Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, June 16, 2010

PostHeaderIcon හිරු කුමරා හා සදකුමරිය ලග....





හදවත කියවන අපමන සිතුවිලි
ඔබ වෙනුවෙන් ලියමි
දෙදුන්නෙන් මම පාට සොරාගෙන
ඔබේ රුව අහසේ අදිමි
පරිසරයෙන් දෙන මිහිරි ස්වරයට
ගිපද මම සදමි
ලොවට හොරෙන් මම ඔබව සොරාගෙන
සුර පුරයක් ලබමි

ලස්සන ලෝකේ අප මවනා
සිහින සැබැවෙනවා
මතුයම් දිනයක ඔබ සරසා
මම කැන්දන් යනවා
සිහිනෙන් ඇවිදින් ඔබ ඉල්ලු
හැම වරයම දෙනවා
ඔබේ නම කොටලා මගේ පපුවේ
මංගල ලියවිල්ලෙ
පොරුව හැදුවේ ඔබ වෙනුවෙන්
ඔබ කොහිදෝ ඉන්නේ

බාදක තිබුනත් අපමන වෙහෙසින්
මම ජය ගෙන එනවා
හිරු කුමරා හා සදකුමරිය ලග
නැකත උදාවෙනවා
දෙමාපියන් හා නැදැ පිරිවර
අවසර දෙන මොහොතේ
මගුල් අසු පිටින් ඔබ කැන්දා මම
අහසින් පියබනවා

14 comments:

ගීත් (සහෘදයා) said...

හිහ්....හිහ්....මරු මරු...ඉලන්දාරියා කව් බෝයි ෆිල්ම්ස් ද බලන්නේ මේ දවස් වල. නියම සිංදුවක් හැදුවැහැකි මේ අදහසින්. හැබැයි මේ පද ටික නම් ගැලපිලා මදි වගේ.

ඔබේ නම කොටලා මගේ පපුවේ
මංගල ලියවිල්ලෙ
පොරුව හැදුවේ ඔබ වෙනුවෙන්
ඔබ කොහිදෝ ඉන්නේ
තව ලියමු තව ලියමු........

පබලු said...

අහසින් යනකොට පරෙස්සමෙන් ඉලන්දාරියා.මතකනේ අර ඉබ්බෙක් අහසින් ගිහින් උන වැඩේ...
මම නම් වැඩියෙන් කැමති මුලම තියන කවි පන්තිවලට.. :D

දිල් said...

ආව් ආව්....හරිම ආදරණිය පද ටිකක්නෙ ඉලන්දාරියා...

හැබැයි ඉතින් අර පබලු කිව්වා වගේ පරිස්සමෙන්...උඩින් ගමන......

සෝරෝ said...

උපරිමයි..

Anonymous said...

ඉලංදාරියගෙ හිතෙත් සුන්දර හැඟීම් පහල වෙලා තියෙන හැඩයි.

Anonymous said...

උමේ කවි හරි රහයි ....ඔක්කොම ටික බැළුවා.

මම මරුවා

Geekhunter said...

කොරයි මචෝ.. ලෙසයි හරි ලෙසයි...

ඉලංදාරියා said...

ගිත් ..ට

අර අයින් කරන්න කිව පදටිකට තාම ටිකක් හොයා ගන්න බැරි උනානේ..සහෝ

::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

පබලු ට..

මමත් අහසින් යන්න බයයි අප්පා....දෙතුම්පාරක් වැටිලා හොදටම ඇනගෙන ඉන්නේ....

::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

දිල් ට..

අක්කි දන්නවනේ වචන කවිකරාට....මට උඩින් යන්න බැහැකියලා...මේ මහපොල්වේ පය ගහගෙන ඉන්නෙත් හරිම අමාරුවෙන්....

::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

සොරො ට



::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

@ isimbuwa

හ්ම්.... සුන්දර හැග්ම් නම් පහල වෙලා තියෙන්නේ.....කවදා ඔය පදපෙල ගයන්න හම්බවෙයිද මම දන්නේ නැහැ....



::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

මරුවා ට

සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට....

::::;;;; ස්තුතියි ;;;;::::

ඉලංදාරියා said...

ශාන් ට

සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට....

::::;;;; ස්තුතියි ;;;;::::

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This