Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, March 18, 2011

PostHeaderIcon ඔබට නිවන් සුව !



අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින් 
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්

ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්

ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම

මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!


Monday, March 14, 2011

PostHeaderIcon සදට තනියට පුංචි තරු කෑට


සදට තනියට පුංචි තරු කෑට රෑය පුරා ලග ඉදීවී
මලට තනියට බඹරු රග දෙන රොන් පතා කර කෑවෙවී
වෙරළ තනියට සයුරු රළපෙල විටින් විට සිපගනීවී
හිතට තනියට දුකම ඈවිදින් හදපුරා රජ කරාවී

අමාවක දා තනි රකින්ට සදක් අහසේ නොමෑති වේවී
මිලින වු දා මල දකින්නට ගුමු බඹර කෑළ ලං නොවෙවී
චන්ඩ වුදා සයුර රළ විත් වෙරළ තලයම ගිල ගනීවී
නමුත් හද රෑදි හුද කලාවම දිනක සතුටක් ලංකලාවී

සදට සෑමදා පුංචි තරුමල් පිරිස යහමින් තොර නොවෙවා
මලට සෑමදා පිපෙන අලුතින් බඹර පිරිවර අඩු නොවෙවා
රළට සෑමදා පෙම් කරන්නට වෙරළ වෑලිතල ළැග ඉදීවා
හඩන සිත් සනසවලන්නට සෙනෙහෙ සිත් මල් පුබුදුවෙවා
Thursday, March 3, 2011

PostHeaderIcon ස්තුතියි!! ඔබට මගේ ආචාරය

මේ පොස්ට් එක කොතනින් පටන් ගන්නද කියලා මට තේ රෙන්නේ නෑ.නමුත් මම මේ පොස්ට් එක ලියන්න ඕනේ.



මිට ටික දවසකට කලින් මම මගේ අසනීපය ගෑන කියලා දෑම්ම පොස්ට් එකෙන් පස්සේ .. මගේ ජිවිතේ පුරාම හමාගිය මිනිසත් කමේ සුවද පිලිබදව මම කියන්නම ඕනේ.ඈත්තටම මම ඒ පොස්ටෙක දෑම්මේ මේ කිසිම දෙයක් බලාපොරොතුවෙන් නෙවෙයි.එහෙම කිවේ මේ සයිබර් අවකාශයේ ඉන්න මිනිස්සුන්ගේ හිත් මෙවගේ වෙලාවක තෙත් නොවෙයි කියලා හිතලා නෙවෙයි.ලංකාවේ ආර්තිකයත් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ඔනෑඑපාකම් කරගන්න විදිහක්වත් නෑති කාලයක් මේක.ඒත් මගෙ අසනීපය ගෑන දෑනගත්ත මොහොතේ පටන්.සිංහල බ්ලොග් අවකාශයපුරාත් සයිබර් අවකාශට පුරාත් සිදූවුන සියලුදේ ඈත්තටම මම අපෙක්ශා නොකල සිදුවීම.මට වෑටුන හෑම කොමෙන්ටුවක් ගානෙම,මම වෙනුවෙන් ලියෑවුන හෑම ලිපියක් ගානේම,මම වෙනුවෙන් කෙරුන හෑම දෙයකදිම සත්තකින්ම මගේ ඈස් දෙක බොදඋනේ.. මට ඔබට ස්තුතිකරන්නට වචන හොයාගන්න නොහෑකී විමයි.උතුම් මිනිසත් කමේ සුවද මට දෑනෙන්න ගත්ත දවසේ ඉදන්.මගේ ඈස්වල එකතු උනේ දුකට එකතු උන කදුළු නෙවෙයි.ඔබ සියලුදෙනාවෙනුවෙන් ගලාගිය මිනිසත් කමේ කදුළු.


මිනිසුත් එක්ක ජිව්ත් වෙන්න ආසාකල මම අසනීප උනහම සමාජයෙන් ටිකෙන්ටික ඈත් උනේ නිකම්ම ..මම ගෙදර බිත්ති හතරට කොටු උනා.ලොකේ වෙන්නේ මොනවද කියලා දෑනගතනම් දෑන ගත්තේ ඔයාලා ලියපු බොලොග්වලිනුයි අන්තර්ජාලයෙනුයි විතරයි.එත් මම වෙනුවෙන් ඔයාලා බොහෝදේ කරන්නට පෙල ගෑසෙදී මට හිතුනා මම තනිවෙලා නෑ කියලා.මට අයෙත් අසාහිතුනා ඉස්සරවගේ ඉන්න.යාලුවොත් එක්ක පොඩි පහේ පිස්සුවක් කෙලින්න.ඔයාලා හෑමොම නිසා මට දෑන් හිතෙනව ආපහු ජිවත් වෙන්න.


මාව කවදාකවත් දෑකලා නෑති කතාකරලා නෑති ඔයාලා හෑමොම මම වෙනුවෙන් කරන හෑම දේකටම මම ස්තුතිකරලා විතරක් මදි කියකයි මම හිතන්නේ.ඔයාලා හෑමොටම හුගාක් පිං



කවදාකවත් නොදෑකපු මම වෙනුවෙන් ඔයාලා ඔයලගේ වටිනා කාලය කෑපකරලා.ශ්‍රමය කෑපකරලා,මුදල් කෑපකරලා මේ කරන හෑම දේකටම හුගාක් ස්තුතියි.
 මට දෑන් බලපොරොත්තුවක් තියනවා.. ... මට දෑනෙනවා මට ඉක්මනටම ආපහු ඈහෙයි..ඉස්සරවගේම මම මිනිස්සුත් එක්ක ජිවත් වෙයි ආපහු.ඒ සුන්දර සිහිනයේ අයිතිය ඔයාලා හෑමොටමයි.


 මට උපතින් ලෑබුන ඈසෙන කන්දෙක නෑසෙන්නට තරම් පවක් සංසාරෙදි වෙන්න ඈති නමුත් මට ඔයාලව හම්බවෙන්න ඒ සංසාරෙදිම ඊටවඩා ලොකු පිනකුත් මම කරන්න ඈති කියලා මට හිතේනවා.ඔයාලගෙන් මට ලෑබෙන ශක්තියේ තරම කියන්නට මට වචන නෑ.


ඒගේම දෑනට මගේ සෑත්කම කීරිම සදහා ලෑබු අදාර පිලිබදවත් මේ මොහොතේ මතක් කලයුතුයි කියලායි මගේ හෑගීම.



 
තෑබු.බින්කු බුදාජිව යන තිදෙනා විසින් එකතුකල මුදල $ 1118.66 =  RS122,717.00
දුමී අයියා සහ යාලුවන් මගින් පෑදුරු සාජ්ජය හරහා එකතු කල් අමුදල දෑනට  AED 7670   =  Rs 230100.00
 දෑනට ලංකා බෑංකුවේ සහ කොමෂල්  බෑංකුවේ ගිනුම්වල එකතුව  Rs 191,570.00
 ශ්‍රි දළදා මලිගවෙන් ලෑබුනු ආදාරය  Rs. 500,00 .00





                                            122.,717.00
                                             230,100.00
                                             191,570.00
                                                50000.00
                                            -----------------
       දෑනට එකතුවී ඈති මුලු මුද                 594,387.00
                                          ============
දළදා මාළිගවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා අතින් සෑත්කම සදහා ආධාරලබාගත් අවස්තාව.
 මාගේ සෑත්කම පිලිබදව දෑනුවත් කිරිමෙන් අනතුරුව එම වේලෙම ක්‍රියාත්මක වෙමින් නොමසුරුව හා කාරුණාබරිතව ආධාර මුදල් ලබාදිම පිළිබදව   ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා ට මගේ හෘදයන්ගම ස්තුතිය....

 මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ 
අජිත් අල්විස් මහත්මාටත් බෙහෙවින්ම ස්තුතියි...



 දලදාමාළිගාවේ සියලුම කාර්ය්‍ය මණ්ඩලයට මාගේ ස්තුතිය


නිතෑතින්ම මගේ අසනිපය වෙනුවේන් වෙහෙසිමෙන්  .මුදල් සෙවීම පිලිබදව කටයුතු කරමින් සිටින සියලු දේනාටත් සියලුම සිංඩිවල ඈඩ්මින්ලා සියලු දෙනාටත් සමස්ත සිංහල බ්ලොග් කරුවන් සියලුම දෙනාටත් මගේ හෘදයාන්ගම ස්තුතිය.

පාසල් වියේ සිටම අද දක්වාම මා අත්නොහෑර මට ශක්තියක් වෙමින් නිබද මගේ ලග රෑදෙමින් සිටින සියලුම මිතුරු මිතුරියන්ටත් මෙ මොහොතේ ස්තුති කිරිමට අවස්තාවක් කරගන්නවා ..

Saturday, January 29, 2011

PostHeaderIcon දෙවි දේවතාවුන් වෑනි මිනිසුන් මෑද.....

ජිවිතේට ඔබ මා කිසිදිනක දෑක නෑතත්
ඔබ ඈවිත් දුන් දිරිය දෑනුනේ මහ මෙරක් ලෙස
මෙතෙක් කල් නොහඩාපු මගේ ඈස් බොද උනේ
 මිනිසත් කමේ සුවද පමනමයි ලංඋනේ
 
ලියන්නට ඔබේනමට වචන මගේලග හිස් උනේ
ස්තුතියි කියන්නට වෑඩියමක් හෙවුවනේ
මා වෙනුවෙන් දසත ඔබ ලියු වචන ගානේ
ඔබලාව දෑකගන්න මා පිං කලයි හෑගුන නෙතයි තෙත් උනේ


සංසාරේ පුරාවට ඔබ හෑමව හමුවෙන්න පතන්නම්
ස්තුතියි කියන වචනයට වඩා දෙයක් මම සොයන්නම්
මිනිසත් කමේ සුවදට ගී ගයන්නම්
බුදුන් වෑන්ද දෑතත් එක් කරන්නම්




නිහඩ ලොව බිදින්න්ට තෑත් දරන මගේ අදර නිය සියලු මිතුරන් වෙනුවන්
Wednesday, January 26, 2011

PostHeaderIcon ~~නිහඩ ලොව බිදින්න~~




මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )









Monday, January 24, 2011

PostHeaderIcon හිරු කිරන වෑටෙනකම්



අහස දෙස මම බලසිටියෙමි 
වෑහිපොදක් බිම වෑටෙනකම්
වියලිලා ඉරිතෑලුනු මගේ ජිවිතෙන්
නෑබුල් සුවද හමනකම්

 සිහින විසිරී බොදවෙලා ගොස් 
ලොවම එකවිට නිහඩවී 
පාළුවත් තනිකමත් සිටියා
හෙවනෑල්ල සේ පසුපසින්

රුවල් ඔරුවේ රුවල ඉරිලා  
මහා මුහුදක අතරමන් වී 
යනෙන මාවත සොයනු රිසියෙන්
අදුරු ලොවක මා අතගගා සොයමි
හිරු කිරන වෑටෙනකම්

Monday, January 3, 2011

PostHeaderIcon නිරයේ දොරගුලු වසන්න




පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ

ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්

මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This