මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, June 30, 2010
බාදකයක් තමයි එයනම් බිදින්න..
12:54 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිරු අහසේ සැගවී මට කී කතාවේ
රහසක් කියන්නම් නැලවී ලතාවේ
එනමුත් සිතපුරා ලදකගේ සිනහාවේ
සොයුරේ මෙය අසන් නොවැටී මුලාවේ
හිතපුරා පිරුන සිත්තම් ගෙත්තම් කරන්න
ලග බලා නොවෙයි දුර පිය නගන්න
බාදකයක් තමයි එයනම් බිදින්න
ඉගෙනුම ජය අරන් ඒගැන සිතන්න
සොර සතුරන් විසින් අරගෙන නොයන්න
ඉගෙනුම නම් දනය නුබ රැස්කරන්න
හෙට ලොව එලිය වුනුවිට ආපසු හැරෙන්න
ඇය පමනක් නොවෙයි බොහොදෙන දකින්න
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
12 comments:
අමුම අමු ඇත්ත......ඒත් වැඩේ කියන්නේ ගොඩක් එවුන්ට ඕක තේරෙනෙකොට.....පරක්කු වැඩියි ඉස්තාලය වහන්න....එතොකොට අස්පය පැනලා ඉවරයි.......
සිර කතාව කොලුවෝ..........
ඒක නම් අමූලික ඇත්ත තමා මිත්රයා "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා"
[සමහරු දැන් මේක කියන්නේ "මතු රැකෙනා ශිල්පයමයි උගත මනා" කියලා
වටිනා ඔවදනක්..ඒත් ඔය දෙකම ගොඩ දා ගත්ත අය මයියා දැකලා තියෙනවා..එත් වැඩි හරියක් ඇත්තේ ලව් කරන්න ගොස් අධය්යාපනය කඩා බිද ගත් අයය. දෙකම හරියට කිරීමට නම් සැහෙන දස්මකක් තිබිය යුතුය, තමන් තුල එමෙ ද්ස්කම තිබේ දැයි පරීකශා කිරීමට ඉගේනීම ලංසුවට තැබීමට,තරම් ඉගේනීමත් එක්ක සෙල්ලම් කිරිම ට යැම එතරම් සුදුසු නොවේ..
අපූරු අදහසක් ඉලන්දාරියා...
ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කාලෙ ඉගෙන ගන්න ඕනෙ....
ඉලංදාරියට හොඳ සිතුවිල්ලක් පහල වෙලා තියෙන්නෙ. බොහොම හොඳයි
හේමලයා ට...
ඇතත තමා මචෝ මේක මේ විදිහට ලීවට මටත් ඔකම උනා.....
ස්තුතියි....
ඇනොන්...ට
ස්තුතියි....ඔබට ප්රතිචාරයට....
හසිත...ට
මොනවා උනත් මතුරැකෙනා ශිල්පයක් ඉගෙන ගන්නවානම් හොදයි..මගේ හිතේ....
කාටවත් බරක් වෙන්න ඔනේ නැහැ එතකොට...
මයියාගේ ලොකය ට..
මමත් දැකලා තියනෙවා දෙකම ගොඩ දා ගත අය ..එත් හරිම අතලොස්සක් ඉන්නේ..
දිල් ට..
ස්තුතියි සොයුරිය වෙනදාවගෙම .....ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නම විතරක් හිත යොදවන්න තිබුනනනම් හොදයි...
ඉසිබුව ට..
හිත කියනවා මම ලියනවා....
ස්තුතියෙ වෙනදාවගෙම මාව දිරිමත් කරනවාට...
Post a Comment