Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, August 20, 2010

PostHeaderIcon එනවද තනියට පවසන්න.....






කිරි පෙන මුතු මත ඇවිදින්න
ලුනු රස සුලගේ සිපගන්න
හිරිගඩු පිපෙනා සීතල මොහොතක
හෙමිහිට රහසේ සැගවෙන්න

ඉර බහිනා තුරු මුමුනන්න
ඔට්‍ටුවට දුවලා යන්න
සිප්පි ඇහිදලා ගනන්කරන්ට
ඉස්සර වගේ දුවලා එන්න

දෑගිලි හෙමිහිට එකිනෙක බැදගෙන
අනන්තයට දුවලා යන්න
මේ සැන්දැවේ මගේ හිත තනිවී
එනවද තනියට පවසන්න


11 comments:

Anonymous said...

මා ඉන වට නුඹේ අත වෙලිලා ඇත
සිහින් සරින් නුඹ කොඳුරන්න
ලස්සන දවසක ඒ මොහොතට මම
පෙරුම් පුරන්නෙමි දැනගන්න

Shadow/හේමලයා said...

නියම කවිය....හැබැයි ෆෝන් එක ගොඩ තියලා එන්න....:)))))..

Pasan said...

සුදු පෙන රැළී මත හිදුවා
නුඹෙ උකුලේ හිස තියලා
මගෙ සිත පැතුමන් පුරවා
හිදිමි නුඹෙ ලගය වෙලා

මහ රැළි සදෙසින් අවා
නුඹ අරගෙන පියඹූවා
මගේ ලොවේ තනි වූවා
සයුර මාව හැඩවූවා

මගේ ආදරේ තුරුලෙ හොවා
නැවතත් සයුරට ආවා
සුදු පෙණ පිඩු පා තෙමුවා
එදවස යළි සිහියට නැගුනා

෴ හසියා ෴ said...

ලස්සනයි පද පෙල.....

ඉලංදාරියා said...

පසනෝ බලමුකෝ මචෝ ඉක්මනටම ඒ දවස උදා වෙනවා....

උබටත් මතකය විසිකරලා ගිහින් අවෙරලේ කොනක තනිවෙන දවස ..

ක්මනින්ම එයි...

හෙළයා said...

ලස්සන පද පෙල මචං.

පසන් Sid said...

මාත් ආසයි වැල්ලෙ සිප්පි කටු ඇහිදින්න.... ඒත් තනියට යන්න කෙනෙක් තමා තාම නැත්තේ

ගීත් (සහෘදයා) said...

ආහ් ඔය ලියන්නේ මල් 7ට ධනාත්මක රුවන් කවි

ජංජාල චාමර said...

සිරා!!!

Unknown said...

හ්ම්...ලස්සනයි...එහෙම දවසක් ලඟදීම උදාවෙන්න කියලා පතනවා...
ජයවේවා!!!

Hasitha Gunasinghe said...

තනිකමට තනි රකින්න.
කිරි පිපෙන මූදු වැල්ලේ ඇවිදින්න
ඉර බහින තුරු මුමුණන්න
ඔට්ටු සෙල්ලම් කරන්න
කෙනෙක් එනවා සත්තයි
ඇය එනතුරා බලන් ඉන්න

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This