Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, November 21, 2010

PostHeaderIcon උබටත් මිනිහෙක් වෙන්න පුලුවන් ...



K.F.C  ගිහින් ....
තලුමර මර ...
මැරිච්ච කුකුලෙක් ....
කනවට වැඩිය..
එලියේ පොඩි කඩේකින්...
රතු කැකුළු බතුයි...
සම්බෝලයි කාලා....
ඉතිරිවුන ගාන...
පාරේ යනකොට ...
අත දික් කරන ...
කාට හරි දිලා...
බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ...
මේ මහපොලොවේ.....
පයගහල ඉන්න..

19 comments:

අකීකරු හිත said...

බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ... ඒ වචන ටික අපුරුයි

ප්‍රාර්ථනා said...

හ්ම්.. අද අපිත් කතා වුනේ ඕක ගැන තමයි...

Anonymous said...

ඇත්ත තමා... ඒ කතාව. අපිටම කොයිතරම් සන්තෝස හිතෙයිද?

ගීත් (සහෘදයා) said...

ආව්...නියම අදහස..නිතරම ලොකු ලොකු තැන්වලින් කන අය එක දවසක් හරි ඔය විදිහට කරනවනම් කොච්චර ශෝක්ද නේද?

මට නම් අලිමුඩුක්කුවේ පාරාටයි සැන්ටිං කරියි තරම් ෆිට් එකකින් ඔය ලොකු ලොකු නම් තියෙන තැන්වලින් කන්න බැහැ...කොයි තරම් කෑවත් බඩ පිරෙන්නේ නැහැ...අපි ඉස්කෝලේ යන දවස්වල ටොන් ගානක් පරාට ගිලලා ඇති අලිමුඩුක්කුවේ සයිබර් කඩවලින්. නුවර ටවුමේ ස්කුල් ගිය කොල්ලෙක් අලිමුඩුක්කුවේන් කාලා නෑ කිවුවොත් තමා වැඩේ. මොකද කියන්නේ ?

ayesha said...

hm...nice

තරු අහස said...

ඒත් මෙහෙම දෙයකුත් තියෙනවනේ...දැන් ඔය හිඟන අය ගොඩක් ඇත්ත නෙවෙයි..ඒ නිසා හොඳට බලන්න ඕනි දෙන්න ඉස්සර...

C0de BlUe said...

නියම ඇත්ත යාලුවා ....

dinesh said...

ඔන්න K.F.C යන අයගෙන් පොඩි ඉල්ලිමක්....අපිනම් ඉතින් සදා සම්බෝලයි බතුයිනෙ.

Anonymous said...

පොළවට උඩින් පා තබනා මිනිසුන්නේ............
ලොකු ලොකු හීන නම් නැහැ සුන්දර වෙන්නේ............
මිනිසත්කමට හරවත් ඔවදන් දෙන්නේ...........
ඉලංදාරි මල්ලිගෙ පදවැල් අගනේ.......

වැප් said...

අපිත් ඉතින් සම්බෝලයි බතුයි තමයි ...
හැබැයි දැන් සම්බෝල කියන්නත් බැහැ පොල් වල ගනං හැටියට :D

Geeth Nuwan said...

ජීවිතේට KFC රිංගල නැති, හැමදාම බත් කන අපි වගෙ එවුන්ට මේවත් සුලු දේවල්... මේක හරියට "හබලක්වත් නැති අපිට මොන ඔරැ ටෝක් ද ?" කීව වගෙ තමා. හී හී සුපිරි වචන ටික

සසඳ said...

අපූරු වදන් ටික... නියමෙටම පෙළ ගස්වල තියෙනව...

Unknown said...

මම වෙජිටේරියන් නිසා මම නියම මිනිහෙක් නේද ?

දයියා said...

ඉලන්දාරියා නියමයි. හිස් අහස වගේ මමත් කොළ විතරයි කන්නෙ. ඒ වගේමයි ගමනක් යද්දි පැටව් දෙන්නට සාක්කු පිරෙන්න කාසි ඕන.අත දික්කරන අයට දෙන්න. ඒ පැත්තෙන්නං අපි හරිම සතුටෙන්. උඹේ අතින් මෙවන් දේ තව ලියවේවා.

Anonymous said...

ඉලන්දාරිකම ඔලුවට ගහල නැතී
නුඹත් සොඳුරු මිනිසෙකි මා දැකල නැති
කළොත් මෙලෙස මිනිසුන් සැම සිතමු අපි
කේඑෆ්සී දවසින් මට වැහුව හැකි

පිස්සා පලාමල්ල said...

උබේ ඔන්න ඔය හිතන විදියට තමයි බන් මම ආස... මට තාම මතකයි අර උබේ යාලුවා උබ ගැන දාපු කොමෙන්ට් එක...

serendipity said...

ඔය KFC, Mcdonalds දියුනුරටවල්වල අය ලාබෙට කන්න යන තැන්. අපේ පෙට්ටි කඩවල තියන ලැවරිය , එලවලුරොටී වගේ.

අනේ මන්දා..?? said...

නියම පද පෙල යාළු....

අනේ මන්දා..?? said...

නියම පද පෙල යාළු......

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This