මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, August 31, 2010
ජිවිතෙ මග ඉතිරිවේ........
10:09 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අතිතය සුන්දරයි....
ජිවත් වෙන්න මග සාදවයි.....
සිත පුරා පිරුනු සිතුවිලි....
ජිවිතේ මෙය යැයි කියයි......
අප ඉදිරියේ අපේ පැතුමන්
බිම වැටී විසිරී සැලෙද්දී
මතක මංදිර හිතේ ඇදුනම....
සවිය එය වෙයි ජිවිතෙ...
නොසිතු මොහොතක කරදර ආවත්..
හිත සැලෙන මුත් එවයින්...
මතකයේ පුජාසනය ලග
ජිවිතෙ මග ඉතිරිවේ........
Labels:
කවි
|
18
comments
Thursday, August 26, 2010
හිත පුරා හුරුවෙච්ච...
11:15 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

හිත පුරා හුරුවෙච්ච නුබේ ආදරේ
මොහොතක් පාසා මට දැනෙනා රගේ
හැකිනම් එන්න හිරු කිරණ සේ මාගේ
එලිය කරනු මැන ජිවිතයම අදුර නිවා ලොකේ
ඔබ වෙනුවෙන් බැදි අපමන සිතුවිලි
හිත තුල නලියනවා
නේත් දෙක පියවන මොහොතක ඇවිදින්
නෙතු දෑලේ රජ වෙනවා
සුසුම් වැලක් පවනේ පාකර එවන්න
විහගුන් අතේ ඔයා
හෙට දවසේ ඔබ හමුවන තෙක්
මගෙ හිත ඉවසනවා
Labels:
කවි
|
14
comments
Tuesday, August 24, 2010
මේ අන්තිම හැන්දැවයි
10:17 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

මේ අන්තිම හැන්දැවයි ඔබ මා හමුවන්නේ
හෙට දවසේ නැත ආයේ ඔබ මා හමුවන්නේ
බොහෝ කලක් හිත වෙලිලා ඔබ හා
ආයේනම් නෑ ඔබ මා හමුවන්නේ
සුරතේ රැදුනා මොහොතක් පාසා
කාලය දැවෙන ලෙසින්
දුක හා සතුටෙදි මගෙලග උන්නු
තවනම් බැ ඔබ හා යන්නට මේ දිවි ගමනේ
දැස්පියාගෙන කොතරම් හිටියත්
මේ ලොව අදුරු වෙලා
ආලෝකය මට පෙනුන නිසාවෙන්
ඔබ හැරයමි "දුම් වැටියේ " මා
Labels:
කවි
|
18
comments
Sunday, August 22, 2010
දිවිමගට එලියක්
10:10 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
දිවිමගට එලියක්

වුවමනාවට වඩා හැම දෙයක් කෙරෙහිම විශ්වාශය තබගන්න එපා ....විශ්වාශය කඩවිම තුලින් ඔබට කලකිරීමක් ඇතිවේවි ...අහේතුක ලෙස කාවවත් අවිශ්වාස කරන්ත් එපා ඔබ කෙරෙහි අනයගේ පැහැදීම නැතිවේවි....
ගොඩක් සෙනෙහසින් යමක් ලංකරගන්න් එපා ....එය අහිමි විම ඔබට විදදරාගත නොහැහිවෙවී. හුගාක් ලගින් බැදිම්ක් ඇතිකර ගන්න එපා.... වෙන්විම ඔබට දුක්ක් ගෙනෙවී....
හැමොම ඔබට අවවාද කරන්න ඉදිරිපත් වෙවි ...මන්ද එය නොමිලයේ සැපයිය හැකිනිසා .... ඒ හැම එකක්ම ප්‍රතික්ශෙප කරන්නත් එපා . ඒවා ඒ අයුරින්ම පිලිපදින්නත් එපා එවා කොතෙක් දුරට ඔබට ගැල පේදැයි බ්ලන්න ඒ අනුව ඔබවිසින්ම ඔබට ලබෙන අවවාද පිළ්ගන්න
කාටවත් ඔබේ ජිවිතයට ගොඩනගාදිය නොහැකියි.ඊට අවශ්‍ය පසුබිම සලසාගත යුත්තේ ඔබමයි මන්ද එය කාගෙවත් නොව ඔබගේම වන බැවිනි........ආ
සෑම මතයක්ම දැනගනිම යහපත් වන අතර ඒවා සියල්ල අනුගමනය කිරිම අයහපත් විය හැකිය.
ඔබ දුර්වලයෙකු යැයි නොසිතන්න,නමුත් ඔබේ බොහෝ දුර්වලකම් ඇතිබව සිතට ගන්න සියල්ලෙන් සම්පුර්ණ වන්නන් ලොව සිටිය නොහැක.......
කදුලු සැලිම බොහෝ ප්‍රශ්නවලට විසදුමක් යැයි නොසිතන්න.එසේම සිනහව සතුටේ ප්‍රතිමුර්තියක් යැයිද නොසොතන්න...
එක් පහනකින් තවත් පහන් සියයක් අලෝකමත් කලද ...මුල් පහනේ ආලොකය අඩුනොවන්නේ යම් සෙද .... ඔබ දන්නා දෙයක් අන් අය සමග බේදාගන්න...
* උත්සහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි.ප්‍රමා
* යම් නිර්මානයක් ප්‍රයොජන වන්නේ එය පාලනය කල හැකි තරමටය...
* බදුන් දහසක් බිදුනත් කම්නැත දොතින් දිය බොනු හැකිය
* ඔබට ප්‍රසංශාකරන අයට නොව අවවාදකරනායට ආදරය කරන්න
Labels:
ජිවිතයට යමක්
|
9
comments
Saturday, August 21, 2010
ඉවසන්න හිත .....
10:49 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
දෛවයෙන් සරදම් ලැබුනිනම්....
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා
වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...
හිතෙන් දිරිගෙන ඉවසපං
ලොවෙන් අපමන ගැරහුම් ලැබෙනම්
හිතින් දිරි ගෙන ඉවසපං
නෙතින් රුරා මුතු කදුළු වැටුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
දෙහදක් බැදුන යදම් බිදුනිනම්
හිතින් දිරි ගෙන ඉවසපං
මලක සුවදක් දසත හැමුවේ
සුලං වල එතිලා
හිරු කිරන අහසේ රටා මැව්වේ
ඔය මලේ එතිලා
මලෙන් රොන් ගෙන ගියත් බමරා
ඔය මලත් නොතලා
හෙටත් හිරු හා සමග එවී
ඔය මලම සොයලා
වලාකුළුමත හදක් නැගුනම
ඒඅ හස හරි කාන්තිමත්
සියලු තරුවල එලිය අඩුවි
සදේ එලිය අහසේ රජවේ
ඔබෙ එලියෙන් සැනසුන මිනිසෙක්
ඔබ සොයා එයි හෙට අයේ
මොහොතකට දැනෙනා පාලුව
ඉවසන්න හිත සතුටින් පිරේ...
Labels:
කවි
|
7
comments
Friday, August 20, 2010
එනවද තනියට පවසන්න.....
12:50 AM | Posted by
ඉලංදාරියා |
Edit Post


කිරි පෙන මුතු මත ඇවිදින්න
ලුනු රස සුලගේ සිපගන්න
හිරිගඩු පිපෙනා සීතල මොහොතක
හෙමිහිට රහසේ සැගවෙන්න
ඉර බහිනා තුරු මුමුනන්න
ඔට්‍ටුවට දුවලා යන්න
සිප්පි ඇහිදලා ගනන්කරන්ට
ඉස්සර වගේ දුවලා එන්න
දෑගිලි හෙමිහිට එකිනෙක බැදගෙන
අනන්තයට දුවලා යන්න
මේ සැන්දැවේ මගේ හිත තනිවී
එනවද තනියට පවසන්න
Labels:
කවි
|
11
comments
Tuesday, August 17, 2010
අන්තිම වීදුරුව
4:24 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

මගේ පඩියෙන් ගත මුල්ම තැග්ග...
උබේ අතට ලස්සන මුද්දක්...
හම්බකරපු හැමදේම වියදම් කලේ
උබව සතුටු කරන්න....
අද වේරලේ අපි තනි උන්හම....
උබ් කියනවා මට අදරේ කලේ විහිලුවටලු
අතේ දාගෙන හිටිය මුද්ද ගලවලා ....
මගේ මුනට දමලා ගහලා ....
ප්‍රාඩෝ එකක නැගලා උබ ගියහම
උබ කියපු විදිහට මගේ ජිවිතේ ...
විනාස වෙයිද..?
මම නන්නත්තාර වෙලා ....
පිසු හැදිලා උබෙ අපස්සෙන් එයිලු..
එහෙම උනහම උබට සතුටුද....?
මම පිස්සෙක් උනහම....
ගෙදර උන් මට කිවා
ඔය ටික මට වේයි කියලා...
උන් කොහොමද එක දන්නේ
දිවැස් තියනවාද කොහෙදෝ
අවන්හලේ අද තනියම
අදුරු මුල්ලේ මම ඉන්නේ
ටිකටික මට තේරෙනවා ...
මට ටික්ටික වැරදුනබව...
මේ අන්තිම වීදුරුවයි.....
මගේ අතින් අද හිස්වන...
සත්තයි මම බොන්නේනැ....
උබට හිනාවක් වෙන්නට....
මේ අන්තිම වීදුරුවයි...
ජිවිතයට ඉවර කරන...
උබේ අතට ලස්සන මුද්දක්...
හම්බකරපු හැමදේම වියදම් කලේ
උබව සතුටු කරන්න....
අද වේරලේ අපි තනි උන්හම....
උබ් කියනවා මට අදරේ කලේ විහිලුවටලු
අතේ දාගෙන හිටිය මුද්ද ගලවලා ....
මගේ මුනට දමලා ගහලා ....
ප්‍රාඩෝ එකක නැගලා උබ ගියහම
උබ කියපු විදිහට මගේ ජිවිතේ ...
විනාස වෙයිද..?
මම නන්නත්තාර වෙලා ....
පිසු හැදිලා උබෙ අපස්සෙන් එයිලු..
එහෙම උනහම උබට සතුටුද....?
මම පිස්සෙක් උනහම....
ගෙදර උන් මට කිවා
ඔය ටික මට වේයි කියලා...
උන් කොහොමද එක දන්නේ
දිවැස් තියනවාද කොහෙදෝ
අවන්හලේ අද තනියම
අදුරු මුල්ලේ මම ඉන්නේ
ටිකටික මට තේරෙනවා ...
මට ටික්ටික වැරදුනබව...
මේ අන්තිම වීදුරුවයි.....
මගේ අතින් අද හිස්වන...
සත්තයි මම බොන්නේනැ....
උබට හිනාවක් වෙන්නට....
මේ අන්තිම වීදුරුවයි...
ජිවිතයට ඉවර කරන...
Labels:
කවි
|
14
comments
Subscribe to:
Posts (Atom)




