Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, July 5, 2010

PostHeaderIcon මගෙ සිත පුරා නුබේ පියවර තබා.....



මගෙ සිත පුරා නුබේ පියවර තබා
නොසිතු මොහොතක ඇවිත් මා අතරමන් කලා
පිච්ච මල් සුවද මගේ හදවත පුරා
නුබ තවම මගේ ලගින් සිටින බව මට ඉගි කලා

කල්පනා සාගරේ මට කිමිදෙන්නවේ
මගේ පුන්චි හදවතේ නුබෙ මතකය ‍රැදේ
මොහොතකුදු නෙතුපියා ගන්න මට ඉඩක් නැහැ
නෙතු දැලේ නුබ ඇවිත් සිහසුන අරා රජකලා

සුලගේ මේලෙස සත්සර මා මුසුකලා
නුබ කොහේ සිටියමුත් ඇසේ යයි කියා
නුබ ලොව හැරගිහින් මෙලොව මා තනිකලා
මටත් එන්නට කියන් නුබ දැන් කොහේ කියා


9 comments:

Anonymous said...

ඇය ගිය මඟම ඔබ යා යුතුමයි කියලා
ඇයි සිතනුයේ තම සිත මත දුක තියලා
පිච්ච මල් සුවඳ ඔබෙ මතකයේ තියා
හිතට දිරි ගන්න නුඹ වටින්නේ එය නිසා

තමන්ට යමක් කරන්න පුලුවන් කියලා හිතුවොත් ඒ දේ වෙන්න තියන ඉඩ කඩ ගොඩක් වැඩී..
ඒ නිස මේ වෙලාවේ මෙහෙම නොසිතා ඉන්නවා නම් මම ඇත්තටම ගොඩාක් කැමතියි..
මම මෙහෙම කිව්වේ ඔයා දිල්ගේ බ්ලොග් එකේ කමෙන්ට් වලට ලියන දේවල් මම කියවන නිසයි.

Shadow/හේමලයා said...

දුක්බර සිතිවිල්ලක්.....
නමුත් අගේ ඇති ලියැවිල්ලක්.......
ජීවිතයම එක රැවටිල්ලක්.....
කවදා ලැබේවිද සැනසිල්ලක්......

මැණික්(සුළඟ) said...

නුඹ කොහේ සිටින මුත් ඇසේ යැයි සිතා
මා කීව කවි ගීත මහමෙරක් වුනා

සෝරෝ said...

මගෙ සිත පුරා නුබේ පියවර තබා
නොසිතු මොහොතක ඇවිත් මා අතරමන් කලා

දුක්බර සිතුවිල්ලක් ලස්සනට ගලපලා..
ලස්සනයි මචං...

ඉලංදාරියා said...

නිමන්ති ට

මේසිතුවිල්ල මගේ හිතේ ඉපදුනාට මේවගේ දෙකට ම්ම මුහුන දිලා නැහැ.....කවමදාකවත් වෙන්නත් එපා...මම දන්නවා මට එහෙම උනොත් දාරාගන්න බැහැ......මම අදටහ් ගිවත් වෙන්නේ මට ලැබෙන අදරේ ගින්දා....මගේ ලොකේ ඒ ආදරේ ඇරෙන්න ...සම්ම්පුර්නයෙන් ම හිස්කරලයි මම ඉන්නේ .....

දිල් ගේ බ්ලොග් එකේ මම ඒවගේ කොමෙන්‍ටු දාන්නේ මම දැන් ඉන්න් තත්වය හරියටම දන්න එකම එක්කෙනා දිල් අක්කා විතරක්ම හිදා ..එයාගේ මතකය අහුලනකොට .... මට එක හොදටම දැනෙන හින්දා ..... මම ගෙවන්නේ ජිවිත්යත් මරණයත් අතර ජිවිතයක් නොවුනට ..මෙහෙම් ජිවත් වෙනවට වඩා හොදයි...මැරෙන එක......මෙක විසදුමක් නෙවෙයි...මම දන්නවා...මට බන්නින්න එපා........මම තම මැරෙන තනන ...වැටිලානැහැ...මම අයෙත් නැගිටින්න උත්සහ කරමින් ඉන්නේ.... මට ඔනේ නැගිටින්න ..... මම වගේම තව ..අය්ට උදවු කරන්න .... මේ ලොකේ අයට මට කියන්න් අතව ගොඩක් දෙවල් තියන්වා.... මම පටන්ගත්ත වැඩ හැමදෙම මග නතර උන්න්ට මට ඔනේ හැමදෙම ඉවරයක් දකින්න....එකයි තාමත් ම්ම හිත හදාගෙන ගිවත් වෙන්නේ....මොනතරමට හිත හදාගතත් ...සමහර වෙලාවට ..හිත මත හොරෙන් කඩාගෙන වැටෙනවා......


ස්තුතියි...හැමදෙකටම .....මම ගැන සොයාබලනවට......

ඉලංදාරියා said...

හේමලයා ට .......

මමත් බලගෙන ඉන්නේ ජිවිතයට සැනසිල්ලක් ලැබෙනකම්........

ජය ඔබ ට

ඉලංදාරියා said...

මැණික් (සුළග) ට..

ස්තුතියි ප්‍රතිචාරයට

Jay said...

සුපිරි..

ඉලංදාරියා said...

සොරෝ ට


@ Ansh Lucky Sri Jay
ස්තුතියි මචන්...
..කොමෙන්‍ටුවට...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This