Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, September 22, 2010

PostHeaderIcon කඩල ගොට්ටක් අතින් අරගෙන

  
මටත් මතකයි දිනක් ගෙවුනා
මාත් තනියම මුහුදු වෙ
රලේ
මටත් මැවුනා බොදවුනු සිතුවම්
ඇන්ද රේඛා විලස වෙරලේ

 
හදවතින් ගැයු ශෝක කවියත්
දියකරා මම මුහුදු වෙරලේ
මතකයන් මම ගලවලා
විසිකරා ඇදෙන සයුරේ

කිසිම දවසක එක් වෙන බැරි
එකට ඇදෙනා රෙල් පාරේ
කඩල ගොට්ටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ

9 comments:

Anonymous said...

ලස්සන අදහස...(දුක්බර අදහස)
මම කියන්නම් වුන්නේ මේ කවිය ඉලන්දාරියාගේ බ්ලොග් එකේ පලකරන්න කියල....

සෝරෝ said...

කඩල ග්ට්ටක් ගෙන වෙරළ අයිනේ
පියැමැන්න ඒ නැන්දෑ යාමයේ
දිය රැළි වෙර්ළේ සැඟවෙන්නාසේ
අතීතෙට සමු දියන් මා මිතුරේ..

ලස්සනයි සහෝ...!!

රත්නේ said...

ගනන් ගන්න එපා සහෝ,ලොකේ තවත් ඉලංදාරින්ට මෙහෙම වෙලා තියනවා!!!!

ස්වප්නා said...

අනේ... හරිම ලස්සනයි !!

ගීත් (සහෘදයා) said...

ඉලන්දාරියාගෙන් මම කියවපු ලස්සනම ගී පද පෙළ. උපරිමයි.. මට තනුවකුත් හිතට ආවා...ඒ තනුව හරියට අර විජේ කුමාරතුංග මහත්තයාගේ ”සීත රැයකදී මුහුදු වෙරලේ තනිව ඉන්නා විට ඔහේ” සිංදුව වගේ එකක්. පද පේළිත් සමාන්තරව යනවා. මම අද නේවාසිකාගාරයට ගිහින් ගිටාර් එක ගහලා බලන්නම් කෝමද කියලා. පුළුවන් උනොත් රේකෝඩ් කරලා එවන්නම් කෝ

රවා said...

අපුරුයි ඉලංදාරියා. උඹ විතරක් නෙමෙ මුහුදු වෙරලෙ තනි වුනෙ, අපිත් එතන හිටියා, උඹ අඳුන ගන්න බැරි වුණා නොවැ. අපුරුයි ඇත්තටම, අද බලපු හැම බ්ලොග් එකකම ලස්සන අපුරු දෙවල් ටිකක් තිබුනෙ, ස්තුති අපිත් එක්ක බෙදාගත්තට..

Unknown said...

තනිකම විදින්න මුහුදු වෙරල තරම් තැනක් තවත් කොහින්ද නේද ඉලංදාරියො

ජංජාල චාමර said...

පරණ දේවල් මතක් කරන්න , තනියම පොඩ්ඩක් හිතන්න නියම තැන beach එක!!

බිඟූ said...

කඩල ගොට්ටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This