Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
ඉලංදාරියා. Powered by Blogger.
Wednesday, June 30, 2010

PostHeaderIcon බාදකයක් තමයි එයනම් බිදින්න..





හිරු අහසේ සැගවී මට කී කතාවේ
රහසක් කියන්නම් නැලවී ලතාවේ
එනමුත් සිතපුරා ලදකගේ සිනහාවේ
සොයුරේ මෙය අසන් නොවැටී මුලාවේ

හිතපුරා පිරුන සිත්තම් ගෙත්තම් කරන්න
ලග බලා නොවෙයි දුර පිය නගන්න
බාදකයක් තමයි එයනම් බිදින්න
ඉගෙනුම ජය අරන් ඒගැන සිතන්න

සොර සතුරන් විසින් අරගෙන නොයන්න
ඉගෙනුම නම් දනය නුබ ‍රැස්කරන්න
හෙට ලොව එලිය වුනුවිට ආපසු හැරෙන්න
ඇය පමනක් නොවෙයි බොහොදෙන දකින්න

Wednesday, June 23, 2010

PostHeaderIcon ශ්‍රි සුබ මන්ගලම්


ජිවිතය පුරාවටම බොහොම අමාරුවෙන් ආදරය ගොඩ ගහගෙන.....උබේ හිතේ තිබුන ප්‍රාර්තනා මල්පල ගැන්වෙන දවස අද .... උබෙත් දයාබර නැගනියගෙත් සතුට උතුරා යනමොහොත අද......අද උබ ඈ සමග අතිනත ගන්නා දවස.....අදින් පස්සේ ආරම්බ වෙන්නේ අලුත්ම ලෝකයක් උබලා දෙන්නට......උබලා දෙන්නගේ සතුට බෙදා ගන්න මට ලගට වෙලා ඉන්න බැරි උනාට සමවෙන්න.... උබ දන්නවා එකට හෙතුව මොකක්ද කියලා .... මම සනීපෙන් උන්නානම්....මම උබේ දෙවනි මනමාලය වෙලා ඉන්නව උබෙ ලගින්ම.... උබේ තනියට...එත්............. මට එන්නට බැහැ උබෙ සතුට බෙදා ගන්න .....එකයි අද මෙක මෙ වෙන්කරන්නේ උබලා දෙන්නට සුබ පතන්න...අදින් අරබන යුග දිවිය සාර්තක වෙවා....ආනගත බලා පොරොතු මල්පල ගැන්වෙවා... !රටට ලොවට වැඩදායි දරුවන් බිහිකරන්නට වාසනා වෙවා..... සදා සතුට නුබලග ‍රැදෙවා.....


ලලින්ද ඔබදෙපලට
ශ්‍රි සුබ මන්ගලම්!....


මගේ යාලුවාට සුබපතන්න මාත් එක්ක එකතුවෙන්න...

Friday, June 18, 2010

PostHeaderIcon ජිවිතයට ඉඩක් දෙන්න.....




ජිවිතයට ඉඩක් දෙන්න ජිවත් වෙන්න
මගේ හිතට දිරිය අරන් ආයෙත් එන්න
ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට
යෙත් එන්න

හදිස්සියේ යන්න උනොත් ලෝකය හැරදා
සමාවෙන්න කදුලු අරන් ආවයි කියලා
නවතින්නට බැරි මොහොතට කාලේ ඇවිල්ලා
යා යුතුනම් යායුතුමයි ලෝකය හැරදා

සිනහව මහ සැඩ සුලගට ගසාගෙන ගිහින්
විල්ලුද ඇතිරූ හින වෙලිලා ගිහින්
නුබේ සුවද තනි ‍රැක්කත් පියබලා ඇවිත්
සුවද සමග තනිවෙන්නම් දුකක් නැහැ ඉතින්


Thursday, June 17, 2010

PostHeaderIcon ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්......





හිතාදර මාගේ මිත්‍රයාටත්....ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්...........මේ පදවැල උපහාරයක්ම වේවා...
!


හදවතින් ගිලිහිලා සුවදමල් මිටක් බිමවැටුනා
ඒමල් මිටේ සුවද ඔබේම්යි ඔබේමයි
ඔබගේම රුධිරයෙන් නැහැවුනු පොලවේ බිම වැටී
හඩවයි දෙනයන් ඉකිබිදියි නිහඩවී


කෙලිලොල් වියෙන් එදා නික්මිලා
අවිය රුදුරුයි ඒ නමුත් අතදරන්
මවුබිමේ මුර වැටෙන් එබුනා
මවුබිමේ පස්පිඩැලි රැකුනා


එකමවකගේ රුදිරයෙන් කිරිබි වැඩිලා
ලක්මව තුරුලේ නිසි අනසක පතුරා
රන් අකුරෙන් ඔබෙ නම ලියවෙනදා
දහසක් මවුවරුන් පියවරුන් නෙතගින් කදුලු සැලුවා




Wednesday, June 16, 2010

PostHeaderIcon හිරු කුමරා හා සදකුමරිය ලග....





හදවත කියවන අපමන සිතුවිලි
ඔබ වෙනුවෙන් ලියමි
දෙදුන්නෙන් මම පාට සොරාගෙන
ඔබේ රුව අහසේ අදිමි
පරිසරයෙන් දෙන මිහිරි ස්වරයට
ගිපද මම සදමි
ලොවට හොරෙන් මම ඔබව සොරාගෙන
සුර පුරයක් ලබමි

ලස්සන ලෝකේ අප මවනා
සිහින සැබැවෙනවා
මතුයම් දිනයක ඔබ සරසා
මම කැන්දන් යනවා
සිහිනෙන් ඇවිදින් ඔබ ඉල්ලු
හැම වරයම දෙනවා
ඔබේ නම කොටලා මගේ පපුවේ
මංගල ලියවිල්ලෙ
පොරුව හැදුවේ ඔබ වෙනුවෙන්
ඔබ කොහිදෝ ඉන්නේ

බාදක තිබුනත් අපමන වෙහෙසින්
මම ජය ගෙන එනවා
හිරු කුමරා හා සදකුමරිය ලග
නැකත උදාවෙනවා
දෙමාපියන් හා නැදැ පිරිවර
අවසර දෙන මොහොතේ
මගුල් අසු පිටින් ඔබ කැන්දා මම
අහසින් පියබනවා

Monday, June 14, 2010

PostHeaderIcon දැවෙන මාසිතේ නොදැවිල්ල්ක් සේ.......




නෙතු පියවෙන හැම මිහොතක් පාසා
නුබ ඇවිදින් නෙතු රජදහනේ.....
සුරකුමරිය වී තවමත් මාලග
හිත පතුලේ සක්මන් මලුවේ...

දැවෙන මාසිතේ නොදැවිල්ල්ක් සේ
හිතයට දිවයන සෙන්කඩගල සුලගේ
තවමත් නුබේ සුවද ‍රැදුනේ.....
නොමැකී තවමත් නුබ ‍රැදුනේ

නුබේ සිතින් නෝඅසා නුබ මා තනිකර ගියදා
දෙගොඩ තලා ගන්ඉවුරු ගලන්නට
නෙතු කදුලැලි සැලුවා......
අපමන සිතුවිලී නිවුනා.......


Wednesday, June 9, 2010

PostHeaderIcon අපේ හීන හොරු ගත්තත් අපිනම් නැහැ බය




හිරු නැගලා අවරට යන පොඩි පැය ගානේ
දකින සිතුම් දැනේන හැගුම් ‍රැස්කර ගන්නේ
අනුන් දකින හීන තමයි පොදි ගහාගන්නේ
ඒපා එපා උන්ගේ හින හොරෙන් නෙලන්නේ

මනුස්ස කම තරාදියේ පැති බරවෙනවා
රුපියල් කොල සාක්කුවේ ලන්සු තියනවා
ලගින් හිටිය හොද මිතුරා විරසක වෙනවා
මොනරු රන්චු පිටින් ඇවිත් කුඩු තනනවා

යනැන මග අසරන විය මොනරු ඉගිල ගිය
හොරකම් කල සිහිනවලින් සවියක් නැහැ හිත
කල කී හැමදේ ලියවී ඇත අපේ හිත යට
අපේ හීන හොරු ගත්තත් අපිනම් නැහැ බය



Tuesday, June 8, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා.....(8)


වසන්තයෙන් එහා.....

මාගේ ආදරය ගෙදරට අනාවරනය විම පිලිබදව මම කිවනේ .. ඔය විදිහට මබේ ආදරය ගෙදරට අනාවරනය උනා මගේ සිනහව මැකිලා ගිහින් අදුර මගේ ලගට අවා...එත අම්ම මගේන් නිතරම අහනවා මම වෙන කෙල්ලෙකුට ආදරය කරන්නේ මට ගෙදරින් ලැබෙන ආදරය අඩු වෙලාද ,මදිද කියලා එහෙම අහපු හැමමෙලා වෙම මට එකට දෙන්න උත්තරයක් නැතිඋනා අදටත් ....මගේ ලග දේන්න උත්තරයක් නැහැ..? ඇතතටම අපි වෙන කාට හරි ආදරය කරන්නේ අපිට ලැබෙන ආදරය මදි උනහමද...?

ගෙදරින් මමකරන් කියන හැමඩැඩ්ක් පිලිබදවම හොයන්න පටන් ගත්තා හැමවෙලේම ... මම ගෙදරින් ආදරයට කොච්චර බාදකාවත් මම ආදරය ඉඩ්දිය්රියටම් කරගෙන ගියා.වෙනදා වගේම සුපුරුදු විදිහට හැමොටම හොරේන් යලුවන්ගේ පිහිටෙන් කරගෙනයන්න පුලුවන් උනා...

දවසක්මට නුවන් මල්ලිගෙන් දුර කතන පනිවිඩයක් අවා...(නුවන් යනු අසන්ක සහොදරයාගේ මල්ලිවිය) අයියා...අපේ අයියාට අනතුරක් උනා දැන් එයා ගම්පල රොහලට ඇතුලත් කරා...හරි මල්ලි මම එන්නම්..දැන්න්මම මම එතකොට හිටියේ සදමාලි අක්කලගේ ගෙදර...(සදමාලි අක්ක යනු අසන්ක අයියාත් මමත් හොදින් දාන්න හදුනන යෙහෙලියකි ) අසන්ක අයියා ගන ලැබුන ආරන්චියට අනුවම්ගේ හිත බොහො කැලබිමට පත් විය.... මා මේ මොහොතේ කුමක් කලයුතුදැයි සිතගත නොහැකිවිය පනිවිඩය මාහට ලැබෙන විට පෙරවරු 11.00 පසුවී තිබුනී.....වාහාම අසන්න අයියා බැලීමට යායුතුය..නමුත් 12.00 ට මගේ කිරිල්ලිය හමුවිමට යායුතුය.මම සිතිවිලි අතර පැටලී සිටියෙමි.අවස්සනයේ මම අසන්ක අයියා බැලීමට යාමට තිරනය කලෙමි.
මමත් සදමාලි අක්කාත් අසන්ක අයියා බැලිමට පිට උනෙමි.මහ නුවර සිට බසයක නැගී ගම්පල දක්වා යාමට විනාඩි 45 ක් කාලයක් ප්‍රමානවත් නමුත් ඉබි ගමනින් යාම නිසා පැයකට ආසන්න කාලයක් තුලදී ගම්පලට ලාගවිමට හැකියාව ලැබුනමුත්. ගම්පඔල බස් නැවතුමේ සිට බසයක හෝ පයින් රොහල කරා ලගා විය යුතුය.....බස් නැවතුමේ සිට වම් අතට දිවෙන මාර්ගයේ මිටර් 500 දුර යායුතුව තිබුනි...

අපි ගම්පල රොහල වෙත් අලා ගවන විට රොගින් බැලීම සදහා වෙන් කර ඇති කාලය ගෙවීගොස් තිබුනි. නමුත් අසන්ක අයියා නොබලා අපාසු හැරීයා නොහැක...රොහලේ වැටෙන් පැන යාමට හැකිනමුත් සදමාලි අක්කා එයට කවදාවත කැමති නොවනු ඇත.අවසානයේ කෙසෙ හො අසන්ක අයියා බැලිය යුතු බැවින් රොහලේ වෛද්‍යවරයෙක්ය් හමුවී සියල්ල පැහැදිලි කලෙමු...මම නුවර සිට පැමිනි බව කිමෙන් ඔහු මාගේ පාසල පිලිබදව විමසනලදී....මගේ පාසල ශාන්ත සිල්වෙස්තර යැයි පැවසු බැවින් ..කතාව තවත් දිග් ගැසුනි...එයට හෙතුව වුයේ ඔහුද අප පාසලේ ආදි සිසුවෙකු බවිනි...මොහොතක් පිලිසදරේ අපි යෙදුනෙමු...රොහලේ සේවකයෙකුට කාතාකොට අපිව අසන්ක අයියාගේ වාට්‍ටුවට ‍රැගෙන යන ලෙස පවසන ලදී.ඔහුට ස්තුති කර අපි නික්මුනෙර අසන්ක අයියා සොයායි.ගම්පොල රොහලේ කොට බිතී අතරින් අපේ ඇස් දිවුවේ අසන්ක අයියා බැලීමේ රිසියෙනි....අපගේ ලබැදියාට කුමක් විදැයි හරිආකරව අපි නොදැන සිටියෙමු.දිගු කොරිඩොවකින් අවසාන කොටසෙදී "මෙක තමා
වාට්‍ටුව ඔයාල ලෙඩාව බලලා එන්න"

රොහල් සේවකයා පිටවි ගියෙය...අපි වට්‍ටුව පූරාම අසන්ක අයියා සෙවුවෙමු...නමුත් අසන්ක අය්යා...හදුනා ගැනීමට අපිට නොහැහි විය.වෙනත් වාට්‍ටුවකට මාරුකර යවා ඇද්දැයි..දෙනගනිමට එම වාට්‍ටුවෙන් එලියට එනවිට වාට්‍ටුවෙ සිටි රොගියෙකු අපිට අතින් සන් කලේය.අපි එතනට දිව ගියෙමු.ඒ අප සෙවු අසන්ක අයියාය. ඔහුව අදුරාගැනීමට අප්සසුය මුලු ඔලුව පුරාමත් මුහුන පුරාමත් වෙලුම්ය.එක ඇසකුත් වාසාතිබුනි...අත් දෙක පුරාමත් වෙලුම්ය ...සිදුවී ඇති තුවාලවලට මැහුම් 23 කට වඩා දමා තිබු බව මතකය.ඔහුට කතාකිරිමටද නොකැහිය...ඔහුගේ ඇස්දෙක බෙරා තිබුනේ පෙර කරන ලද පිනකින්ම විය යුතුය...ඔහු දෙස බලා සිටිමෙන් අප මහත් වෙදනාවට පත් වුයෙමු.අප්ගේ ලබැදි සගයා මුකුත්ම නොදොඩා..නිහඩව අපදෙස බලාසිටි.වෙනදාමෙන් අප හමුවු විට ‍රැවු දෙන සිනහව සැගවී ගොස්ය....

ඔහු බයිසිකලයකින් තවත් මලයෙකු සමග වැලිගලේ පල්ලමක යද්දී ලොරියක් දැමූ වෙට්‍ටුවක් නිසා ලයිට් කනුවක වැදීතිබුනු අතර එහි ගිය ලග ගෙදරක මලයාද තුවාල ලබා රොහලට අතුලත් කර තිබුනි.......



අසන්ක අයියා බැලීමට කිරිල්ලිය සමග පැමිනීම ඊලග කොටසින් බලාපොරොතු වන්න.
Monday, June 7, 2010

PostHeaderIcon අනේ එන්න මගෙ ලගට...






අනේ එන්න මගෙ ලගට...
හිටියා ඇති දුර ඈතක

ඉස්සර වගේ මගෙ තනියට
හැමවෙලෙම ලගින් ඉන්න

කාලය හා පැන ගියාට
දැන් එනවද මගෙ ලගට

පාලුව සොහෙනක් වී මාලග
අද තනියට නැවතුනාට...

නුබ ආවොත් මගෙ ලගට
බොහො දෙනෙකුට සතුට අරන්...

හැකිද නුබට ලගට එන්න..
මට ආයෙත් හිනා වෙන්න...

දායබර සිනහව.......නුබ නැතුව මට පාලුයි!



මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This