Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, April 4, 2011

PostHeaderIcon ~~තවත් කඩඉමක්~~


බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්‍රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් ​​​වෛද්‍ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්‍ය ‍වෛද්‍යවරුන් වෙත මාව යොමුකලා..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී ‍වෛද්‍යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්‍යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්‍ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්‍ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ  සයිබර් සැණකෙලි‍ය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්‍ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.:) ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....

මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි... 
                                          ගොඩක් පිං

153 comments:

සංකල්ප said...

ඉක්මනින් සුව වෙලා එන්න සහෝදරයා !!!

අපි ඔබ වෙනුවෙන් පන්සල් වල බෝධි පූජා කරනවා.
දේවස්ථාන වල යාච්ඥා කරනවා.

Anonymous said...

GET WELL SOON...

Anonymous said...

ඉලංදාරියා... මම ඊයෙ උඹව දැක්කා හිනා මූණකින් ඉන්නව. මෙච්චර ලොකු දෙයක් ලඟ උඹට ඔහොම හිනා වෙලා ඉන්න පුළුවන් නම් ජීවිතේ දිනන එක උඹට ලොකු කජ්ජක් නෙමෙයි.

උඹට බුදුසරණයි, විගහට සනීප වෙලා වරෙන්. උඹ එනකන් අපි බලාගෙන ඉන්නව.

සිතුවිලි නිහඬයි said...

ඉකමනට හොඳවෙලා එන්න අය්යේ...... බුදුසරණයි...

දුමී said...

තුණුරුවන්ගේ පිහිටෙන් නුඹට ඉක්මන් සුවය පතනවා මල්ලි ! උඹේ හිත හයියයි... උඹට ජය ලැබෙනවා සිකුරුයි !

MaRLaN said...

ඉක්මන් සුවය පතනවා අයියේ... ඔක්කොම කරදර ඉක්මනට ඉවරයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔබට ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා !!!

Gune aiya said...

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහොඳරයා නැවතත් ඔබට හැකි ඉක්මනින් අප අතරට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

Anonymous said...

ඉක්මනට සුව වෙයන් මලේ...

නදී said...

මල්ලිට ඉක්මන් සුවය ලෑබෙන්න කියල ප්‍රාර්තනා කරනවා!!!

Buddhi said...

දිලුමා හරි විහිලුකාරයෙක්නෙ. ඊයේ හම්බවෙච්ච වෙලාවෙයි මම දැන ගත්තෙ.

මිනිහව කෝමහරි ගොඩ දැම්මම ආයෙක් සයිබර් සැණකෙලියක් තිබ්බැකි ඒ වෙනුවෙන්

umanda said...

ඔබට ඉක්මන් සුව ලැබේවා..!

Umanda said...

ඔබට ඉක්මන් සුව ලැබේවා..!

Anonymous said...

අය්යේ ඔයාට ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Unknown said...

Ge well soon bro...
ඔබට ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා !!!

Anonymous said...

ඉල0දාරියා, මම ඊයෙමයි උඹව ඉස්සෙල්ලාම දැක්කේ. මම හිතාගෙන හිටියේ මෙහෙම... උඹේ ශ්‍රවනාබාධයත් එක්ක උඹ අනිත් අයගෙන් ටිකක් ඇත්වෙලා වට පිට බලබලා ඉන්න කෙනෙක් වෙන්න ඇති කියලා.
එත් උඹ වැන් එකට නැග්ග වෙලාවේ ඉදන් අපිත් එක්ක විවිධ දේවල් ගැන කතා .... රාවණා ගැන, දඩුමොනරයක් පදවන්න ඕනේ සුදුසුකම් ගැන, බැබිලොනියා ශිෂ්ඨාචාරේ ගැන, විඩියෝ එඩිටින්, හැකින් ගැන... තව තව දෙවල්... විහිළු කතා.....
මගේ ජිවිත අත්දැකිම් ඇතුලේ මම දැකලා තියනවා අනිත් අයට ජිවිතේ ගැන ලොකු දෙවල් කියාදෙන මිනිස්සු තමන්ට දෙයක් වුනාම මහා ඇදවැටිමකට ලක්වෙන හැටි. එත් නුඹ ජිවිතේ දිහා ( තමන් දිහා ) බලන දැක්ම විශිෂ්ඨයි..... එක විශිෂ්ඨ වෙන්නේ කලාතුරකින් කෙනෙකුට දෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නිසයි.
කොහොම හරි නුඹට හොද මිතුරන් සමුහයක් ඉන්නවා. එකත් නුඹට මහා ශක්තියක්. එත් හෙට හො අනිද්දා කරන ශල්‍යයකර්ම්යට නුඹ මුහුණ දිය යුත්තේ තනිවමයි. එකට අවශ්‍යය ශක්තිය ධෛර්යය නුඹට ඇති තරම් තියනවා. ඉලන්දාරියාට ඉක්මන් සුවය පතනවා... ( රැඩිකල් කවියා )

කුරුම්නියා said...

ඔබට ඉක්මන් සුව යාඵ...

තාරක Dilsh@n said...

ඔයාගෙ සැත්කම උපර්ම අයුරින්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!

කෝලා said...

කවදාවත් දැකල නැති කටහඬක්වත් අහල නැති ලෙඩ වෙච්ච මනුස්සයෙකුට ඉක්මනින් සුවය අත්වෙන්න කියල වෙන මිනිස්සු පන්සල්වල භෝධි පූජා කරනවා දේවස්ථානවල යාච්ඥා කරනවා. මේ වගේ මිනිස්සු හැම තැනම ඉන්නවනම් මේ ලෝකය කොච්චර ලස්සනද ? ...

පිරිසිඳු මිනිස් සිත් වලින් කරන ආශිර්වාදයන් මම ගොඩක් ඉහලින් විශ්වාස කරනවා. මෙච්චර ගොඩක් අපේම සහෝදර සහෝදරියන් ඔබට කරන ඒ ආශිර්වාදය හෙවනැල්ලක් වගේ අයියගෙ පස්සෙන් එනවා. ඉතින් ඒ මහා යෝධ ආශිර්වාදයේ බල මහිමයෙන් අයියට ඉක්මනින්ම සුවවේවි.

මමත් ප්‍රාර්ථනා කරන්නෙ අයියට ඉක්මනින්ම සුව වෙන්න කියල...

ayesha said...

obata ikmanan suwa lebewa yalu

kumaraya said...

මමත් ඊයෙ උඹව හෙව්වා මලේ .. කොහෙද හොයාගන්න බැරිවුනා ...
ඉක්මනට සුවපත් වේවා...

masking said...

ඉක්මනින් සුව පතනවා ඉලංදාරියා ඔබට.. :)

රත්ගමයා said...

පරිස්සමෙන් ගිහින් එන්න අයියේ...
බය වෙන්න එපා...
ඔයාට වරදින්නේ නෑ...
බුදු සරනයි

ගල්මල්-Coral said...

හැම කාර්යයක්ම සර්ථක වේවා! ඉක්මනට හොඳවෙලා එන්න. අපි හැමෝම නුඹ වෙනුවෙන් පතනවා මල්ලියේ, තෙරුවන් සරණයි!

Anonymous said...

මම ඊයේ තමයි ඔයාව මුලින්ම දැක්කේ... මම ඔයාගෙන් සපත්තුව ඉල්ලුවට ඔයා කවුද කියලා හරියටම දැනගෙන හිටියේ නැහැ. සපත්තුවා දාගෙන යන ගමන් මම පාසල්ගෙන් ඇහුවා "ඒ ඉලංදාරියද?" කියලා. පාසල් කිව්වා එයාටත් හිතුනේ ඒ ඉලංදාරියා තමයි කියලා. ඔයාව අඳුර ගන්න ලැබීම ගැනනම් මට ගොඩක් සතු‍ටුයි. ඒත් මට වැඩිය කතා කරන්න හම්බ උනේ නැහැ ඔයත් එක්ක. ඉකමණටම සනීප වෙලා ආයිත් දවසක් ඔයත් එක්ක විනෝදෙන් ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..... :)

Anonymous said...

ඉක්මන් සුවය පතනවා අයියේ..ඉක්මනට සුව වෙලා එන්න...

නිසල් said...

ඉක්මන් සුවය ලැබෙවා යාලුවා

පබලු said...

නිරෝගි සුවය ප්‍රාර්ථන කරනවා යාලු.අපි ඉක්මනට චැට් එකක් දාමු.අනික හුග දවසකින් කතාකරන්නත් බැරි වුනා නේ

අනූ said...

ඉක්මණින්ම සුව වෙන්න අය්යෙ..

අනූ said...
This comment has been removed by the author.
සංජු said...

මල්ලි ඉක්මනට සුව වෙලා එන්න. මේ වගේ දෙයක් අහන්න මම හීනෙන්වත් බලාපොරොත්තු වුණේ නෑ... ඇත්තටම අපි මොන තරම් සතුටින් ආවද? ඔයාගේ ඔළුව අතගාල යනකොටවත් මම මේ තරම් දුක හිතෙන දෙයක් අහන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. ඒත් අපි හැමෝටම වඩා ඔයා හරිම ශක්තිමත්. ඉක්මනට සනීප වෙලා ඇවිල්ලා අපිට කියන්න ඔයාට සනීප වුණා කියලා. එතකල් අපි හැමෝම බලාගෙන ඉන්නවා. මල්ලියට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!

මකුළුවා..... said...

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝදරයා...මම තව තවත් පුළුවන් විදියට උදව් කරන්නම්....

සරත් ලංකාප්‍රිය said...

මේ වෙන විට උඹේ ශල්‍යකර්මය අවසන් කරලා ඇති කියල හිතනවා. එකෙන් උඹට සම්පුර්ණ සුවය ලැබෙන්න කියල මම හදවතින්ම පතනවා.

Anonymous said...

ඔබට අනිවාර්ය ඉක්මන් සුවය...

සමහර විට ඔබේ ශ්‍රවණ ගැටලුවත් මේ නිසා ඇති වූවක් වෙන්න පුළුවන් කියලත් හිතුන.

සුපුරුදු පරිදි දිරියෙන් ඉදිරියට යන්න ..

සත්සමුදුර said...

මල්ලී, මම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!

jhothishalanka said...

ඔබට ඉක්මනින් සුවය ලැබේවා.අප සැමගේ සිත් වලින් ඇති කරන මෙම පාර්ථනය ඉලංදාරියා මල්ලීට ඉක්මන් සහනය සුවය ලැබෙනවාමයි.

Pitasthraya said...

වරදින්නේ නෑ කවදාවත්.. ඉක්මනටම හොඳවෙලා අපි ලඟට ආයෙමත් එන්න

Anonymous said...

ඔබට ඉක්මන් සුව ලැබේවා..!

dedunu said...

ඉක්මනට හොද වෙලා එන්න අයියේ !!!

Anonymous said...

මෙයාගේ අලුත් තොරතුර දන්නා කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දානවද

Anonymous said...

දිලුම්ට දැන් කොහොමද කියල දන්නකෙනෙක් කියනවද?

Anonymous said...

get well soon bro....danada samidu saranai....sanath

MaXoR (MaXoRLand.Blogspot.com) said...

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා

Trekker said...

Get Well Soon... Lt me know your situation now..

Sujeewa Kokawala said...

What happened to Dilum?

Anonymous said...

මැයි පලවනදා අසාධ්‍ය තත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුල් කල දිලුම් 8වන ඉරිදා යලිත් වරක් සිහිසුන් වීම නිසා මහනුවර මහ රෝහලේ එන් සී අයි සී යූ {NC-ICU-2} හී තවමත් ප්‍රතිකාර ලබමින් සිටී අද [11] වනදා වනවිට තත්වය එයයි.

Hasitha Gunasinghe said...

ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

Anonymous said...

ආදරනිය සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!

Anonymous said...

දිලුම් මල්ලී..,

මේ දිගු සසරේ
කවමදාකවත්
මෙවන්වූ අකල් මරණයකින්
ලබැඳි සිතැත්තන්ගෙන්
මෙලෙස වෙන්වන්නට
ඔබට සිදු නොවේවා ...!!

සරත් ලංකාප්‍රිය said...

මම ඔබ දුටුවේ ඔබේ සටහන් වලින් හා අනිකුත් සහුර්දයින්ගේ අකුරු තුලින් පමණයි..මේ සුළු අතරවාරයේ ඔබට මගේ නොමේරු බ්ලොගයට එබෙන්නට තරම් සිතක් තිබුන.. නොදුටු නොදන්නා අය අතරේ මෙතරම් කම්පනයක් ඇතිකර සමුගන්නට සමත් කෙනෙක් ජීවත් උනා නම් කොයිතරම් දුර යාවිද කියල මට හිතෙනවා.. අන්තිමට ලියු මේ සටහනට u TURN එකක් ඇතුළුකලේ සංසාරේ ගමනේ තවත් රවුමක අපසු හැරවීම සනිටුහන් කරන්නද ? කවුරු මොනවා කිවුවත් යහමින් මුදල් ඇති තැනක හිටියානම් ඔබේ ඉරණම මීට වෙනස් වෙන්න තිබුන කියලත් මට හිතෙනවා.. සසර සරනතුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියල පතන්නම්..

ලකී වික්‍රමසිංහ said...

දයාබර සොයුර දිලුම්, මනුස්ස ජීවිතය මහා පුදුමාකාරයි. ඔයාට උදව් කරන්න තිබුණ හැම අවස්ථාවක්ම මොකක් හරි හේතුවකින් වැලකිලා ගියත් මගේ බ්ලොග් එකට සහයෝගයක් දෙන්න අමතක නොකළ ඔබ වෙනුවෙන් මේ වගේ සටහනක් ලියන්න මම කවදාවත් හිතුවේ නෑ. ජීවිතේ හරිම ප්‍රෙහේලිකාවක්.

MUHUDU said...

මගේ මිතුරෙකු නිතරම පවසන 'මල ගිය ඇත්තෝ' කතාවෙන් උපුටාගත් මේ වචන පෙළ ලියා යන්නම්.
"නොගොස් එන්නට බැරිය
නෑවිත් යන්නට බැරිය
යාමද දුකකි
ඒමද දුකකි
මෙලොව ඇත්තේ යෑම් සහ ඒම් ය."

ඔබට නිවන් සුව!

Vinod Saranga said...

දිලුම් සොයුරේ ඔබට නිවන් සුව අත්වෙවා!

chamoda said...

දිලුම් සොයුර ඔබට නිවන්සුව අත්වේවා !!!!

kiriyakos_prince said...

Niwan Suwa Athwewa.....

Anonymous said...

ඔබට නිවන්සුව සොයුර...
(සිංහල බ්ලොග් ඇඩ්මින් මහතුනි, කරුණාකාර මෙවැනි බ්ලොග අනාගතයේදී සින්ඩියෙන් ඉවත්වීම නවතන්න)

Anonymous said...

දිලුම් අයියේ ඔබට නිවන්සුව ලැබේවා.....

Anonymous said...

දිලුම් සොයුර ඔබට නිවන්සුව අත්වේවා !!!!

rajapaksha said...
This comment has been removed by the author.
rajapaksha said...

වෙලාව අවාම යන්න වෙනවා ඔබට සුභ ගමන්.
ඔබට නිවන් සුව අත්වෙවා.

AsiDisi said...

ඔබට නිවන් සුව ලැබේවා..!!

dilum said...

අයියේ ඔයාට නිවන් සුව අත්වේවා......

Anonymous said...

දිලුම් සොයුර ඔබට නිවන්සුව අත්වේවා

Unknown said...

ඔබට නිවන් සුව! මෙවන් අකල් මරණවලට සසර සැරිසරතෙක් ගොදුරු නොවේවා...

Pali said...

ජීවිතය පිළිබඳ බොහෝ දේ ලියා එහි සැබෑ සොබාව තම ජීවිතයෙන්ම අපට කියා දී අපෙන් සමුගත් නොදු‍ටු සොයුර....කිසි කලෙක මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවායි පතමි. ඔබට නිවන් සුව!!!

Induwara Asapuwa said...

නොදුටු ඉලන්දාරියා.
බොහො ඇසූ පිරූ ඉලන්දාරි ඔබ
වැඩිහිටි වන්නට මත්තෙන්
නොදොඩාම ‍නොකියාම
නොඑන්නටම ගිය සඳ
ජීවිතය අපට
මේ පසක් කරන්‍නේ
මරණ‍යේ රුදුරු බවමද..............

නිවන් සුව සොයුර
ඔබට නිවන් සුව!

Induwara Asapuwa said...

නොදුටු ඉලන්දාරියා.
බොහො ඇසූ පිරූ ඉලන්දාරි ඔබ
වැඩිහිටි වන්නට මත්තෙන්
නොදොඩාම ‍නොකියාම
නොඑන්නටම ගිය සඳ
ජීවිතය අපට
මේ පසක් කරන්‍නේ
මරණ‍යේ රුදුරු බවමද..............

නිවන් සුව සොයුර
ඔබට නිවන් සුව!

Priyanka said...

ඔබට නිවන් සුව..

Anonymous said...

u shud kno that ppl have really loved u.. even i gt to see this by a girl whose trying to find u in FB ! so u will stay in their minds for ever !!
Rest in peace brotha !

Hiru said...
This comment has been removed by the author.
Hiru said...

man meta kalin ekama eka parak ape aiya kenek face book share karapu link ekakin oyage post ekak kiyewwa mata athkota blog ekak tibbe nathi nisa aye oyawa hoyaganna bari una dan man oyawa hoyagannakota man parakku wadi :( oyata niwan suwa ath wewa !!!

Praසන්ன said...

කිසිදා නොදුටු දිලුම් සොයුර, ඔබට නිවන් සුව පතමි !

Anonymous said...

සමන් මලක් පර වුනාට ඒ මලේ සුවද කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ වගේ ඔයා අපි අතරින් වෙන් වෙලා ගියාට ඔයාගේ ඒ මිත්‍රත්වයේ සුවද කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ...
අනේ මටත් ඔයාගෙ යාලුවෙක් වෙන්න තිබ්බනම්...
ඔයාට ඉන්න යාලුවෝ ගැන මට හරි ආඩම්බරයි මිත්‍රයා...
ඒ අහිoසක ආඩම්බරය ඔයාගෙත් හිතෙත් තියෙන්න ඇති...
ඔයා සදා අමරණීයයි මගේ මිත්‍රයා...ඔබට නිවන් සුව අත්වේවා..!

අනුවා said...

නිවන් සුව සොයුර!!

Umanda said...

ඉළන්දාරියා

"ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා

මටත් නැවට එන්න ඇහැකි මළගිය ඇත්තන් කැටුවම……"

ඉක්මනින්ම නැවත එන්න…..

බ්ලොග් අවකාශයේ අපි තාමත් ඔබ එනතුරු බලා ඉන්නවා.

ජයශ්‍රී said...

ජීවිතය කියන්නේ සංසාරගමනේ එක් තාවකාලික නවාතැන්පොලක් පමණයි.අපි හැමෝම කවදා හරි මෙතනින් නික්මයා යුතුයි.ඒත් ඔබ මෙතරම් ඉක්මනින් ඒගමන යතැයි කිසිවකු අපේක්ෂා නොකළහ.

මිතුර, ඔබට නිවන් සුව!

Unknown said...

සොයුර ඔබට නිවන් සුව...!!!

Shirosh said...

ඔබට නිවන් සුව ලැබේවා!

Dev moorthi said...

මගේ ආදරණීය රත්තරන් සයිබර් සහෝදරය බුදුන් දැක නිවන් දකීවා....!

sri lanka said...

දිලුම් සොයුර ඔබට නිවන්සුව අත්වේවා

Unknown said...

දිලුම් සොයුර.. ඔබට නිවන් සුව..!!

Maduka Jayalath said...

ජීවිතය කොතරම් අස්ථීරද? ඔබට නිවන් සුව !!!

Shiran. said...

කවදාවත් දැකලාවත් කතා කරලාවත් තිබුනෙ නැතත් දිලුම් ගේ post කියවනකොට ඔහු කොච්චර සුන්දර මනුස්සයෙක් ද කියල හිතුනා. මෙ ලොකයේ අපිට වෙනස් කරන්න බැරි එකම දේ මරණය විතරයි......

ඔබට නිවන් සුව සහොදරයා.......

Anonymous said...

නිවන් සුව අත්වේවා!!!!

Unknown said...

සොයුර..
ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා!

Rajitha Abeysinghe said...

දිලුම් සහෝදරයාට නිවන් සැප ලැබේවා..........!

Slim said...

ඔබට නිවන් සුව ලැබේවා!

Anonymous said...

oyata niwan suwa pathanawa ayye

සිත් අහස said...

දිලුම් සොයුර ඔබට නිවන් සුව...

jhothishalanka said...

අපි ලියන ඒව බලන්න ඔයා නැහැ කියල දන්නවා ඒත් ඔයාගේ බ්ලොග් එක පාළුකරන්න හිතදෙන්නේ නැහැ.

රසික වික්‍රමනායක said...

ඔබට නිවන් සුව සහෝදරයා….

madu said...

ane ape dilu....oyata nivan suva prarthana karanava..oya godak hoda yaluvek..e vagema dakshayek....upadina hama bavayakama apith ekka ai ekathu venna dilu...budusaranai....!!!!

සිගිති said...

මාස කිහිපයක් බ්ලොග් අත හැරිල තිබුනට හිතුවෙ නෑ මෙච්චර ලොකු දේවල් වෙලා ඇති කියල. සැබෑවටම ඇස් අගට කදුලු ආවා. කවදාවත් ඇහැට දැකල කතා කරල තිබුන නැතත් ඉලංදාරියා බ්ලොග් අතර ජනප්‍රිය යාලුවෙක්. ඔබට නිවන් සුව ඉලංදාරියා! සසර සැරි සරන තෙක් මෙවන් අකල් මරණයක් නොවේවා

දිල් said...

උබව හුඟාක් මතක් වෙනවා කොල්ලො.....ජීවිතේ ඉවර වෙලා දවසක මාත් ඒවි උබ ඉන්න දිහාට..එදාටත් දිල් අක්කෙ කියලා මට කතා කරපන්......

නිවන් සුව පතනවා හැර වෙන මොනවා නම් මම කරන්නද ?

Anonymous said...

මාස දෙක තුනකින් බ්ලොග් බලන්න බැරි උනා..අද තමයි මේ තරම් දෙයක් වෙලා කියල දැන ගත්තෙත්..ඔබට නිවන් සුව සහොදරයා..

මහිම මදුරංග said...

දිලුම් සොයුර ඔබට නිවන් සුව...

jhothishalanka said...

ඔයා අපෙන් සමු අරන් මාස තුනක් ගතවෙලා ඒත් අපේ හිත්වල ඔයා තාම ඉන්නවා.

Sihina said...

as dekata kadulak enna kalin..mage me hadavatha hadapu palaveni vathava ekath nodakapu..nodanna..aganthuka sahodarayek vu obata..niwan suwa labewa..

දිල් said...

සැඟව ගෙවුනද කාලය
ගෙවුන වසත් සමඟ එක්කම
හදවතෙ කොනක ඉඳ...තාමත් නෙත තෙමන
නුඹ මතක
කොහේ සැඟවෙන්නද
ඉලන්දාරියෝ.....

සරත් ලංකාප්‍රිය said...

මගේ අලුත් බ්ලොග් ඒකට මුලින්ම ආපු උඹ.. යෝදයෙක් වාගේ කතාකරපු උඹ දැන් නිහඬයි.. අපිට ජීවිතේ ගැන මහා පාඩමක් කියල දීල උඹ ගිහින් කලක් ගතවෙලා. ගොඩකට උඹව මතක නැද්ද මන්දා..මං කවදාවත් දැකල නැතත් මට මවාගන්න චිත්ත රුපයක් දීල ආපහු එන්නම් කියල ලියල ගියා. ජීවිතේ හැම පිටුවක්ම කඩඉමක්.. මේ ආත්මේ කැඩීමෙන් ඊළඟ ආත්මෙට ගිය උඹට සසර වසනාතුරු කිසිම භවයක නැවත මෙවන් දෙයක් නොවේවා කියල පතන්නම් සහෝදරයා.

වැප් said...

උබ නැතත්
ලීයූ දේවල්
බලා යන්නට
හිස් අතින් පැමිණ
හිස් අතින් යන්නට ගියෙමි

අකීකරු හිත said...

ඉස්සර මුණු පොතේ හම්බ වුන වෙලාවට හැම වෙලේම කිව්වේ හිත හයිය කරගෙන ඉදපන් නංගියේ කියලා...
අද මට එහෙම කියන්න කවුරුත් නැ සහෝ....

Observer said...

දිලුම් නිසා සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බොහෝ දෙනෙක් එකිනෙකා හමුවුනා.
දිලුම් අමතක නොකර මේ බ්ලොග් එක දිගටම පවත්තගෙන යං අපි.

සංජන මැක්ස් said...

ජීවිතය හරිම පුදුමයි.. ඉලංදාරිය ඔබට නිවන් සුව

jhothishalanka said...

ඉලංදාරියා නැති වුනත් එයාගේ බ්ලොග් එක දිගටම තියේවි.2012,2013,.... දිගටම.

Asanka Udayanga said...

කිසිදා අමතක නොවන සොදුරු මිනිසා....

කල්ප said...

අද තමා ඉස්සෙල්ලම මේ පැත්තට ගොඩ වුනේ ඒත් සොයුර නුඹට අතිවුන ඉරණම කියවූ කල දරාගන්න බැරි දෙයක් හිතට දැනෙනවා.වැඩියත්ම දුක නුඹ අපි අතර රැදිකාලේ මට නුඹගේ යහළුවෙකු වීමට නොහැකි වීමයි.සමුගත්තත් යන තැනක හැමදාම නුඹ වෙනුවෙන් මල් පිපේවී...ඉන්න තැනකට වෙලා අපේ දිහා බලන් ඉන්න සොයුර...මේ සයිබරයේ නුඹට හිමි තැන තාමත් එලෙසමයි.නිවන් සුව ලැබේවා සහෘදයාණෙනි...!!

Shaaanu489 said...

මචන් උඹට නිවන් සුව ලැබේවා ....

සරත් ලංකාප්‍රිය said...

ඇවිත් යන්න ආවා සහෝදරයා. අපිත් මෙහෙන් යනකම් පුළුවන් වෙලාවට අතපය වාරු තියෙන කාලේ ඇවිත් යන්න එන්නම්..

Asa said...

සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මම ප්‍රාර්ථනා කලේ නැතත් අයියට සනීප වෙනවමයි.එක ප්‍රාර්ථනාවක් වුනත් ඒක මුළු හදවතින්ම කරන්නෙ....

Asa said...

අයියෙ සමාවෙන්න මම පස්සෙ දන්නෙ ඔයා අපේ තාත්තා ගිය දිහා ගිහින් කියලා...

Janitha said...

දිවියේ කිසි දිනෙක හමු නොවූ, කතා බස් කරන්නට නොයෙදුන දිලුම් අයියේ...
කියවද්දි ජීවිත කතන්දරේ කදුලු කැට කඩං හැලුනෙ ඇයි කියලා මම දන්නෙ නෑ..
ලියන්නට යෙදුනා ඔබ ගැන..
කඩං වැටේවි තවත් දහසක් කදුළු කැට..
ඒත් එක්කම මතක් කරලා දේවි මිනිසත්කමේ සුන්දරත්වය ගල් ගැහුනු හිත් වලට..
ආයෙ අපි සමරමු සිහින උළෙලක්..
අයියා නොකියාම ගියාට කමක් නෑ ඉක්මනට එන්න..

ගැමියාගේ පත් ඉරුව said...

දුකින් වුනත් කොමෙන්ටුවක් දාන්නේ කොමෙන්ටු නොදා යන්න නොසිතෙන නිසා... මම පරක්කුයි අයියේ සමාවෙන්න...

නෙත්මි said...
This comment has been removed by the author.
නෙත්මි said...

ඉදහිට ඔයාගෙ බ්ලොග් එකට මම එනව.ඔබ ජීවිතයෙන් සමු අරන් බොහෝ කල් ගත වෙලා නමුත් මිතුරන් ඔබව අමතක කර නැති බව ඔවුන්ගේ දුක්බර අදහස් වලින් පේනව.එක් අතකින් ඔබ වාසනාවන්තයි.හිතවත්ව ඇසුරු කල අයෙක් මිය ගියත් කලක් යන විට මතකයෙන් ඈත්වෙලා යනව.නමුත් කිසිදා නොදැකපු ඔබ බ්ලොග් මිතුරන් අතර තැබූ මතකය සදා අමරණීයයි.ඉපදීම මියයාම ලෝක ස්වභාවයමයි.එය කිසිවෙකුටත් වෙනස් කල නොහැකියි.යලිත් ඔබ අප අතරම උපදීවි.එදාට අපි කතා කරමු.ඉතින් මලේ නුඹට නිවන් සුව!

Pabasara Abeysooriya said...

අයියට නිවන් සුව පැතුවත් මගේ හිත කියන්නේ අයියට ඊලඟ ආත්මෙදි වත් මගේ සමීපතම යාළුවෙක් වෙන්න ලැබේවා කියලයි. කිසිම ආත්මෙකදි මේ වගේ මරණයක් අත් වෙන්න එපා කියන එකයි මගේ පැතුම.

Anonymous said...

jeewithe Harima Pudumaakara Deyak. Apata Awashyama Aya Awashyma mohothe apiwa Dala Yanawa. Eth meloketa Wadak Nathi minissu awrudu siya ganan jeewath wenawa.
ane aiye oya ayeth api atharama ipadewi.
Oyata niwan Suwa!!!

SANDAWAN KANDY said...

jeewithe Harima Pudumaakara Deyak. Apata Awashyama Aya Awashyma mohothe apiwa Dala Yanawa. Eth meloketa Wadak Nathi minissu awrudu siya ganan jeewath wenawa.
ane aiye oya ayeth api atharama ipadewi.
Oyata niwan Suwa!!

Anonymous said...

Ikmanta hoda wenna aiye...apahu api atharata enna.

Anonymous said...

ikmanta hoda wela api atharata apahu enna aiya...

MindSpring said...

ප්‍රිය සොයුර,

ඔබේ අඩවියට පැමිනි මුල්ම දවස අදයි.
ඒත්....
ඔබ යන්නම යන්න ගිහින්...

නිකම්ම නික්ම් නොවෙයි. කිසිදා දැක නැති, කතා කර නැති, අඳුනන්නෙ නැති විශාල පිරිසක් එකට එකතු කර කුසලයක පිහිටුවලීමට ඉඩ හසර සලසමින්.

එපමනක්ද නොව, තවත් ඔබ වන්ම අහිOසජ නැගනියකට ලොවට කන් දෙන්නට ඉඩ හසර සලසමින්.

පින්වත් මිතුර,
ඔබට නිවන් සුව!!!

සරත් ලංකාප්‍රිය said...

ජීවිතේ කියන්නේ නයට අරන් ආව දෙයක් සහෝදරයා. නය කාරයා උදුරාගෙන යන්න කලින් ආයිත් වතාවක් මන් සටහනක් දාන්න ආවා..

සිත්රූ සිහින said...

හදිසියෙ බ්ලොග් පිටුව පෙරලුවාම දැක්කෙ දිලුම් අයිය අන්තිමට දාපු පෝස්ට් එකට අදට හරියටම අවුරුද්දක්..අනේ ඔබ හිටියනම් මේ බ්ලොග් එක මොන තරම් ඔබේ සුන්දර සිතුවිලි වලින් හැඩ කරයිද..ආයෙම සැරයක් මේ ලිපිය කියෙව්ව..හැමෝගෙම ප්‍රතිචාරත් කියෙව්ව..ඔබ ජීවත්ව සිටින කාලෙ කිසි දාක මට හමුවෙලා නැතත් ඇත්තටම ඇස් වලින් වැටුනු කඳුලු වලින් තේරෙනවා ඔබ අපි හැමෝගෙම හිතවල කොයි තරම් පැළ වෙලාද කියලා..
මතු කිසිම ආත්මයක ඔබට මෙහෙම අකල් මරණයක් නොවේවා..

ගවේෂක said...

දයාබර දිලුම් ඔබේ බොලොග් අඩවියට මා පැමිනියේ අද වුවත් ඔබ හා අවුරුදු ගනනාවක මිතු දමක් තිබුනේ යැයි හැගේ...අන්තිම පෝස්ටුව කියවන විට දැනුන ඒ හැගීම නෙතින් ගලා ගිය කදුලු කැට සාක්ෂි දරයි....ඔබ අප අතරින් වෙන්ව ගියේ නැත...ඉලන්දාරියා ඔබ සදා අමරණියයි...මතු සසරේ මෙවන් අකල් මරන අත් නොවේවා... සොයුර ඔබට නිවන් සැප ලැබේවායි පතමි....

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

ඔබව සිහි උනා

Best Business Brands said...

පාසල් කාලයෙන් පසුව සංගීත කණ්ඩායමක් හා එක්ව තමන්ගේම ගමනක් යන්න උත්සාහ කරපු ඔහු අද දිනයේ තවත් කඩඉමක් පසු ...

සරත් ලංකාප්‍රිය said...

බලල යන්න ආව. මගේ බ්ලොග් එකට ඉස් ඉස්ස්සෙල්ලම් ආව ඉලන්දාරියාව..

Hasitha Gunasinghe said...

Observer said...

දිලුම් නිසා සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන බොහෝ දෙනෙක් එකිනෙකා හමුවුනා.
දිලුම් අමතක නොකර මේ බ්ලොග් එක දිගටම පවත්තගෙන යං අපි.
November 11, 2011 11:35 PM

…මෙහෙම කියපු ඔබා මාමත් යන්න ගියා. ඒත් අපි අපිට පුලුවන් කාලේ වෙනකම් මේ දේ කරමු.

The Modern Patriot said...

මම බ්ලොග් අවකාශයට පය ගහන්න කලින්ම දිලුම් හිස් අවකාශයට ගිහින් තිබ්බා. ඒත් දිලුම් ගැන තාමත් තැන තැන කථා කරනව දැක්කා.

ඇවිත් සති කීපයක් සයිබර් ආශ්‍රය කරපු ඔබා මාමා ත් අපිව දාල යන්න ගියා.

බ්ලොග් අවකාශය කියන්නේ මේ සමාජ රාමුව ඇතුලේ එක පැති කඩක් විතරයි. යන්නේ කවුද එන්න කවුද තීරණය කරන්නේ නොදන්නා, නොතේරෙන බලවේගයක්. මේ ලියන අපිත් මේ බලවේගයට අභියෝග කරන්න ශක්තිමත් නැහැ.

හැබැයි අභියෝගය බාර ගත්ත ඔය දෙන්නවම අපි තනි කරන්නේත් නැහැ.

The Modern Patriot said...

මම බ්ලොග් අවකාශයට පය ගහන්න කලින්ම දිලුම් හිස් අවකාශයට ගිහින් තිබ්බා. ඒත් දිලුම් ගැන තාමත් තැන තැන කථා කරනව දැක්කා.

ඇවිත් සති කීපයක් සයිබර් ආශ්‍රය කරපු ඔබා මාමා ත් අපිව දාල යන්න ගියා.

බ්ලොග් අවකාශය කියන්නේ මේ සමාජ රාමුව ඇතුලේ එක පැති කඩක් විතරයි. යන්නේ කවුද එන්න කවුද තීරණය කරන්නේ නොදන්නා, නොතේරෙන බලවේගයක්. මේ ලියන අපිත් මේ බලවේගයට අභියෝග කරන්න ශක්තිමත් නැහැ.

හැබැයි අභියෝගය බාර ගත්ත ඔය දෙන්නවම අපි තනි කරන්නේත් නැහැ.

Yasith said...

Obata niwan suwa athwewa ! Mithure...

Ghost said...

rest in peace bro!

තිසර said...

කාලෙකට කලින් මම කවියක ලිව්ව නාඳුනන කඳුලක දුක අපිට හරියට දැනෙන්නේ නෑ කියන අදහස. එහෙන් මෙහෙන් පාර හොයන් මම ඇවිත් තියෙන්නෙ මට වචනයෙන් විස්තර කරන්න බැරි තැනකට... මේ බ්ලොග් එකේ අයිතිකාරය, ඉලංදාරියා, නැත්නම් දිලුම් දැන් අපි අතර නෑ... ඒත් මේ බ්ලොග් එක තාම තියනවා... ඒකෙ තාම කට්ටිය කොමෙන්ට් කරනවා... මම කවදාවත් දිලුම්ව දැනගෙන හිටියේ නෑ... ඒත් මම දිලුම්ගේ පෝස්ට් කීපයක් කියෙව්වා.... දැන් මම දිලුම්ව ටිකක් දන්නවා.... දැන් දිලුම් නාඳුනන කඳුලක් නෙමෙයි.... දන්න කියන කඳුලක දුක වැඩියි.

PM said...
This comment has been removed by the author.
නිහඬ සිතිවිලි (Indrachapa) said...

ඉපදෙන අපි ඔකොම කෙදිනක හෝ මේ සිරුර හැර යනව, ඒ කවදද කියන්න කවුරුත්ම දන්නෙ නෑ. කෙසේ උවත්, මතු කිසිම භවයක මෙලෙස අකල් මරන සිදු නොවේවා.......

නිහඬ සිතිවිලි (Indrachapa) said...

ඔබ ඉන්නා තැනක, නිරෝගිමත් ජීවිතයක් අපගේ පැතුමයි... හැකි දිනක අප අතරට නැවත ඒවි යයි අපි විස්වාස කරමු..

Anonymous said...

click fmchVwIu [URL=http://www.adjustable--dumbbells.com/]bowflex 552[/URL] to your friends rJGovsIR [URL=http://www.adjustable--dumbbells.com/ ] http://www.adjustable--dumbbells.com/ [/URL]

V said...

ඉලන්දාරියා , අවුරුදු දෙකකට පස්සේ අදයි මම මගේ බ්ලොග් සටහන දිහා බැලුවේ , උබ අද අපි අතරේ නෑ , ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක් , මට වෙලාවකට මම ගැනම තරහයි බං .එත් මොනවා කරන්නද අපි ඔක්කොම පව් පින් කරලා තියෙනවා , අපි පෘතග්ජනයෝ , අපි කරපු පව් සහ පින් තමා අපිට පඩිසන් දෙන්නේ කියලා තියෙනවානේ , උබ ඔහොමම හිටහන් තව ටික කාලයකින් අපි නැවත එකතු වේවි මගේ සහෝදරයා......

NUWAN said...

උබත් එක්ක අපි හෑමදාම ඉන්නවා මල්ලී.බලල යන්න කියල ආවා.

Anonymous said...

buy a rAGEexUK [URL=http://www.cheapdesigner--handbags.weebly.com/]designer outlet[/URL] for more detail cQLDhNCw [URL=http://www.cheapdesigner--handbags.weebly.com/ ] http://www.cheapdesigner--handbags.weebly.com/ [/URL]

Anonymous said...

you definitely love NUsGzYAE [URL=http://www.cheapdesigner--handbags.weebly.com/]knock off purses[/URL] , just clicks away TnnsbSQq [URL=http://www.cheapdesigner--handbags.weebly.com/ ] http://www.cheapdesigner--handbags.weebly.com/ [/URL]

Anonymous said...

best for you CWtvrIOm [URL=http://www.cheapdesigner--handbags.weebly.com/]replica bags[/URL] to get new coupon JXbupuFQ [URL=http://www.cheapdesigner--handbags.weebly.com/ ] http://www.cheapdesigner--handbags.weebly.com/ [/URL]

jhothishalanka said...

අවුරුදු ගානකට පස්සේ ආවේ...ඔබව තාමත් මතකයේ ඇත.

Unknown said...

ඉලංදාරියා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

දුකා said...

කාලෙකට පස්සේ අහම්බෙන් මේ පැත්තේ ආවා . . දිලුම්ව සිහිවෙලා අහැට කඳුලක් ඉනුවා . . හ්හ්ම්ම්ම්ම්

Shaaanu489 said...

දුකා අයියේ මමත් අද ආවා මේ පැත්ත බලල යන්ට

jhothishalanka said...

නුඹට නිවන් සුව මල්ලී....

Unknown said...

ඔබට නිවන් සුව!!!

sameera wijayawardane said...

ඔබට නිවන් සුව ලැබේවා.....!!!!

TerminalEye said...

Rip

jhothishalanka said...

ඉලංදාරියාව මතක් වුනා....

Mahesh said...

මම බ්ලොග් ලෝකෙට බොහොම අලුත් බ්ලොග් කියවන්නෙක්. දුමීගෙ බ්ලොග් එක හරහා තමා උම්බේ බ්ලොග් එකට ආවේ. මෙක කියවන කොටත් උම්බ ගිහින් අවුරුදු 9 කුත් මාස ගානක්. ඒත් කොමෙන්ටුවක් නොදා යන්න හිත ඉඩ දුන්නේ නෑ. ඉන්න තැනක සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Anonymous said...

ඉලා උඹව මතක් උනා බලලා යන්ඩ ආවේ
Shaana

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This