Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, July 9, 2010

PostHeaderIcon මගේ ජිවිතය ලඝුකොට දාමා තිබු කොමෙන්‍ටුව......




දුර ඇත යාවුන මිතුරුකම....ස්තුතියි මචන්.....

Anonymous said...

උබ අද ලියලා තියන පද අතර සැරිසරන්කොට ඇග හිරි වැටිලා යනවා........

උබට මතකද අපි ඉස්කොලේ ක්‍රිකට් පැට්ට්‍රිස් ගිහින් එනකොට අපි බඩගිනියි කියපුවහම උබ කොලබ විදිය ලග තියන මිඩ්ලන්ඩ් බේකරියෙන් අපිට පාන් අරගෙන දෙනවා .... නිකම් පාන් කන්න බැහැ කියපුවහම ... උබ අදුරන කාඩේකින් උබ අපිට අමුමිරිසුයි රතුලුනුයි අරගෙන දෙනවා ඒවෙලාවේ තියන බඩගින්නට අපිත් කනවා උබත් අපිත් එක්ක රේල් පාරේ ඒවා කකා ගුඩ් ශෙඩ් එකටම එනවා පාරේ මිනිස්සු යනවා බන් ලැජ්ජයි කියපුවහම අපේ සවුක්කිය අපිට උඟේ එවා උන්ට....එහෙම කියල උබ හිනාවෙනවා.

ඉන්ටවල් එක වෙනකම් ඉන්නේ අපි මග බලාගෙන උබේ බතෙක කන්න ....උබලගේ අම්මා අතින් රසට හදපු සමහර දාට උබ කැම ගෙනාවේ නැතිඋනහම අපි අහනකොට කෝ උබේ කැම එක කියලා උබ හිනාවෙවි කියන්වා මගදි හිගන්නෙක් හම්බ උනා ඒයාට දිලා ආවා කියලා.එතකොට ඉතින් අපිට කෙන්තියනවා.අපි උබට බනිනකොට උබ හිනාවෙවී කැන්ටිමට යනවා.අතේ සල්ලි තිබුනොත් සල්ලිවලට කනවා නැතිනම් ණයට කනවා.

උබ යලුවොත් එක්ක සමාධි කියලා යොවුන් සමාජයක් අටව ගත්තා.එක පාරක් වෙසක් එකට උබලා එකතුවෙලා ලොකුවට පාරුවක් හදලා ඒක උඩ බක්තිගිත තරගයක් තිබ්බා.උබ මේ හැමදෙම කරේ හිනාවෙවී හරිම සතුටින්.පොසොන් එකට පන්තියේ කොල්ලො සෙට්වෙලා ආතල් එකේ අනුරාදපුරේ යන්න හදනකොට උබ කියවුවේ .... ඔය ට්‍රිප් එකටනම් එන්න වෙන්නේ නැහැ මචන් කියලා ඒත් උබ මාට්‍ටු උනා සමාදියේ සෙටෙකත් එක්ක ගිහින් පොලිතින් අහුල අහුල ඉන්නකොට.දන්න කියන කුනුහරප වලින් අපේඋන් උබට බැන්න හැටි උබට තාම මතක ඇති. එහෙම බනිනකොට ත් උබ පිලිතුරු දුන්නේ හිනාවෙන්මයි.

උබලා ඉටපස්සේ දවසක මහනුවර ඔච්චර බත් දන්සල් ,බීම දන්සල්... නනාප්‍රකාර දන්සල් තියෙදිදී...මසගනන් මහන්සිවෙලා පැලකරලා උබලා දුන්නේ පැල දන්සලක්....
එකදවසක් අපි පන්ති ඇරිලා එනකොට උබ සරමකුත් ගහගෙන තව සෙට් එකක එක්ක ඉන්නවා මොකද බන් මේ කියලා අහපුවහම උබකියවුවේ මහනුවර වැවරවුම වටේ අලුතින් ගස් හිටවන්න වල්වල් කපනවා කියලා .... උබලා අලුතින් ගස් හිටවලාත් තිබ්බා...

උබ ගැන කියපු මේ හැමදෙයකටම පස්සේ උබ නැතිතන් අපි උබව විහිලුවකට ගත්තේ උබ පිස්සේක් කියලා.එත අදනම් මට හොදටම තේරෙනවා උබ ජිවිතය උපරිමයෙන්නම් වින්ද මිනිසෙක් කියලා.

මම නැවකට නගින්න ඉගෙනගන්න්කොට උබ කිවේ සල්ලි ගෙවලා උබ හිරකාරයෙක් වෙන්න එපා කියලා .අද කොච්චර ලොකු පඩියක් ගත්තත් උබ කිව කතවේ ඇත්ත තේරේනවා. වරායකට ගොඩ බැහැපු ගමන් මට හම්බවෙන නිවඩුවට ලන්කාවට එනවා ආපුගමන් මම හැරේන තැපැලෙන් උබව හොයාගෙන එනවා......


අපෙත් ආයුශාරන් උබ ගොඩක් කල් ජිවත් වෙන්න ඔනේ උබට බුදුසරණයි !

මෙ උබේ පන්තියේ යාලුවෙක් (A.N)

32 comments:

Shadow/හේමලයා said...

ජීවිතය
විඳිනවාද?...
විඳවනවාද.......?
දකිනවාද.....
නැත්නම් පේනවාද?......
හිතනවාද?
නැත්නම් හිතෙනවාද?....

වැප් said...

අතීතය අමතක නොකල මිතුරෙකුගේ අව්‍යජ සටහනක්

හෙළයා said...

ආපහු ආපහු කියෙව්වා. මචං. මම හිතුවා මම හොඳ මිනිහෙක් කියලා. ඒත් අපිත් තව කොච්චර දේවල් කරන්න ඕනෙද කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම මම ඒ දේවල් කරනවා. උඹේ පෝස්ට් එක අපිට ආපහු හිතන්න අවස්ථාවක් දුන්නා.

ස්තූතියි මගෙ සහෝදරයා..ජයම පතනවා !

හෙළයා said...
This comment has been removed by the author.
හෙළයා said...

ආපහු ඉක්මනටම හිනාවෙන්න අවස්ථාව ජීවිතය උඹට අරන් දෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ම්චං.

තෙරැවන් සරණයි

නිරහංකාර අහිංසකාවි said...

adha thama mulinma me pahthe awe.. mulinma kiyewweth meka.. as wlata kadulu awa.. aththamai.. hmmmm.. me wage awanka wenna puluwan hoda aya gana witharai...

බුද්ධික said...

aiya nm sirama sira kollek ne,elama thama
man me kalpana kare midland eka tiyena thana kothanada kyala?

චේජනා said...

සංවේදි අව්‍යාජ සටහනක්...සොඳුරු හිතක් ඇති ඔබ ගැන...
සියළු දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා...

සෝරෝ said...

මමත් සම්පූර්ණයෙන්ම එකඟයි හෙළයා කියපු කථාවට..
අපි මොනවද කරල තියෙන්නෙ කියල හිතෙනවා..

කොහොම උනත් උඹට ජය වේවා..!!

RanDil said...

අපේ සහෘදයා පොඩි පහේ ඉලංදාරියෙක් නොවෙයි බලාගෙන ගියාම? සතුටුයි මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා අහන්න ලැබීමත්.

Anonymous said...

මම හිතුවේ නැ මගේ ප්‍රතිචාරය උබට මේතරම්ම වටි කියලා ...උබගෙ මතකය අවදිකරේ උබේ හිතේ සතුටක් ඇතිකරන්න ඔනේ හින්දා තව කොච්චරනම් දෙවල් තියනවද උබ ගැන කියන්න උබේ ජිවිතේ මම කියවපු පොතක් වගේ පුලුවන්නම් වසන්තයෙන් එහා ලියලා ඉවරකරන්න. මගේ ඉලග වැඩමුරයට ලන්වෙනවා . උබට තෙරුවන්සරණයි (A.N)

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් මරුම ලියවිල්ල...
උගුර පපුව හිරවෙන...
යාලු මිත්‍රකම් රටක් වටින...

වළාකුළු said...

ඉලංදාරියා, නම දකින කොට හිතුනෙ රස්තියාදුකාරයෙක් කියල. බලන කොට නියම කොල්ලෙක්නෙ. කාගෙන් හරි මෙහෙම අහන්න ලැබෙන එක මොන තරම් සතුටක්ද? ඒ සතුට මොන තරම් වටිනවද? ඔබට ජය!

වන්නි said...

මචෝ...
ඔයිට එහා දෙයක් ආයෙත් නෑ. ඔහොම අව්‍යාජව වදනක් කාගෙන්හරි අහගන්න හැමෝටම පින නෑ. උඹ ඒ අතින් හරි වාසනාවන්තයි. කිසිදේකට බය වෙන්න එපා‍. හැමදේම හොඳ විදිහට සිද්ද වෙයි. එතකන් ගින්දර වගේ හිටපන්.

පිස්සා පලාමල්ල said...

ඕක මම දැක්කෙ ඊයෙ මචන්... උබේ යාලුවගේ කොමෙන්ට් එක... උබ ගැන කියපු දේවල් හිතන්න හුඟක් දේවල් දුන්නා... මම ද දාපු පෝස්ට් එකටත් හේතුවක් ඒක...

උබ ජීවිතය විදපු කොල්ලෙක්.... ඒත් ඇයි මචන් අද උබ දුකෙන් ?????

මචන්.. මේ කියපු... ඉස්සර හිටපු ඒ ජීවිතය ආපහු උබට ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව මචන්... බොක්කෙන්ම.

දුමී said...

මචෝ, යාළුවෙක්ගෙ බොක්කෙන්ම මේ වගේ කමෙන්ට් එකක් එන්න උඹ නම් සිරා පොරක්ම වෙන්න ඕනෙ . . . . ! අනිත් එක උඹේ යාළුවත් හිතේ කහට තියාගෙන ඉන්න ජාතියේ පොරක් නෙවෙයි . . . කටක් ඇරල යාළුවො ගැන මෙහෙම කතා කරන එවුනුත් අද හොයාගන්න නෑ . . . ! උඹල දෙන්නටම ජය ශ්‍රී !

ඉලංදාරියා said...

හැමලයා ට


ජිවිතය අයෙත් විදින්න ආසවෙන් ඉන්නවා,,,,,,,

වැප්. ට

ඔව් මචන් හිතට මාර ‍ෆිට් එක්ක දැනෙන්නේ.

ඉලංදාරියා said...

හෙළයා ට

අපි කරන්නේ අපිට පුලුවන්දේනේ සහෝ .... කරන්න් අපුලුවන් දෙයක්නම් නොකර ඉන්නහොද නැහැ....

නිරහන්කාර අහින්සකාවී

සතුටින් පිලිගන්නවා මේ ඉසවුවට...

ස්තිතියි....

ඉලංදාරියා said...

බුද්ධික ට....

මලයෝ යකඩ පාලම දන්නවා නේද?..අන්න එතන් අතියෙන්නේ....

මතකද තැන....

ඉලංදාරියා said...

චෙතනා ..ට

ඇත්තටම ඔවු
ස්තුතියි....ඔබෙ පැතුමට.....

ඉලංදාරියා said...

සෝරො ට

අපි සෙට් වෙලා මොනවාහරි හොද දෙයක් කරමු...


ස්තුතියි

ඉලංදාරියා said...

@ RanDil

තව කරන්න නම් ගොඩක් දෙවල් තියනවා කාලය හොයාගන්න ඔනේ ඉතින්....

ඉලංදාරියා said...

Anonymous = (A.N)

උබේ කොමෙන්‍ටුව මාව අතිත්යේ සොදුරු මොහොතවල් කරා අරගෙන ගියා තනියම හිනාවුනා ..... උබට ස්තුතියි මචන්


හැමදෙකටම..කොචර ඇත හිටියත් මාන් ගැන හොයලා බලනවාට....

වසන්තයෙන් එහා ඉක්මනටම ලියලා ඉවරකරන්නම් මචන්....ඉක්මනටම...

මේ මාසෙන් පස්සේ තම ලියන්න් අවෙන්නේ......උබ දන්න්වා හේතුව

පරිස්සමින්..මහමුහුද මැද...

බුදුසනණයි.......

ඉලංදාරියා said...

තිස්ස අයියා ට...

ස්තුතියි මෙ පැත්තේ ගොඩෞනාට සාදරයෙන් පිලිගන්නවා...

ඉලංදාරියා said...

වළාකුළු ට

මෙහෙම අහන්න ලැබෙන එකනම්කියාල වැඩක් නැහැ..සතුට උපරිමයි..

එත් නමක් දැක්කම රුපයක් මවගන්නැකනම් හොද නැහැ..නේද..

ඔබව සාදරයෙන් පිලිගන්නවා.......

ඉලංදාරියා said...

කුෂාන් ඇස් .වන්නිආරච්චි ..ට

එකනම් ඇත්ත....වැටිලා නැහැමචන්.....

ස්තුතියි ...ඉමෙල් එක ලැබුනා....පිලිතුරු බලාපොරොතුවන්න..

ඉලංදාරියා said...

පිස්සා පලාමල්ල ට

උබ අහලා තියන ප්‍රශ්නවලට ඉක්මනටම පිලිතුරක් දෙන්නම්..මම .......


ප්‍රාර්හ්ට්නාව ගොඩක් ස්තුතියි...

ඉලංදාරියා said...

දුමී..ට

ස්තුතියි අය්යා ..

සාදරයෙන් පිලිගන්නවා මේ ඉසවුවට.........

ඉන්දික උපශාන්ත said...

යාලුවො කොච්චර හිටියත් ඔහොම කෙළෙහිගුණ දන්න උන් කී දෙනාද ඉතුරුවෙන්නෙ? උඹ හරි පිංවන්තයෙක් මිත්‍රය..මෙහෙම හරි අඳුනගන්න ලැබීම ගැන අවංකවම සතුටුයි...හිත හිරකරන ඒ සටහන ලියපු යාලුවා...ඔබටත් තෙරුවන් සරණයි.

ඉලංදාරියා said...

ඉන්දික උපශාන්ත

ස්තුතියි සහෝදරයා .....

Jay said...

ඇත්තටම අගෙයි.
මෙහෙම මිතුරන් වාසනාවක්.

Anonymous said...

තෙරුවන් සරණයි

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This