියල්ලම හරියාවි
ඉන්නවා
තවමත් ලෝ
මිනිසුන් හොඳ
http://sathyaya.com/
http://chathurawind1.blogspot.com/2011/03/blog-post_4210.html
Dear friends,
apata karanna puluwna deyak thiyenawa.
api bodhi pujawak karamu. api kattiya set wela awankawama prarthanwak karamu.
තෙරුවන් සරණයි
පුලුවන් හැම විදියෙන්ම උදව් කරන්නම් උඹට..
මල්ලී,
ඔයා ගැන දැනගත්තේ ඩීන් මල්ලිගේ මාර්ගයෙන්. (ගල්මල් කොරල් බ්ලොග් එක කරන )ඔයාට මටත් හැකි පමණින් පුංචි උදවක් කරන්න හෙට බලා පොරොත්තු වෙනවා. මේ එකවුන්ට් එක හරි නේද?
ඔයාට ඉක්මන් සුව තිසරණ සරණින් පතනවා.
චාන්දි අක්කා.
කිසිදේකට බයවෙන්නෙපා සහෝදරයා.. අපි ඉන්නව... අපේ සහාය හැකි උපරිමයෙන් .......
ඉලංදාරියා සමග අපි ,
ඉලංදාරියා...ඔබට නිවන් සුව!
niwan suwa nopathami,nirogee minisekuwa yali apa atharema ipadeewa......
ඔබට නිවන් සුව පතමි!
-කතන්දරකාරයා
සයිබර් අවකාශයේ අපිත් එක්ක රැඳී සිටිය දිලුම් දිසානායක (ඉලන්දාරියා) සොයුරාණනි, නුඹට නිවන් සුව....!!
නිහඩ බව තුලින් ජිවිතය සෙවු ඔබ!!!!
අද ලොවක් හඩවා අප හැරදමා නෙිඑන ගමන් ගොසිනි!!!!!
මතු උපදින සෑම අිත්මයකම ඔබ අපේම මිතුරෙකු ලෙසින් අප අතරම ඉපදීවායි පතමි!!!!!!!!!
Obata Niwansuwa labewa malliye.
kawedawath hithane epa ayye oya thani wela kiyala,, man me blog ekate apu paleweni dawesa,, aith man aniwareyenma mate puluwan widihate oyate uddawwak karanewa,, hithe shakthimath karagene mune depu api hamedeteme,, oya thani na :) get well soon !!
Glimmer Girl
mama dana gaththe dan .... mage ubarima uthsahaya digatama.........
යාලුවා නරකද මේ බ්ලොග් එකට Google Add ටිකක් දැම්මොත්. මම හිතන්නේ අපිට පුළුවන් ඒකෙන් හරි උදව්වක් කරන්න.
දැන් ඒකට ප්‍රමාද වැඩියි. දිළුම් අපි හැමෝගෙන්ම සමු අරගෙන ඉවරයි
ගොඩක් පරක්කු වැඩි වෙලා... දෙයියනේ... අද ඊයෙ වගේ...
මට ඇත්තටම අද හිතෙනවා මම ඉන්ටනෙට් ගත්තේ හුඟක් පරක්කු වෙලා කියල, ජනවාරි හරි පෙබරවාරි හරි නෙට් අරන් තිබ්බනම් මටත් අහිංසක ලෙස ඔයාට උදව්වක් කරන්න තිබුන. ඇත්තටම දැන් පරක්කු වැඩියි. කියවන කියවන හුඟක් බ්ලොග් වල ඔයාට නිවන් සුව පතල තිබ්බත් අද තමා ඔය කව්ද කියල හරියටම දැනගත්තේ! කොහේ හරි ඉඳං ඔයාට එන කොමෙන්ට්ස් සහ ඔයා ගැන ලියවෙන ලිපි බලං ඉන්නවනම් ඔයාට තේරෙයි, කවදාවත් දැකල නැති, අහල නැති, කතා කරලා නැති මිනිස්සු උනත් ඔයාට ලෙන්ගතු උන හැටි!!! ඉන්න තැනක හොඳින් ඉන්න...
මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.
ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..
තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..
ඔබට නිවන් සුව!
http://masandumal.blogspot.com/
මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.
ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..
තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..
ඔබට නිවන් සුව!
http://masandumal.blogspot.com/
මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.
ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..
තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..
ඔබට නිවන් සුව!
http://masandumal.blogspot.com/
Post a Comment