Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Friday, March 18, 2011

PostHeaderIcon ඔබට නිවන් සුව !



අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින් 
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්

ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්

ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම

මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!


Monday, March 14, 2011

PostHeaderIcon සදට තනියට පුංචි තරු කෑට


සදට තනියට පුංචි තරු කෑට රෑය පුරා ලග ඉදීවී
මලට තනියට බඹරු රග දෙන රොන් පතා කර කෑවෙවී
වෙරළ තනියට සයුරු රළපෙල විටින් විට සිපගනීවී
හිතට තනියට දුකම ඈවිදින් හදපුරා රජ කරාවී

අමාවක දා තනි රකින්ට සදක් අහසේ නොමෑති වේවී
මිලින වු දා මල දකින්නට ගුමු බඹර කෑළ ලං නොවෙවී
චන්ඩ වුදා සයුර රළ විත් වෙරළ තලයම ගිල ගනීවී
නමුත් හද රෑදි හුද කලාවම දිනක සතුටක් ලංකලාවී

සදට සෑමදා පුංචි තරුමල් පිරිස යහමින් තොර නොවෙවා
මලට සෑමදා පිපෙන අලුතින් බඹර පිරිවර අඩු නොවෙවා
රළට සෑමදා පෙම් කරන්නට වෙරළ වෑලිතල ළැග ඉදීවා
හඩන සිත් සනසවලන්නට සෙනෙහෙ සිත් මල් පුබුදුවෙවා
Saturday, January 29, 2011

PostHeaderIcon දෙවි දේවතාවුන් වෑනි මිනිසුන් මෑද.....

ජිවිතේට ඔබ මා කිසිදිනක දෑක නෑතත්
ඔබ ඈවිත් දුන් දිරිය දෑනුනේ මහ මෙරක් ලෙස
මෙතෙක් කල් නොහඩාපු මගේ ඈස් බොද උනේ
 මිනිසත් කමේ සුවද පමනමයි ලංඋනේ
 
ලියන්නට ඔබේනමට වචන මගේලග හිස් උනේ
ස්තුතියි කියන්නට වෑඩියමක් හෙවුවනේ
මා වෙනුවෙන් දසත ඔබ ලියු වචන ගානේ
ඔබලාව දෑකගන්න මා පිං කලයි හෑගුන නෙතයි තෙත් උනේ


සංසාරේ පුරාවට ඔබ හෑමව හමුවෙන්න පතන්නම්
ස්තුතියි කියන වචනයට වඩා දෙයක් මම සොයන්නම්
මිනිසත් කමේ සුවදට ගී ගයන්නම්
බුදුන් වෑන්ද දෑතත් එක් කරන්නම්




නිහඩ ලොව බිදින්න්ට තෑත් දරන මගේ අදර නිය සියලු මිතුරන් වෙනුවන්
Monday, January 24, 2011

PostHeaderIcon හිරු කිරන වෑටෙනකම්



අහස දෙස මම බලසිටියෙමි 
වෑහිපොදක් බිම වෑටෙනකම්
වියලිලා ඉරිතෑලුනු මගේ ජිවිතෙන්
නෑබුල් සුවද හමනකම්

 සිහින විසිරී බොදවෙලා ගොස් 
ලොවම එකවිට නිහඩවී 
පාළුවත් තනිකමත් සිටියා
හෙවනෑල්ල සේ පසුපසින්

රුවල් ඔරුවේ රුවල ඉරිලා  
මහා මුහුදක අතරමන් වී 
යනෙන මාවත සොයනු රිසියෙන්
අදුරු ලොවක මා අතගගා සොයමි
හිරු කිරන වෑටෙනකම්

Monday, January 3, 2011

PostHeaderIcon නිරයේ දොරගුලු වසන්න




පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ

ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්

මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
Wednesday, December 22, 2010

PostHeaderIcon අහසින් තරුවක් කඩාවෙටේ..


තරුවක් කඩා වැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්න
කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ

එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..

වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....
Tuesday, December 7, 2010

PostHeaderIcon දේශ පාලනය..



පැණිදොඩම් ගසකට..
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...
Sunday, December 5, 2010

PostHeaderIcon කාත් කවුරුවත් නැතුව....


කාත් කවුරුවත් නැතුව....
කාන්තාරෙක ..
උඔ තනිඋනහම....
උඔට හිතෙවි..
"තමන් හිසට තම අතමය සෙවනැල්ල"
 කතාව කොයිතම් ....
ඇත්ත වෙනවද කියලා
Monday, November 29, 2010

PostHeaderIcon අදුරු මිදුම තුලින්..





ඉතින් ඈ හදවතින් ....
වෙන අයෙකුට අයිතිනම්..
තවත් මග බලා ඉද..
කුමකට තෑවෙන්නද...

අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් කදුලු නුබ සලා...
හෑඩිමෙහි පලක් වෙද..

අදුරු මිදුම තුලින්..
දෙදුන්නක් සොයනෙද..
දල්වන්න පහස්සිල..
රිදි රේ කා ඈදෙන්නට...
Friday, November 26, 2010

PostHeaderIcon අවුරුදු ගානක්ම ...

ජිවිතේ තනිකම දැනෙදිදි .....
මගේ ලග හිටියේ උ
..
මගේ හිතත් එක්ක ..
මගේ නෙතත් එක්ක..
අවුරුදු ගානක්ම ...
තරහ නොවි ගනුදෙනු කලේ ..
..
මම කවි ලියදි ....
එවා ඉස්සරවෙලාම..
කියවවුවේ  උ
..
එවා හැඩකර ගන උදවූනේ උ
..
මගේ වටේ හිටිය සෙනග....
මේ මුකලානේ..
මාව අතරමන් කරද්දි...
මට පාර පෙන්නුවෙ උ
...
මේතරමට හරි
මහපොලොවේ පයගහල ....
ඉන්න ශක්තිය දුන්නේ උ
....
මුලු
ලෝකෙටම
මගේ හිත ගොලුකරගෙන...
උනත් ...
මගේ හිත කියවවුවේ උ
...
මගේ චරිත සහතිකේ ....
කවුරුහරි උබේන් ඉල්ලගනත් කලියෙන්..
මටත් නොකියාම මගෙන් සමුගත්තේ උ
..




පුරා වසර 10 නොඅඩු කාලයක් මගේ ලග රෑදුනු මාප්‍රිය මොනිටරය වෙනුවෙන්...
Sunday, November 21, 2010

PostHeaderIcon උබටත් මිනිහෙක් වෙන්න පුලුවන් ...



K.F.C  ගිහින් ....
තලුමර මර ...
මැරිච්ච කුකුලෙක් ....
කනවට වැඩිය..
එලියේ පොඩි කඩේකින්...
රතු කැකුළු බතුයි...
සම්බෝලයි කාලා....
ඉතිරිවුන ගාන...
පාරේ යනකොට ...
අත දික් කරන ...
කාට හරි දිලා...
බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ...
මේ මහපොලොවේ.....
පයගහල ඉන්න..
Thursday, November 18, 2010

PostHeaderIcon දවසක පැනලා යමු



සතුරු වලල්ලම බිදලා
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ

මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා

සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ
Sunday, November 14, 2010

PostHeaderIcon කරමතින් මට යන්න අවසරයි


සදහටම මේ දෙනෙත්
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබ‍රැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි

දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි

ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ

දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට


Thursday, October 28, 2010

PostHeaderIcon ආදරේ මට දිනා ගන්න



සිතිවිල්ලක නුඹ ඈවිදින්
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට

රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න

අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න

පාසල් විය නිමානොවි
තව මොහොතක් රෑදෙන්න
සිතුම් පෑතුම් කල එලිවී
ආදරේ මට දිනා ගන්න
Monday, October 18, 2010

PostHeaderIcon නොහඩන් සමණලියේ....



සමනලියේ ඔබ හඩන්නෙපා
පිනිපොද වැස්සට තෙමෙන්නෙපා
දුරු කතරේ මා හෙට තනිවෙනවා
සමනලියේ ඔබ මෙහි තනි වෙනවා


පෙම්පුරනා දා සමණල් වයසේ
ඔබට කියාපැ සිහින මලිගා
හෙට ඉදිවියයුතුවෙ මේ පොලවේ.
සිගිති බිළින්දන්  මතු උපදිනදා


දහඩිය හෙලලා ඒ වැලි කතරේ
රන්මසු අරගෙන ජයගෙන එනකම්
හිතින් පිරුන ඔය මගේ ආදරයත්
තුරුලු කරන් නොහඩන් සමණලියේ
Friday, October 15, 2010

PostHeaderIcon තනිකම දැනේද,,?


නුබ තැනක .....
මා තැනක ...
දෙදෙනාට දෙදෙනාම අහිමිවිය...
මා අතින් වරදක් සිදු නොවුනු බව
නුබට ..
මම දනිමි..
නමුත් නුබ..
කිසිවක්ම නොකියාම..
මගෙන් ඈතට ...
ඇදුනි නුබ..
ගෙවුනු හැම මොහොතකම ....
සිනහව ම ‍රැදුනු මුව...
ඒත් අද...
සොරෙන් ගෙන් පලාගෝස් මගෙන්...
මගේ සිනහව...
මා තනිඋන මුත් ..
ඔබට ........ඒ
තනිකම දැනේද,,?

PostHeaderIcon රෝසමල් මිට අත තියන්...



ආදරේ මග කියා දුන් ඔබ
ගිහින් ඈතට සමුඅරන්..
වෙදනාවෙන් පිරි ලොවක්විතරක්
මගේ තනියට ලග තියන්..
බලා ඉන්නෙ නැවත එනකම්
රෝසමල් මිට අත තියන්..
පියනගන්නට හැදු මගදිග
අපේ  ලෝකෙට ආදරෙන්..

Sunday, October 10, 2010

PostHeaderIcon කාසිය......

දුප්පත් අය හිගාකන..
පොසත් අය විසිකරන
මණුස්සකම විකිනෙන
ලොව බොහෝදේ වෙනස් කරන
උබ තමයි හේ
තුව..
දෙපැත්ත පෙරලෙන ...
කාසිය......

හිගන්නා සහ මම අතර එකම වෙනස ..ඔහු..කාසි ඉලා හිගාකන ආතර ...මම ජිවිතයෙන් ජිවිතය ගිගාකයි..
Thursday, October 7, 2010

PostHeaderIcon පෙම්බරියගේ වියෝව



ගැ‍ටුන නෙතූයුග ගැටෙනවිට හද
නිවයි දුක් සෝසුසුම් ගන්ගා
ජිවිතේ අරුතක් අරන් නුබ
ජිවිතයම් එලියක් කලා

දුළු මකුනේ එවන් මොහොතක
සිනහවන් දොරෙගලා
එළිය වැ‍ටුනේ මගේ මග දිග
දිනන තෙක් ජිවිතයම ලියා

දැල්වුනත් මෘදු ඉටිපහන් අද
ඔබේ සුවදත් හැන්ගිලා
ජිවිතේ ඔබ අරන් ආ
එලි
තවම දැල්වේ හදපුරා..

පෙම්බරියගේ වියෝ
වෙන් පසු දරුවන් පමනක් ඉතිරිව තනිවුන සැමියෙකුගේ....කදුළු බිදුවක්..

Thursday, September 30, 2010

PostHeaderIcon අම්මේ ගෙදර බුදුන් ඔබමයි



අරලියා මල් සුවද අරන්
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්

වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි

දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා




මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This