මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Showing posts with label ජිවිතයට යමක්. Show all posts
Friday, March 18, 2011
ඔබට නිවන් සුව !
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින්
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්
ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්
ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම
මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!
Wednesday, January 26, 2011
~~නිහඩ ලොව බිදින්න~~
8:23 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්ය ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද්ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්ය නිගමනයයි. ඒසදහා අවශ්ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
Labels:
ජිවිතයට යමක්
|
243
comments
Monday, January 3, 2011
නිරයේ දොරගුලු වසන්න
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
Sunday, August 22, 2010
දිවිමගට එලියක්
10:10 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
දිවිමගට එලියක්

වුවමනාවට වඩා හැම දෙයක් කෙරෙහිම විශ්වාශය තබගන්න එපා ....විශ්වාශය කඩවිම තුලින් ඔබට කලකිරීමක් ඇතිවේවි ...අහේතුක ලෙස කාවවත් අවිශ්වාස කරන්ත් එපා ඔබ කෙරෙහි අනයගේ පැහැදීම නැතිවේවි....
ගොඩක් සෙනෙහසින් යමක් ලංකරගන්න් එපා ....එය අහිමි විම ඔබට විදදරාගත නොහැහිවෙවී. හුගාක් ලගින් බැදිම්ක් ඇතිකර ගන්න එපා.... වෙන්විම ඔබට දුක්ක් ගෙනෙවී....
හැමොම ඔබට අවවාද කරන්න ඉදිරිපත් වෙවි ...මන්ද එය නොමිලයේ සැපයිය හැකිනිසා .... ඒ හැම එකක්ම ප්රතික්ශෙප කරන්නත් එපා . ඒවා ඒ අයුරින්ම පිලිපදින්නත් එපා එවා කොතෙක් දුරට ඔබට ගැල පේදැයි බ්ලන්න ඒ අනුව ඔබවිසින්ම ඔබට ලබෙන අවවාද පිළ්ගන්න
කාටවත් ඔබේ ජිවිතයට ගොඩනගාදිය නොහැකියි.ඊට අවශ්ය පසුබිම සලසාගත යුත්තේ ඔබමයි මන්ද එය කාගෙවත් නොව ඔබගේම වන බැවිනි........ආ
සෑම මතයක්ම දැනගනිම යහපත් වන අතර ඒවා සියල්ල අනුගමනය කිරිම අයහපත් විය හැකිය.
ඔබ දුර්වලයෙකු යැයි නොසිතන්න,නමුත් ඔබේ බොහෝ දුර්වලකම් ඇතිබව සිතට ගන්න සියල්ලෙන් සම්පුර්ණ වන්නන් ලොව සිටිය නොහැක.......
කදුලු සැලිම බොහෝ ප්රශ්නවලට විසදුමක් යැයි නොසිතන්න.එසේම සිනහව සතුටේ ප්රතිමුර්තියක් යැයිද නොසොතන්න...
එක් පහනකින් තවත් පහන් සියයක් අලෝකමත් කලද ...මුල් පහනේ ආලොකය අඩුනොවන්නේ යම් සෙද .... ඔබ දන්නා දෙයක් අන් අය සමග බේදාගන්න...
* උත්සහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි.ප්රමා
* යම් නිර්මානයක් ප්රයොජන වන්නේ එය පාලනය කල හැකි තරමටය...
* බදුන් දහසක් බිදුනත් කම්නැත දොතින් දිය බොනු හැකිය
* ඔබට ප්රසංශාකරන අයට නොව අවවාදකරනායට ආදරය කරන්න
Labels:
ජිවිතයට යමක්
|
9
comments
Subscribe to:
Posts (Atom)









