Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, October 14, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (13)

වසන්තයෙන් එහා (12)


මේ මම උබලා ඔකෝටම කියන්නේ එන විදිහට  වැඩේ දෙමු උබලා "කිරිල්ලිව" කවර් කරපල්ලා මම අම්මා ගැන බලගන්නම්. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ බබා නන්ගිට කියපන් .කිරිල්ලි ලගින් කැපිලා ඇවිත් අපේ අම්මට සෙට් වෙන කියලා .නැත්නම් වැඩේ දෙල් වෙනවා ...තාම කස්ටියම ඇත ඉදන් අපි දිහා බලගෙන ඉන්නවා.


අපෙඋන්  ටික ඔක්කෝටම සහ සුද්දෙන් කියලදිලා කරන්න ඕනේ වැඩේ .අපි අම්මලා ඉන්නතැනට ගියා ....


මොකද ලොකු මෙච්චරවෙලා පරක්කු ... ?


මොනවා කරන්නඳ අම්මා අර ලොරිකරයා වැඩේ කැවනේ .....ඉබ්බෙක් වගේ ගාටන්න පටන් ගත්තා  ඒකයි පරක්කු උනේ..


අපි අරලොසු කනුව ලගින් පිටත් වෙලා ගුඩ්ශෙඩ් එකට එන්න පටන් ගත්තා මමයි බබානංගියි.දිනෙෂ් මල්ලියි අම්මත් එක්ක ඉස්සර උනා අනිත් කස්ටියට පස්සෙන් එන කියල ඔලුවෙන් කියන ගමන්.


කස්ටිය කථාවක් දාගෙන ගුඩ්ශෙඩ් එකට ඇවිත් සෙනග නැති බස් එකකට නැග්ගා..හැමොටම ඉදගන්න හම්බ උනා.... කොහෙද අපෙ අම්මත් කෙල්ලේක් වගේ ගිහින් අන්තිම සිට් එකෙ ඉදගතනේ ..කරුමේ ..."කිරිල්ලි" ලා ගිහින් ඉස්සරහා සිට් වල ඉදගත්තා


මොනවා කරන්නද ඉතින් මමත් ගිහින් අම්මා ලග වාඩි උනා....කාටවත් හොරෙන් ඇහැක්වත් ගහන්න විදිහක් නැහැනේ .... කිරිල්ලි ලගින්ම එයාගෙ මල්ලි (මස්සිනා කරයා වාඩිවෙලා ඉන්නවා)


අදනම් තිස්තුන්කොටියෙන් එක දෙවිකෙනෙකුටවත්  මගෙ මුන බලන්න අමතක වෙලා වගේ .....


අද දවසනම්  චාටර් බම්පෙනෙවා වගෙයි.... මොනවා කරන්නද ..? ඉවසා වදාරනවා.....


ඔන්න කොන්දොස්තර ආවා මගේ ලගට ටිකට ...කොහාටද ..?
උඩ සාක්කුවේ දාගෙන හිටිය  මොණර පටිය ඈද්දා එලියට ..දිනෙශ් මගෙ ලග ඉදන් මට වැලමිටෙන් අනිනවා.... කීයක්ද ? මාරු නැහැ...


ගම්පොලට ටිකට් 15 ක් දෙන්න .. අපේ මුලුසෙට් එකටම එකපාර මම ටිකට් ගත්තා..(අම්මා දන්නවානම් මේ පංතිවලට දෙන්න දුන්න සල්ලි කියල කොහොමට හිටිවිද )


මම විරයා වගේ ඔකොටම ටිකට් කැඩුවා ..


කොන්දොස්තරයා ටිකට එක පිටිපස්සෙ ඉතුරු ගාන ලියලා  මගේ අතට දුන්නා බහිනකොට ඉල්ලගන්න කියලා.


කොහොමින් කොහහරි අපි ගම්පලටත් ඇවිත් .....අසංක අයියා බලන්න රොහලටත් ගියා ... වට්‍ටුවට ගිහින්


අපෙඋන් ටික දැක්කහම අසංක අයියගේ අමාරුව හොහෙන් ගියදදන්නේනැහැ....
කස්ටිය විතරේ අහනවා මම පැත්තකට වෙලා හිටියා ...


අසංක අයියා විටින් විට මගෙදිහා බලනවා මම දැක්කා. මිනිහට පුදුම් ඇති අම්මයි කිරිල්ලි දෙන්නම ...එකට ඇවිත් ඉන්නකොට ...


එක තමා පුදුමයෙන් වගේ මගෙ දිහා බලන්නේ ..


ටික වෙලාවකින් ...


මාතර ඇන්ටියි නුවන් මල්ලියි ත් ආවා...එකියන්නේ අසංක අයියාගේ අම්මයි මල්ලීයි...


අපිත් එක්ක ආවසෙට් එක එක තැන්වල එක එක කතා ..
මම මගෙ ලොකේ අතරමන්වෙලා ...


ඇයිදෙයියනෙ ලගටම ගෙනත්දීලත් කතාකරන්න විදික් නැහැනේ .....


අපි ඇස්වලින් කථා කර තරම්............... කාටවත් නොතේරෙන නිසාම හොදයි..?






අසංක අයියා බලලා එලියට එනකොට මාතර ඇන්ටි අපිට එයාලගෙ ගෙදර යන්න කථාකලා ....


අසංක අයියලගේ ගෙදර තියෙන්නේ ...වැලිගල්ලේ ....


ගම්පොල ඉදන් බස් එක්ක යන්න ඕනේ..


අපි ගම්පලින් පිටත් වෙලා ...වැලිගල්ලට ආවා


එයලගෙ ගෙදට යන්න තියෙනේ  පොඩි ප‍ටු පරක් දිගේ ....මාතර ඇන්ටියි අපේ මමයි කදේකට සෙට් වෙලා එයලා එයලගෙ කථාවල....අපෙඋන් ගිහින් අම්මලාව කවර්කරනවා මස්සිනා කාරයවත් ඇදගෙන ගිහින්


මමයි "කිරිල්ලි"යි තව දෙතුන් දෙනෙකුයි ..විතරක් පිටිපස්සෙ ඉතුරු උනා..


දැන්නම් දෙවියෝ මට බෙද බෙද හිටිය හැන්ද මාරුකරලද කොහෙදෝ......


ටික ටික අද දවස රහ වේගෙන එනවා..?

5 comments:

ප්‍රාර්ථනා said...

හේ..හේ...ඔය එන්නේ වෙලාව...

C0de BlUe said...

ශා ලස්සනයි .... ආයි කතාව ලියන්නව වගේ ... දැනුයි දැක්කේ .. එකපාරටම ඈද්දා කොටස් 5 ම ... දිගටම ලියන්න .... ජය !!

අකීකරු හිත said...

හා හා ඔය යන්නේ‍‍‍‍... දිගටම ලියන්න

චතුර.... said...

ඔහොම යන් ඔහොම යන්..

ගීත් (සහෘදයා) said...

වාවු මාරයි ආහ්.....ඉතුරු කොටස කවද්දෝ..........

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This