මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Friday, June 18, 2010
ජිවිතයට ඉඩක් දෙන්න.....
11:44 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ජිවිතයට ඉඩක් දෙන්න ජිවත් වෙන්න
මගේ හිතට දිරිය අරන් ආයෙත් එන්න
ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට ආයෙත් එන්න
හදිස්සියේ යන්න උනොත් ලෝකය හැරදා
සමාවෙන්න කදුලු අරන් ආවයි කියලා
නවතින්නට බැරි මොහොතට කාලේ ඇවිල්ලා
යා යුතුනම් යායුතුමයි ලෝකය හැරදා
සිනහව මහ සැඩ සුලගට ගසාගෙන ගිහින්
විල්ලුද ඇතිරූ හින වෙලිලා ගිහින්
නුබේ සුවද තනි රැක්කත් පියබලා ඇවිත්
සුවද සමග තනිවෙන්නම් දුකක් නැහැ ඉතින්
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
17 comments:
ආහා....ලස්සනයි....වචන ගැලපීම සාර්ථකයි
දුක හිතෙනවනෙ
නියමයි.........
දුක හිතෙනවා.... මචන් උබට පුලුවන්නම් ඊලගට ලියද්දි අකුරු ලොකු කරල දාපන්.
මේ කොල්ලට කොච්චර කිව්වත් අහන්නෙනම් නෑ. දෙපාරක් කියවන්නකෝ...
හරිම හැඟීම්බර පද ටිකක්.හිතට හුගාක් දැනුනා ඉලන්දාරියා
තනි වෙන්නට
දුක් වෙන්නට
කාලය කොයින්ද
ජීවිතය කියන්නේ
බොහොම පුංචි අවකාශයක්
දුක් වෙන්න
අඩන්න
විතරක්
කාලය ගත්තම
අපි යාලුවන්ට සතුටින් ඉන්නම බැරිද
ගියේ එක්කෙනයි මල්ලියෙ
මේ අපි ගොඩයි දැන්
ගිය ආදරේ නම් දෙන්න බැහැ තමයි
ඒත් ඊට වඩා ආදරයක්
ආයෙත් ඔයා ළඟටම ඒවි....
එතකම් අපි ඔයාම බලා ගන්නම්
ඇහැක් වගේ...
ගිත්(සහෘදයා) ට
ස්තුතියි සහෝ......
තාම බැරිඋනානේ වතුර සිතල කරනක්රමයක් හොයාගන්න....
ඉසිබුව ට...
දුකටම තමා ඔකනම් ලියවුනේ ... ඔය පද ඇතුලේ .... කවුරු වත් නොදන්න දුකක් හැන්ගිලා තියනවා....
@ Hasitha .
ස්තුතියි සහෝ....
ඉප්ස්සාගේ පලාමල්ල ට
උරුම දුකනම් මොනවා කරන්නද?...... සහෝ..
අකුරු ලොකු කරා
ස්තුතියි සහෝ....
දිල් ට
අයෙමත් වරද්දගෙන නේද?......... ආයනම් කියවලාමයි දාන්නේ...අක්කේ...
ස්තුතියි
වත් ට
ගිය අයනම් අයේ කවදාවත් එන්නේ නැහැ තමා.....අනේකවාරයක් ස්තුතියි අක්කේ....
සිනහව ගසාගෙන ගියමුත් පෙරදාක
යලි නේවි යැයි සහතික නැහැ නොවැඔබට
එතකන් ජීවිතය අරගෙන දෝතින්ම
පෙරමඟ බලමු කුමකට දුක උහුලාන
සිත් මංකඩ සැනසුම ගෙන ලඟදීම
අහවර වනු ඇතිය දුක් සංකා කරදරය
එතෙකින් නිමාවනු ඇත මේ කඳුලු ගඟ
සතුට රැදෙන්නැයි පතනෙමි හැමදාම ..!!!
"ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට ආයෙත් එන්න"
හිතට වදින වචන ටිකක් යාලූ.. දිගටම ලියන්න.. සුභපැතුම්..
- සෝරෝ
නිමන්ති ට
ස්තුතියි ප්රර්තනයට....මමත් මග බලාගෙන ඉන්නේ අයෙත් සතුට ලගවෙනකම්,,,,,
සෝරො ට..
මේ පද පෙලේ හොදම හරිය තියෙන්නේ මෙතන ...තමා....
"ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට ආයෙත් එන්න"
ස්තුතියි සහෝ දිරි ගැන්විමට....
.ඔබට ජය....
පිස්සගේ පලාමල්ල ට
උරුම දුකනම් මොනවා කරන්නද?...... සහෝ..
අකුරු ලොකු කරා
ස්තුතියි සහෝ....
Post a Comment